ප්‍රෝටීනවල තැනුම් ඒකකය ඇමයිනෝ අම්ල
වේ.සරලතම ඇමයිනෝ අම්ලය ග්ලයිසීන් වන අතර ප්‍රෝටීන ජීර්ණයේ අන්ත ඵලය වන්නේද ඇමයිනෝ
අම්ලයි. ඒ අනුව ප්‍රෝටීන ජීර්ණය වූ පසු අපේ රුධිරයට අවශෝෂණය වන්නේ ඇමයිනෝ අම්ල
ලෙසය.ප්‍රෝටීන අපේ ශරීරයේ වර්ධනයට අත්‍යවශ්‍ය වන පෝෂණ සංඝටකයකි. එනිසා ම ප්‍රෝටීන
බහුල ආහාර වර්ග තම ආහාර වේලට එක්කර ගැනීමට සියලු දෙනාම පාහේ විශාල උනන්දුවක්
දක්වති. එහෙත් ප්‍රෝටීන් භාවිතය පිළිබඳ සමාජයේ ඇතැම් පිරිස් අතර පවතින්නේ තරමක්
සාවද්‍ය අදහස් බව නම් නො කියාම බැරි කරුණකි. දැන් අපි මෙබඳු මිත්‍යා අදහස් කිහිපයක්
විමසා බලමින් ඒවා නිවැරැදි කරගන්නට උත්සහ කරමු. හොඳ ශරීර සෞඛ්‍යයක් පවත්වාගෙන යාම
සඳහා ඉතා විශාල ප්‍රෝටීන් ප‍්‍රමාණයක් දිනපතා අවශ්‍ය වේ.
එළවළුවල ප්‍රෝටීනඅඩංගු නොවන බවට මතයක් ඇතත් සාමාන්‍යයෙන් අප එදිනෙදා ආහාරයට එක්කර
ගන්නා බොහෝ එළවළු හා මාංශ ආහාරවල ප්‍රෝටීන් බහුලව අඩංගු වේ. දඹල, මෑ වැනි රනිල කුලයේ එළවළු හා මස්. මාළු . කිරි හා බිත්තර
ද ඒ අතරින් ප‍්‍රධාන වේ. මේ සියල්ලෙන් ලැබෙන ප්‍රෝටීනවලින් අපේ සිරුර විසින්
අවශේෂණය කරගනු ලබන්නේ එකත්රා සීමිත ප‍්‍රමාණයකි. ඒ නිසා මහා පරිමාණයෙන් ප්‍රෝටීන්
ආහාර වශයෙන් ලබා ගැනීම අනවශ්‍ය කටයුත්තකි.
මේ තාක් සිදුකරන ලද පර්යේෂණවලට අනුව හෙළි
වී ඇත්තෙ, කය වෙහෙසා කී‍්‍රඩා කිරීමේ
දී වුව ද කිසිදු වැඩිපුර ප්‍රෝටීන් ප‍්‍රමාණයක් ශරීරය උකහා නො ගන්නා බවයි. වෙහෙසකර
කී‍්‍රඩා අභ්‍යාසයන්හි යෙදෙන කී‍්‍රඩකයන්, අධික ප්‍රෝටීන ප‍්‍රමාණයක් ලබාගත හොත් ඇතැම්විට එය ඔහුට හානිකර ද විය හැකි
ය. එනම් ඔහු ගේ වෙහෙසකර බව වැඩි වීමට මෙම ප්‍රෝටීන් අතිරික්තය ඉවහල් වන බැවිනි.
පෝෂණ විශේෂඥයන් ගේ නිර්දේශයට අනුව කී‍්‍රඩකයන්ට අවශ්‍ය වන්නේ අමතර ප්‍රෝටීන ප‍්‍රමාණයක්
නොව,
වැඩිපුර කාබෝහයිඩ්‍රේට ප‍්‍රමාණයකි.
එමඟින් අමතර ශක්තියක් ලබාගැනීමට අවශ්‍ය වැඩිපුර කැලරි ප‍්‍රමාණය ඔවුනට සැපයේ. එ
නිසා සමබල ආහාර වේලක් සමඟ මඳක් වැඩියෙන් පිෂ්ඨ ආහාර, කෑම වේලට එක්කර ගැනීම කී‍්‍රඩකයන් සඳහා යෝග්‍ය ය.
මාංශ ආහාර අප සිරුරේ මස් පිඩු වර්ධනය සඳහා
කෙළින්ම බලපායි. මස්වල අඩංගු ප්‍රෝටින, තවත් ශරිරයක මාංශ පේශි වර්ධනය සඳහා කෙළින්ම දායක නො වේ. අනෙකුත් ආහාරවලින්
ලැබෙන ප්‍රෝටීන් මෙන් ම, මාංශ ප්‍රෝටීන් ද ශරිරය
තුළ දී බඳුන් වන්නේ එක ම කි‍්‍රයාවලියකටයි. වෙනකක් තබා ඇතැම් අවස්ථාවල දී
කාබෝහයිඩේරටවලින් ද ප්‍රෝටීන නිපදවා ගැනීමට අපේ සිරුරට හැකියාව ඇත. එමෙන් ම
ආහාර වේලෙහි කාබ්‍රෝහයිඩ්‍රේට ඌනතාවක් පවතින අවස්ථාවක දී, ප්‍රෝටීන ද ශක්ති ප‍්‍රභවයක් ලෙස ශරිරය විසින් භාවිත
කරනු ලබන බව මේ වන විට අනාවරණය වී ඇත. ප්‍රෝටීන ආහාරවල අඩංගු වන්නේ අඩු කැලරි ප‍්‍රමාණයකි.
