June 26, 2015

වර්ණ හා මෝස්තර කෘත්‍රීමව වෙනස් කරන ඇඳුම්

පර්යේෂකයෝ, මි.මි. 1 ප්‍රමාණයේ ඇෆ්ගන් ගැහැණු රූපයක් සහිත ඇඳුමක් නිර්මාණය කර වෝල්ටීයතාව යොදා ගනිමින් ඇඳුමේ වර්ණ වෙනස් කළෝය. අනාගතයේ ඔබේ සහෝදර සේවකයින් ඔබ එකම ඇඳුම නැවත නැවත අඳින බව  දැකගනු ඇතැයි තවදුරටත් සැක සිතීමට අවශ්‍ය නැත. මන්ද ඔබ එකම ෂර්ට් එකක් ඇන්දත් එහි වර්ණ සහ මෝස්තරය ඔබට අවශ්‍ය පරිදි  ක්ෂණයෙන්  වෙනස් කර ගත හැකි වීමයි.

මෑතකදී කරන ලද අධ්‍යයන වාර්තාවක් මගින් පර්යේෂකයන් පියවි  සම හා සමාන තුනී සහ නැවෙන සුළු ඇඳුමක් නිර්මාණය කරන ලද බව ප්‍රකාශයට පත් කරන ලදි . වෝල්ටීයතාව ආදේශ කර මෙම ඇඳුම්වල  වර්ණ සහ මෝස්තරය වෙනස් කළ හැකිය. කඩදාසියක් තරම් සියුම් පෙති දැනටමත් තිබෙන නමුත් මෙම නිර්මාණය මිනිස් හිසකෙස් ගසකට වඩා සිහින්ය. එපමණක් නොව එයට මුළු ආලෝක වර්ණාවලියම ලබාගත හැකි වන අතර තත්පරයෙන් 1000 න් පංගුවක කාලයකදී එහි වර්ණ වෙනස් කර ගැනීමට ද හැකිය. මේතාක් පර්යේෂණ වලදී වර්ණ කිහිපයකට තත්පර 10 ක කාලයකදී වෙනස් වීමට හැකියාව පමණක් සංවර්ධනය කර තිබුණි. ලෝහමය ප්‍රලාපයක් වැනි නිනිති ව්‍යූහයන් ද්‍රව පළිඟු මගින් පිරවීම සහ ප්ලාස්ටික් තල දෙකක් අතර එය තැවරීමෙන් ඉතාම සියුම් (සිහින්) හා වඩා කාර්යක්ෂම ඉදිරිපත් කිරීමක් නිර්මාණය කිරීමට පර්යේෂකයන් සමත් විය.

ජංගම දුරකතන මුහුණතක (Screen) වල මෙන් මෙම නිර්මාණයට තම ආලෝක ප්‍රභවය නිෂ්පාදනය කිරීම අවශ‍්‍ය නොවේ. ද්‍රව පළිඟු සමග ඇති සියුම් ස්ථරයට ආදේශ කළ වෝල්ටීයතාවයේ ප්‍රමාණය නිසා එහි අණුකමය හැඩගැසීම් වෙනස් කිරීම සහ නිනිති ව්‍යූහය මගින් සිදුවන පරාවර්තනය හා අවශෝෂණය නිසා පරිමණ්ඩිත ආලෝකය තරංග ආයාම වෙනස් කිරීම සිදුවේ.

සෙන්ට්‍රල් ෆොලෝරිඩා විශ්ව විද්‍යාල පර්යේෂණ  කණ්ඩායම මි.මි. 1 ක ප්‍රමාණයේ ඇෆ්ගන් ගැහැණු රූපයක් නිර්මාණය කර විවිධ වෝල්ටීයතා ආදේශනයෙන් එහි වර්ණ වෙනස් කරන ලදී. රූපය තිත්  ආකාරයෙන් දිස් වුවද පර්යේෂණය මෙහෙය වූ දෙබාසිස් චන්ද වඩා විශාල වූ ප්‍රදර්ශනයකදී රූපවාහිණී තිරයක මෙන් වඩා පැහැදිලි රූප දක්වන බව සඳහන් කරයි.

ඔබ ස්වභාවධර්මය දෙස බලන්නේ නම් කටුස්සා, අෂ්ටදල (Octopi) තම පියවි සම පාදක කරගෙන පරිමණිඩිත ආලෝකය නිර්මාණය කරයි. මෙවැනි තාක්ෂණයක් උපයෝගී කරගත් විට ඕනෑම මතුපිටක වර්ණය සහ මෝස්තරය වෙනස් කළ හැකිය. චන්ද පවසයි.

තවද චන්ද සිතන ආකාරයට මෙම තාක්ෂණය නැමෙන සුළු ද්‍රව්‍යවල විශාල ප්‍රදේශ සඳහා වඩා ලාභදායීව යොදා ගත හැකිය. එයට  E-reader පරිගණකය  සඟරාවක් ලෙස නිර්මාණයට පමණක් නොව වර්ණය වෙනස් කරන මෝස්තර නිර්මාණ , බිත්ති ප්‍රමාණයේ තිර වැනි වෙස් මාරු කරන ආම්පන්න නිපදවීමට හැකි වේ.

උපුටා ගැනීම -
 Super Thin electronic textile could dress you in video

 You’ll never want to change your clothes again By Levi Sharpehttp://www.popsci.com/skin-display-future-color-changing-clothing

0 comments:

Post a Comment