June 5, 2015

ඔබේ මොළයේ කුඩා ආකෘතියක් පර්යේෂණ දීසියට

මානසික ආබාධ සඳහා ලබා දෙන වට්ටෝරු ගත ඖෂධ ලබාදීම බොහෝ විට ඉතා ආරක්ෂාකාරීව කළ යුතු අන්තරාදායක ප්‍රතිකාර ක්‍රමයකි. එකම රෝගය සඳහා ලබා දෙන ඖෂධ එක් එක් පුද්ගලයා අනුව විවිධාකාරයෙන් බලපාන අතර එකම පුද්ගලයා සඳහාද කාලයක් සමග එකම ඖෂධ විවිධාකාර බලපෑම් ඇති කරයි.

රෝගියාගේ මොළයේ මස්තිෂ්ක වල්කය හී (cerebral cortices) කුඩා ආකෘතියක් පර්යේෂණ දීසිය මත නිර්මාණය කිරීමට දැන් වෛද්‍යවරයාට හැකියාව තිබේ. එමගින් යම් යම්  ඖෂධ ඒ ඒ පුද්ගලයාගේ ආකෘති මොළවල ක්‍රියාත්මක වීම පිළිබඳව බාහිරව නිරීක්ෂණය කිරීමට වෛද්‍යවරයාට හැකියාව ලැබේ. එවිට අදාල ප්‍රතිකාරය එක් එක් පුද්ගලයාගේ මොළයන් සඳහා සුදුසුවන්නාවූ සුවිශේෂී ඖෂධ හදුනාගෙන රෝගියාට වඩාත් නිවැරදිව ප්‍රතිකාර කල හැකිවේ.

පෙරදී පර්යේෂකයෝ රෝගියාගේ සමෙන් Stem සෛල ඉවත් කර ගැනීමට  සහ එම Stem සෛල පර්යේෂණගාරයේදී නියුරෝන බවට වර්ධනය කිරීමට හැකි  ක්‍රම දැන සිටියහ. එහෙත් නියුරෝන සඳහා යෝග්‍යවන ඖෂධ පර්යේෂණවලදී හඳුනාගත්ත ද  එමඟින් ඖෂධ, මොළයේ පරිපථ පද්ධතියට කෙසේ බලපාන්නේද සහ මොළය ඒ ඖෂධ හා කෙලෙස සන්නිවේදන වන්නේ දැයි පිළිබඳ තොරතුරු පර්යේෂකයන් ලබා ගැනීමට අපහසු විය. මෙම නව තාක්ෂණය මගින් ඒ ඒ පුද්ගලයාට ආවේනික වූ සුවිශේෂ ඖෂධ යොදා රෝගීන්ට ප්‍රතිකාර කිරීමට වෛද්‍යවරයාට හැකිවීම නිසා මොළයේ ආබාධ සදහා  වඩාත් සාර්ථක ප්‍රතිකාර ක්‍රමයක් ඇති වී තිබේ. මෙම තාක්ෂණයේ දියුණුවත් සමග  ශරීරයේ වෙනත් රෝග සඳහා ද පුද්ගලයාට ආවේනික ඖෂධ නුදුරු අනාගතයේදී  නිර්මාණය වීම බලාපොරොත්තු විය හැකිය.


උපුටා ගැනීම -

Your doctor could grow a tiny version of your Brain in a dish.

https://www.youtube.com/watch?v=sH9KCHiuu8E

0 comments:

Post a Comment