June 12, 2015

අළුයම පිබිදීම හෝ ප්‍රමාද වී නිදා ගැනීමේ රහස

ඔබ අළුයම පිබිදීමට කැමතිද? එසේ නැතිනම් රාත්‍රියේ ප්‍රමාද වී නින්දට යෑමට කැමතිද? මේ සඳහා ඔබගේ පිළිතුර බොහෝ විට වයස හා බැඳේ. එහෙත් එය ජාන වල බලපෑම සිදුවන්නක් බව පැහැදිලි වෙමින් පවතියි. විද්‍යාඥයින් විසින් මෙම දෙආකාර කැමැත්තට බලපාන ජාන වෙනස්කම් හදුනාගෙන තිබේ. අළුයම පිබිදීම හෝ ප්‍රමාද වී නිදා ගැනීම පුරුද්ද පාරම්පරිකව සිදුවන බව පැහැදිලි වී ඇත. ඒ සඳහා පවුල්වල ජාන සම්බන්ධය බොහෝ සේ බලපා තිබේ. 

ඔබ බස්සා හෝ ලාක්  (උදෑසන ගී ගයන කුරුල්ලෙක්) යන කුරුලු වර්ගවලට අයත් වීම පිළිබඳ සැඟවී ඇති රහස් පර්යේෂකයින් විසින් හෙළි කරමින් පවතී. කුරුල්ලන් විශේෂයක්‌  (Fruit Flies) යොදා ගනිමින් උන්ගේ මෙම චර්යා වර්ග දෙක අනුව පවතින ජානමය සුවිශේෂී බව පිළිබඳව කළ අධ්‍යයනයන වාර්තාව Frontiers Neurology සඟරාවේ පළවිය. මෙම ජීව විශේෂ වල (ජානමය කාල) “Genetic Clock” මනුෂ්‍ය  වර්ගයාට බොහෝ සේ සමාන වේ. ඒ නිසා උන්ගේ ජාන වෙනස්කම් මිනිසුන් කෙරෙහි ද යොදා ගත හැකි යැයි පර්යේෂකයෝ උපකල්පනය කරති. ජාන පිළිබඳ පූර්ණ පර්යේෂණයකින් පසුව ආසන්න වශයෙන් Fruit Flies ගේ ජාන ලක්ෂන 80 ක් පමණ මෙම චර්යා වෙනසට බලපාන බව පර්යේෂකයෝ හදුනාගෙන තිබේ.

බොහෝ මිනිසුන්ට උපරිම කාර්යක්ෂමතාවක්‌ දක්වන යම් දිනක සුවිශේෂී වේලාව පිළිබඳ දැනුමක් තිබේ. පර්යේෂණයේ එක් සම කතෘවරයෙකු වූ ආචාර්ය Eran Tauber පවසයි. සෞඛ්‍යය හා චර්යාවේ සුවිශේෂීතාවයට හේතුවන විභව පිළිබඳ වාර්තාගත වී ඇති නමුත් එහි අණුක/සූක්ෂම පදනම බොහෝවිට හදුනාගෙන නොමැත.

 දිනයේ කුමන වේලාවක මෙම සතුන් තම පිලව (Pupal Case)  අවස්ථාවෙන් නැඟී සිටී ද යන්න පරීක්ෂා කිරීම මගින් චර්යාවට ඇති කැමැත්ත හෝ කාලානු ක්‍රම වර්ග දෙකක් Leiester විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් හදුනාගෙන තිබේ. එමගින් එකම ජාන වර්ගයක් මෙම කාලානුක්‍රම වර්ග දෙක සඳහා විවිධ කාලවලදී ක්‍රියාශීලී වූ නමුත් එවිට එම ජාන තුලම වෙනස් ලක්ෂණ පිළිඹිබු කරන ලදී. කලින් පිබිදීම හා ප්‍රමාද වී නිදා ගැනීම සඳහා අදාල වන ජානමය කාලය (Genetic Clock) විවිධාකාර වේ. ඒ නිසා මිනිසුන් උපරිම ක්ෂමතාව දක්වන කාල පරාසය විවිධාකාර වන බැවින් සෑම සේවයකුගෙන්ම පෙ.ව. 8.00 - ප.ව. 5.00 අතර කාලයේදී  කාර්ය සඳහා උපරිම කාර්යක්ෂමතාව ලබාගත නොහැකි වේ. මිනිසුන්ගේ විවිධත්වය හදුනාගෙන ඒ අනුව ඔවුන් කාර්යයන් සඳහා යෙදවීමෙන් වඩා වැඩි ඵලදායීතාවයක් ළඟා කර ගත හැකිබව පර්යේෂකයන්ගේ මතයයි.

උපුටා ගැනීම -

Scientists Identify Genetic differences between early risers and late sleepers

https://www.youtube.com/watch?v=BPJ0729NVjw

0 comments:

Post a Comment