June 4, 2015

ඇදීමෙන් බලශක්තිය නිපදවන රබර්

 
ඇදීමෙන් බලශක්තිය නිපදවිය හැකි රබර් නිසා Trampoline (ට්‍රැම්පොලයින්) නම් රබර් මගින් බලශක්තිය (විදුලිය හා අනෙක්) ලබා ගන්නා නිවාස ඉදිරියේදී නිර්මාණය වනු ඇත.

ස්ඵටික රූපි ද්‍රව්‍ය වන පිඟන් භාණ්ඩ සහ තිරුවානා ඇඳීමෙන් හෝ හැකිලීමෙන් (සම්පීඩනය) ඒවා විදුලි බලය නිපදවයි. එම විදුලි බලය Piezoelectricity යයි නම් කර ඇති අතර එම බලයම රබර් වලදී ද නිපදවිය හැකි බව ජපාන ඉලෙක්ට්‍රොනික සමාගමේ Ricoh (රිකෝ) පවසයි.

ව්‍යාජ විදුලිය (Piezoelectricity) නිපදවන වෙනත් ද්‍රව්‍ය මෙන් නොව රබර් නොබිඳෙන සහ සැහැල්ලු ද්‍රව්‍යයකි. එය සංවේදක බලගැන්වීම සඳහා වඩාත් යෝග්‍ය වේ. මිලියන සංඛ්‍යාන වාරයක් මෙවැනි රබර් පිළිබඳ පරීක්ෂණ පවත්වා ඇති නමුත් වෙළෙඳපොල සඳහා නිකුත් කරන දිනය මෙතෙක් අනුමාන කර නැති බව රිකෝ තවදුරටත් පවසයි.

එදිනෙදා භාවිතා වන ආලෝකය, විදුලිබල්බ, ශීතකරණ, උෂ්ණත්ව පාලක වැනි බොහෝ දේවල් එකිනෙක සම්බන්ධ කර අන්තර්ජාලය ඔස්සේ ක්‍රියාත්මක කිරීමේ සංකල්පය වූ අන්තර්ජාල උපකරණ  යුගයට මෙම නව රබර් තාක්ෂණයෙන් පහසුකම් සැලසීම සඳහා සමාගම උනන්දුවෙන් කටයුතු කරයි. එමගින් සියලු උපකරණ එකිනෙක සම්බන්ධ කරමින් අන්තර්ජාලය ඔස්සේ දුරස්ථව ක්‍රියාත්මක කළ හැකිවේ.


උපුටා ගැනීම - This sheet of Rubber generates power as it stretches

0 comments:

Post a Comment