June 17, 2015

නව අදහස් මතු වූ විට මොළයේ ඇතිවන රූප

පර්යේෂණයට භාජනය වූ පුද්ගලයා සත්ත්වයකුගේ වාසස්ථාන හදුනාගත් විට ඔහුගේ මොළයේ වම්පස ක්‍රියාශීලී වීම සහ සත්ත්වයාගේ ආහාර හදුනාගත් විට ඔහුගේ මොළයේ දකුණුපස ක්‍රියාශීලී වීම නිරීක්ෂණය කළ ආකාරය රූපයෙන් දැක්වේ.

කාටුන් චිත්‍රපටිවල කාටූන් චරිතයක අදහස් පහළ වූ විට ඒ බව ඇඟවීමට රූපයට උඩින් බල්බයක් දැල්වෙන අයුරු ඔබ දැක ඇත. මිනිසාට නව අදහසක් පහළ වූ විට ඊට සමාන ලෙස ඔහුගේ/ඇයගේ මොළයේ රූපකායක් ඇතිවේ. මෑතකදී ප්‍රසිද්ධියට පත් කළ මිනිස් මොළයේ සැලැස්ම පිළිබඳ අධ්‍යයනයකට අනුව යමක් ප්‍රථම වතාවට හඳුනාගත් අවස්ථාවේ (යුරේකා) මිනිස් මොළයේ රූපනය ප්‍රථම වතාවට මෙලන් විශ්ව විද්‍යාලයේදී රූපගත කර ඇත.

පර්යේෂණයට සහභාගී වූ 16 දෙනෙකුට, විවිධ න්‍යෂ්ට වූ සත්ත්ව වර්ග අටක වාසස්ථාන සහ ආහාර ගැන තොරතුරු පර්යේෂකයන් විසින් කියා දෙන ලදී. සහභාගි වූවන් ඒ පිළිබඳව දැනුවත් වන අතර ඔවුන්ගේ මොළයේ රූප FMRI භාවිතයෙන් පර්යේෂකයන් විසින් ලබා ගන්නා ලදී. එම රූපමය තොරතුරු පරිගණක ක්‍රම ලේඛණයක් මගින් විශ්ලේෂණය කරන ලදුව සෑම පුද්ගලයකුගේ මොළයේ එකම ප්‍රදේශයේ එකම ආකාරයේ ක්‍රියාශීලීතාවයක් ඇති වූ අයුරු පර්යේෂකයින් හඳුනා ගෙන තිබේ. එහෙත් මෙහිදී හදුනාගත් නැතිවිගිය සත්ත්ව වර්ගය අනුව වෙන් වෙන් වශයෙන් මොළය ක්‍රියාකාරී  වීමද පැහැදිලි විය. සෑම කෙනෙකුටම ආවේණික වූ ක්‍රියාකාරී වීමේ ලක්ෂණයක් “activation signature” හෙවත් මොලයේ ක්‍රියාශීලී වූ ප්‍රදේශයේ ඕපාදුප කියන අකාරයේ සම්බන්ධයක් ඇති විය.

මේ Olinguito සත්ත්වයාගේ ඡායාරූපයකි. 
උදාහරණයක් ලෙස අධ්‍යයන කතෘ පවසන පරිදි පෙර අධ්‍යයනයකදී සහභාගී වූවෝ Olinguito මාංශ නොව පලතුරු ආහාරයට ගන්නා බව දැනගත් විට මොළයේ කිහිපතැනක් ක්‍රියාශීලි වී ඒවායේ එම තොරතුරු තැන්පත් විය.

උපුටාගැනීම :
Here’s a Photo of a Brain forming a new idea by Alexandra Ossola
http://www.popsci.com/scientists-snap-photo-brain-while-its-forming-new-idea

0 comments:

Post a Comment