June 4, 2015

මෙවලම් භාවිතා කරන අපෘෂ්ඨවංශීන්

බූවල්ලා සහ පොල්කටු යන වචන අතර සම්බන්ධතාවය අසාමාන්‍යය. එමනිසා මුහුදු වෙරළේ තිබූ පොල්කට්ටක් රැගෙන යන බූවල්ලාගේ මෙම වීඩියෝව සිත් ගන්නා සුළුය. එය විශාල බඩුමල්ලක් රැගෙන යෑමේ ක්‍රියාවලියක් බඳුය. එපමණක් නොව පොල්කටුව තුලට වී පොල්කටුව වසා ගන්නා ආකාරයෙන් පරිසරයේ ද්‍රව්‍ය මෙවලම් ලෙස ඌ භාවිතා කරන අයුරු පැහැදිලි වේ.

දැනට වසර කිහිපයකට පෙර විද්‍යාඥයින් බූවල්ලන් සහ පොල්කටු අතර සම්බන්ධතාව හඳුනාගෙන තිබුණ ද පර්යේෂකයෝ පළමු වරට එය නිරීක්ෂනය කළේ 2009 වසරේදීය. මුලින් බූවල්ලා පොල්කටුව රැගෙන යන අයුරුත් ඉන්පසුව එයින් තමා ආවරණය කර ගන්නා ආකාරයෙන් පටිගත කරගෙන තිබේ. මෙය අපෘෂ්ඨවංශීන් පරිසරයේ ද්‍රව්‍ය මෙවලම් ලෙස භාවිතා කිරීම පිළිගැනීමේ ප්‍රථම අවස්ථාව විය.

එතැන් සිට බූවල්ලාග් සමට ආලෝකය සංවේදී බව ඉගෙන ගැනීමට, බූවල්ලාට ඡායාරූප ගැනීම සඳහා පුහුණු කිරීමට සහ බූවල්ලාගේ අඬු වලට සමාන ග්‍රාහක සහිතව ක්‍රියාකළ හැකි යාන්ත්‍රික (රොබෝ) ශල්‍යවෛද්‍යවරයෙක් නිර්මාණය කිරීමට අපට හැකි වී තිබේ. ග්‍රාහක හෙවත් අත් කිහිපයකින් වැඩ කළ හැකි බූවල්ලාගේ ක්‍රමය සහිත යුගයක් ඉදිරියේදී ඇති වීම පුදුමයක් නොවේ.


වීඩියෝව නරඔන්න.


උපුටා ගැනීම - 
This octopus carrying a coconut might be the cutest thing ever by Mary Beth Griggs.
https://www.youtube.com/watch?v=zaE-LwDowcU

0 comments:

Post a Comment