ආහාරවල අන්තර්ගතවන එක් කාබෝහයිඩ්‍රේට ග‍්‍රෑමයකින් ශක්තිය කැලරි 4ක් අපේ ශරීරයට ලැබේ. ප්‍රෝටීන ග‍්‍රෑමයකින් ලැබෙන්නේ ද
එයට සමාන කැලරි ප‍්‍රමාණයකි.
ඇතැම් අය පවසන පරිදි, සිරුරේ ඇති මේද පුළුස්සා දැමීමේ ශක්තියක් ප්‍රෝටීන්වලට
ඇත. මෙය වැරැදි මතයකි. ශරීරයේ බර අඩුකර ගැනීමට නම් කළ යුතු වන්නේ ආහාර වේලෙහි ඇති
පිෂ්ට ආහාර ප‍්‍රමාණය අඩු කිරීමයි. ඒ අනුව කෙට්ටුවීම සඳහා වැඩිපුර ප්‍රෝටීන් අනුභව
කිරීමෙන් යහපත් ප‍්‍රතිඵලයක් උදා නොවෙයි. මෙලෙස වැඩිපුර ප්‍රෝටින් භාවිතය නිසා , සිරුරේ වකුගඩු ද අධික වෙහෙසකට පත්වන බව නවතම පර්යෙෂණවලට
අනුව හෙළි වී ඇත. වැඩිමහලු පුද්ගලයනට ප්‍රෝටීන එතරම් අවශ්‍ය නැත. මන්ද යත් ඔවුන්
ගේ වර්ධන අවස්ථාව පසු වී ඇති බැවිනි. ළදරුවන්ට සහ වැඩෙන අවස්ථාවේ පසුවන ළමයින්ට
වැඩිපුර ප්‍රෝටීන ප‍්‍රමාණයක් අවශ්‍ය වුවද, සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් සඳහා සියලු දෙනාටම ප්‍රෝටීන යම් පමණකට අවශ්‍ය වේ.
විශේෂඥවරුන් පවසන ආකාරයට වැඩිමහලු පුද්ගලයෝ සිය දෛනික කැලරි අවශ්‍යතාවෙන් සියයට 12කට නො අඩු ප‍්‍රමාණ්‍යක් ප්‍රෝටීන මගින් සපුරා ගනිති.
සැබවින්ම කුඩා ළමයින් ගේ දිනපතා කැලරි අවශ්‍යතාව වෙනුවෙන් ද ප්‍රෝටීන් මඟින්
සැපයෙන්නේ මෙයට සමාන දායකත්වයකි. ප්‍රෝටීන අඩංගු රුව වඩවන ආලේපන සහ ෂැම්පු මගින්
සමට සහ හිසකෙස්වලට පෝෂණය ලබා දෙක බවට මතයක් ඇතත් හිසකෙස් හා සම නිර්මාණ වී ඇති සෛල මඟින් ප්‍රෝටීන, සිරුරට අවශෝෂණය කර ගැනීමක් සිදු නො වේ. සැබෑවට ම
සිදුවන්නේ සම මතුපිට සහ හිසකෙස් මතුපිට පමණක් යම් කිසි සජිවි බලපෑමක් මෙබඳු ආලේපන
මඟින් සිදු වීමයි.
අන්තර්ජාලය ඇසුරිනි.
පී.ඩී.පී.ධනසේන
විද්‍යා හා තාක්ෂණ නිලධාරී
2 comments:
*සාමාන්‍යයෙන් අප එදිනෙදා ආහාරයට එක්කර ගන්නා බොහෝ එළවළු හා මාංශ ආහාරවල ප්‍රෝටීන් බහුලව අඩංගු වේ.
* එළවළු තුළ ප්‍රෝටීන් අන්තර්ගත නො වේ. සෑම එළවළුවක ම පාහේ යම් පමණකට ප්‍රෝටීන් අඩංගු වේ.
* ප්‍රෝටීන අඩංගු රුව වඩවන ආලේපන සහ ෂැම්පු මගින් සමට සහ හිසකෙස්වලට පෝෂණය ලබා දේ.
* හිසකෙස් හා සම නිර්මාණ වී ඇති සෛල මඟින් ප්‍රෝටීන, සිරුරට අවශෝෂණය කර ගැනීමක් සිදු නො වේ.
මේ වගන්ති වල පරස්පරතාවයක් ඇතැයි පෙනේ.එසේ නොමැතිනම් ,සාවද්‍ය අදහස හයිලයිට් කර නිවැරදි පැහැදිලි කිරීම වෙන වෙනම ලියුවානම් කියවීමේදී ගැටළුවක් ඇතිනොවේ යයි සිතමි.
ඔබගේ අදහසට ස්තුතියි
Post a Comment