June 18, 2015

රොබෝවරුන් ත්‍රිමාණ වානේ පාලම් අච්චු ගසයි.

පාලම ළඟට පැමිණි විට එය පසු කරමු යන වැකිය ඔබ දන්නවා ඇති. එහෙත් ඇම්ස්ටඩෑම් හී පුද්ගලයන් කණ්ඩායමක් මෙම අදහස් ප්‍රමාණවත් නැතැයි පවසයි. ගුවනේ වානේ පාලම් ත්‍රිමාණව අච්චු ගැසීම ඔවුන්ගේ සැලසුමයි.

සත්ත්වයින් සඳහා තුවක්කු, මෝස්තර සහ සන්ලග්න වැනි බොහෝ දේවල් නිර්මාණය කිරීමට හැකි නව තාක්ෂණයක් ලෙස ත්‍රිමාණ මුද්‍රණය සැලකේ. මෙම මුද්‍රණ යන්ත්‍ර එක් එක් ස්ථර එක මත එත මුද්‍රණය කිරීම මගින් ත්‍රිමාණ වස්තු අච්චු ගසයි. එය ලී, යකඩ, ප්ලාස්ටික් කුට්ටියකින් රූපයක් කෙටීම හෝ මැටි වලින් රූපයක් නෙලීමට වෙනස්ය. මෙම පාලම නිර්මාණයේදී MX3D සමාගමේ ඉංජිනේරුවන් විශාල යාන්ත්‍රික රොබෝ මගින් මැඩුනු වානේ යොදා ගෙන තිබේ. විශාල යාන්ත්‍රික රොබෝවරු උසස් මෘදුකාංග සහ පෑස්සුම් යන්ත්‍රවලින් සමන්විතය.

කණ්ඩායමේ සැලැස්ම වූයේ අවසානයේදී ඇමස්ටඩෑම් ඇල මාර්ග හරහා වානේ පාලම් ත්‍රිමාණව අච්චු ගැසීමයි. මෙහිදී ඇල මාර්ගයේ දෙපසම රොබෝවරු දෙදෙනා බැගින් වූ කණ්ඩායම් යොදා ගැනීමට අදහස් කරන ලදී. වෑල්ඩින් රොබෝවරු දෙදෙනෙක් පාලම් සඳහා ආධාරක කණු මුද්‍රණය කරමින් ඉදිරියට ගමන් කරනු ලැබේ. එමගින් සෙමෙන් ඇල මාර්ගය හරහා පාලම මුද්‍රණය කෙරේ.

කණ්ඩායම පරීක්ෂණ ව්‍යුහයක් ඉදි කරන අයුරු වීඩියෝව නරඹන්න.

උපුටා ගැනීම -
Robots Can now 3D-Print steel Bridges by Mary Beth Griggs.

https://www.youtube.com/watch?v=pZNTzkAR1Ho

0 comments:

Post a Comment