June 19, 2015

වේදනාව දනවන ජානය සොයාගනී.

උදේ පාන්දර ඔබගේ කකුලේ මහපටඟිල්ල ඇඳේ දාරයක වැදුණු විට දැනෙන වේදනාව එතරම් සුන්දර නොවේ. එහෙත් වේදනාව දැනීමේ හැකියාව ඉතා වැදගත් බව පර්යේෂකයෝ ප්‍රකාශ කරති. එමගින් අප ඉතා දරුණු ලෙස ආබාධයකට පත්වීමට හැකියාව ඇති ස්වභාවධර්මයේ අනතුරු පිළිබඳව අපට අවවාද කර අනතුරු වලින් වළක්වා ගනියි. වේදනාව දැනීමේ හැකියාව නොමැති අය බොහෝ ආබාධ වලට ගොදුරු වන අතර බොහෝවිට ඉතා කෙටි ජිවිත කාලයක් ගත කරයි. එවැනි පුද්ගලයින් සම්බන්ධ කරගෙන කළ පර්යේෂණ මගින් වේදනාව දැනීම සඳහා අත්‍යාවශ්‍ය හා මූලික වන වේදනාව දනවන නියුරෝන විද්‍යාඥයින් විසින් සොයාගෙන ඇතැයි සිතිය හැකිය. Journal Nature Genetics සඟරාවේ පළ කල අධ්‍යයනයකට අනුව වේදනාව කිසිසේත් නොදැනෙන අයට මෙන්ම වේදනාව ප්‍රමාණයට වඩා දැනෙන පුද්ගලයින් සඳහා වේදනාව පාලනය කරන ප්‍රතිකාර ක්‍රමයක් සොයාගැනීමේ පදනම එමගින් ඇති වී ඇතියි වාර්තා වේ.

වේදනාවට සහජයෙන් අසංවේදී සමග Anhidrosis නම් දුර්ලභ රෝගයෙන් පෙළෙන රෝගීන්ට වේදනාව නොදැනේ. කෙසේ වෙතත් වේදනාව නොහඳුනන ජීවිත තමන්ගේම වූ මාරාන්තික දුකකින් පෙළෙන බව Guardian පුවත්  පත  සඳහන් කරයි. මේ සඳහා ප්‍රසිද්ධ උදාහරණයක් නම් එක්සත් ජනපදයේ වෙසෙන 16 හැවිරිදි Ashlyn Blocker දරුවාය. ඇය වරක් වේදනාව නොදැනීම නිසා උතුරන උණුවතුර භාජනයකට අත දමා ඇයගේ අත සම්පූර්ණයෙන් පුළුස්සා ගෙන තිබේ.තවද ඇය මෙවැනි අනතුරු බොහොමයකට භාජනය වී ඇත.

පර්යේෂකයෝ ජානමය වෙනස්කම් දක්වන සිතියම් භාවිතා කර යුරෝපයේ සහ ආසියාවේ විවිධ ජාන සහිත පවුල 11 ක් හඳුනා ගන්නා ලදී. ඉන්පසුව වේදනාවට සහජයෙන් අසංවේදී සමග Anhidrosis හෙවත් CIPA රෝගීන් 158 දෙනෙකුගේ මෙම රෝගයට හේතුවන ජානමය සාධක විමසා බලන ලදී. මෙහිදී PRDM 12 නම් ජානයේ විකෘති වර්ග 10 මෙම රෝගීන් තුලින් හදුනා ගැනීමට ඔවුන් සමත් විය. එවැනි විකෘති වර්ග දෙකක් සහිත පුද්ගලයින් ඉහත රෝගයෙන් පෙලෙන බවත් එහෙත් එක් විකෘති වර්ගයක් ඇති අය රෝගයෙන් නොපෙලෙන බවත් නිරීක්ෂණය වී ඇත. පර්යේෂකයෝ PRDM 12 නම් ජානයේ වේදනා දනවන  නියුරෝන නිපදවීමේ ක්‍රියාකාරීත්වය පිළිබඳ තවදුරටත් මීයන්ගේ හා ගෙම්බන්ගේ කළල කෝෂ ඇසුරින් පරීක්ෂා කළෝය. වේදනා දනවන නියුරෝන සහ විකෘති ජාන වර්ධනය සඳහා PRDM 12 ඉතා අත්‍යාවශ්‍ය බව ඔවුහූ හදුනාගත්හ. ප්‍රතිඵලයක් ලෙස මෙම නියුරෝන සහ වේදනාවේ බරපතලකම පිළිබඳ ක්‍රමවේදයක් සංවර්ධනය කර ගැනීමට සමත් වී තිබේ.

උපුටා ගැනීම -
Scientist Discover Pain-Sensing Gene by Aamna Mohdin

https://www.youtube.com/watch?v=J12bqHo5xGU

0 comments:

Post a Comment