මේ රෝගය මර්ස් කොරෝනා වෛරස් ආසාදනය ලෙස
හඳුන්වයි. මිඩිල් ඊස්ට් රෙස්පිරටරි සින්ඩ්‍රොම් කොරෝනා වෛරස් රෝගය මුලින් ම
වාර්තා වන්නේ 2012 වසරේ අප්‍රේල් මාසයේ සවුදි
අරාබියෙන් ය. කොරෝනා වෛරස් ආසාදන රෝගය පිළිබඳව අදාළ කරුණු මුලින් ම සොයා ගන්නේ
ඊජිප්තුවේ වෛද්‍යවරයකු විසිනි. මෙහිදී වෛද්‍යවරු බොහෝ දෙනා අනුමාන කළේ සාර්ස්
වෛරස් රෝගය හා සසඳමින් එම රෝගයේ තවත් වර්ධනයක් ලෙසට ය.
සාර්ස් රෝගයේදී පෙනහලු ආශ්‍රිත ආසාදන තත්ත්වයක් වර්ධනය වී නිව්මෝනියා
ඇතිවේ. එහෙත් සාර්ස් වකුගඩු ආශ්‍රිත රෝග තත්ත්වයක් දක්වා වර්ධනයවීමක් සිදු නොවෙයි.ඊජිප්තු
වෛද්‍යවරයා ඇතුළු වෛද්‍ය කණ්ඩායම මර්ස් රෝගය ගැන වැඩිදුරටත් කරන ලද පරීක්ෂණවලදී
නිව්මෝනියාව වැලඳී අවසානයේ දී වකුගඩු දක්වා පැතිර ගොස් වකුගඩු අකර්මණ්‍යවී රෝගියා
මරණයට පත්වීම ද සිදුවෙන බව සොයා ගත්තේ ය.
මේ රෝගය අපේ රටෙන් වාර්තාවීමක්
සිදුවුවහොත් රජයේ රෝහල්වලට එන මෙවැනි සැක සහිත රෝගීන්ගේ පරීක්ෂණ වාර්තා සිදුකරන්නට
පහසුකම් පවතින්නේ රජයේ වෛද්‍ය පර්යේෂණායතනයට ය.
මර්ස් කොරෝනා වෛරස් ආසාදන නවතම රෝගයේ රෝග
ලක්ෂණ ලෙස පෙන්නුම් කරන්නේ සතියක් පමණ තිබෙන උණ, හුස්ම ගැනීමේ අපහසුතාව කෙටි හුස්ම ගැනීම
සහ ඉන්පසු රෝග තත්ත්වය අසාධ්‍ය බවට පත්වී නිව්මෝනියා දක්වා වර්ධනය වීමත් අනතුරුව
වකුගඩු දක්වා රෝග තත්ත්වය ව්‍යාප්ත වී රෝගියා මිය යාම ය. විශේෂයෙන් ම මැද පෙරදිග
රටවලට ගොස් එන පිරිස් වැඩි වෙමින් පවතින නිසා උණ රෝග ලක්ෂණ සතියක් සති දෙකහමාරක්
පමණ වුව ද පැවතියහොත් වෛද්‍යවරයකු හමු වී පරීක්ෂණ කිරීම උචිතය. වෛරසය ශරීර ගත වී
රෝග ලක්ෂණ ඇතිවෙන්න දින 12 ක් පමණ ගතවෙයි.
පරීක්ෂණය සඳහා රෝගියාගේ සෙම් සොටු දියර ගැනීම සිදු වෙයි. මේවා ඉන්පසුව
පරීක්ෂණයට ලක්වන්නේ ඉලෙක්ට්‍රොනික අන්වීක්ෂක උපයෝගි කරගෙන ය. මෙවැනි පරීක්ෂණයක්
සඳහා රුපියල් 10,000 - 15,000
මුදලක් වැය කිරීමට සිදුවෙයි. රජයේ රෝහල්වලට මෙවැනි රෝගීන් පැමිණියහොත් ඔවුන් ගෙන්
රෝග නිශ්චයට ගන්නා සාම්පල පරීක්ෂා කරන්නේ නොමිලයේ ය.
මර්ස් රෝගය පැතිරයාම වැළැක්වීමට නම් තප්පර 20 බැගින්වත් අත සේදිය යුතු
බවට සහ කහින හෝ කිඹුහුම් අරින විට මුඛය සහ නාසය ටිෂූවලින් වසා ගත යුතු බවට රෝග
මර්ධන සහ වැළැක්වීමේ අමෙරිකන් මධ්‍යස්ථානය පෙන්වා දී තිබේ.ඇස් , නාසය සහ මුඛය නිතර ස්පර්ශ කිරීමෙන් වැළකී සිටිය යුතු අතර
රෝගියාගේ භාජන පාවිච්චි කිරීමෙන් වැළකීම මෙන්ම පෞද්ගලික ස්පර්ශයෙන්ද වැළකී සිටිය
යුතු වේ.
රෝගියාගේ
ස්පර්ශයට ලක්වන ස්ථාන නිරතුරුව විෂබීජ නාශක යොදා පිරිසිඳු කළ යුතු බව රෝග මර්ධන
සහ වැළැක්වීමේ අමෙරිකන් මධ්‍යස්ථානය වැඩිදුරටත් පෙන්වා දී තිබෙනවා.
මර්ස්
වෛරසය පැතිරීයාම හේතුවෙන් දකුණු කොරියාව ප්‍රබල ගැටලුවකට මුහුණ දී ඇතිඅතර
මුලින්ම හඳුනාගත් සෞදි අරාබියාවේ හැරුණු කොට එම වසංගතය තදින්ම පැතිර ඇත්තේ
දකුණු කොරියාවේයි.ශ්‍රී ලාංකිකයින් විශාල පිරිසක් එහි සේවය කිරීමද අවදානමකි.මර්ස්
වෛරස් ආසාධිතයන් බවට සැක පිට 2500 කට අධික
පිරිසක් නිවෙස්වල හෝ සෞඛ්‍ය මධ්‍යස්ථානවල රඳවාගෙන සිටිනඅතර වසංගතයට වැඩි වශයෙන්
ගොදුරුවි ඇත්තේ වැඩිහිටියන් බවයි පැවසෙන්නේ.
මේ වෛරසය කරලියට පැමිණ තවමත් ගතවී ඇත්තේ අවුරුදු තුනක් තරම් කෙටිකාලයක්
නිසා එහි මූලාරම්භය හෝ එය පැතිර යන ආකාරය පිළිබඳ වෛද්‍යවරුන්ටපවා තවමත් නිශ්චිත
අවබෝධයක් නොමැති අතර එම වෛරසය පහසුවෙනමිනිසාගෙන් මිනිසාට බෝ නොවන බව නිගමනය කර තිබේ.
පී.ඩී.පී.ධනසේන
විද්‍යා හා තාක්ෂණ නිලධාරී
0 comments:
Post a Comment