May 18, 2016

එබලෝ සිට සිකෝ දක්වා සියලු වෛරස් සමනයට අධිමාත්‍ර මූලද්‍රව්‍යක්

සියලුම වෛරස් වර්ග විනාශ කළ හැකි මූලද්‍රව්‍යයක්  IBM ආයතනය විසින් නිර්මාණය කර තිබේ. එනම් එබලෝ සිට සිකෝ දක්වා වූ වෛරස් වර්ග හා සාමාන්‍ය උණ සාදන වෛරස් වැනි සියලු වෛරස් වර්ග පාලනයට මෙම අධිමාත්‍ර මූලද්‍රව්‍යයට හැකියාව තිබේ.

එබොලා, සිකා සඳහා හේතුවන වෛරස වෙනුවෙන් පමණක් නොව  සාමාන්‍ය උණ වෛරස සඳහා වුව ප්‍රතිකාරයක් සොයා ගැනීම දුෂ්කර කටයුත්තකි. වෛරස වර්ග එකිනෙකින් සුවිශාල ලෙස වෙනස්වෙයි. සමහර විට එකම ස්වභාවයේ වෛරසද වෙනස්වීමට භාජනය වීම හා වෙනස්වීම සිදු කරයි. ඒ නිසා සෑම වසරකම පාහේ උණ හෙම්බිරිසාව සදහා වූ ප්‍රතිශක්තිය වෙනස් කිරීමට වෛද්‍යවරුන්ට සිදුවේ. එහෙත් මේ වෛරස් සියල්ල තුල ඇති සමානත්වයක් හදුනා ගැනීමට සිංගප්පූරුවේ  ජීව ඉංජිනේරු සහ නැනෝ තාක්ෂණික විශ්ව විද්‍යාලයේ සහ IBM ආයතනයේ පර්යේෂණ කණ්ඩායමක් සමත් විය. එම දැනුම භාවිතා කර මේ ආකාරයේ විවිධ වූ වෛරස් සඳහා ප්‍රතිකාර කිරීමේ විභවයක් සහිත Macro-molecule  (අධිමාත්‍රමූලදුව්‍ය) නිර්මාණය කිරීමට ඔවුහු සමත් වූහ. වෛරස් මඟින් අපට ලෙඩ බෝවීම වැලැක්වීමට හැකියාව ලද මෙම පර්යේෂණය පිළිබඳ තොරතුරු මෑතකදී නිකුත් වූ Journal Macro-molecule  හි (අධිමාත්‍රමූලද්‍රව්‍ය සඟරා) පලවිය.

වෛරස් වර්ගවල ඇති RNA හා DNA ප්‍රධාන ඉලක්කගත කේෂ්ත්‍ර වුවද වෛරස්, වෙනත් වෛරසයකට මාරුවීම හා එම වෛරසයම වෙනත් ස්වරූපයන් ගැනිම නිසා සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීම ඉතා අපහසු බැවින් එම ඉලක්ක අතහැර දැමීමට මෙම අධ්‍යනයේදී පර්යේෂකයන් කටයුතු කර තිබේ. ගලයිකොප්‍රෝටීන් (Glycoprotein) වෛරසය පිටතින් සිට අප ශරීරයේ සෛලවලට පහරදීම නිසා වෛරසය ඉතා පහසුවෙන් සෛල වලට රෝග බීජ පතුරුවා අප ලෙඩ කරයි. පර්යේෂණ කණ්ඩායම මෙම ග්ලයිකොප්‍රෝටීන් කෙරෙහි වැඩි අවධානයන් යොමු කරන ලදී. ඒ පිලිබදව ලද දැනුම භාවිතයෙන් ඔව්හු කුඩා ඒකක වලින් සැදුනු විශාල මූලදුව්‍යක් නිර්මාණ කරන ලද්දේ ස්ථිති විද්‍යුත් බලයක් වෛරස් වලට මුලින් නිකුත් කිරීමටත් ඉන්පසු ශරීරයේ නිරෝගී සෛල වලට ආසන්න වන වෛරස විනාශ කිරීමටත් හැකිවන පරිද්දෙනි.

මේ සියල්ල ආකර්ෂණීය තොරතුරු වූවත් අධිමාත්‍ර මූලද්‍රව්‍ය ප්‍රතිකාරය ඖෂධයක් ලෙස මෙන් හෝ විෂබීජ නාශකයක් ලෙස භාවිතා කිරීමට තව අධියර කිහිපයක් ඉදිරියට යා යුතුය. එනිසා මෑත නුදුරේදීම එය ප්‍රතිකාරයක් ලෙස භාවිතා නොවුනද වෛයිරස් මර්දනයෙහි ලා අප නිවැරදි මාවතකට අවතීරණ වී තිබීම ඉතාම වැදගත් වේ.

උපුටා ගැනීම: -
IBM Creates a Molecule that could destroy all viruses. By Claire Maldarelli

https://www.youtube.com/watch?v=GTcQjuFIM5c

0 comments:

Post a Comment