May 16, 2016

කෑවොත් සුදුලූණු ලැබේ සුවය නිරතුරු

ආහාර සැකසීම සඳහා එක්කර ගන්නා කුළු බඩු අතරේ නැතුවම බැරි සුදුලූණු ඉතා රසවත් ආහාරයකි. ඈත අතීතයේ සිට නිවසක තිබියයුතු අත්‍යවශ්‍ය ඖෂධයක්ද වන සුදුලූණු  පැරැන්නන්‍‍ගේ ඉතා රසවත් ව්‍යාංජනයක්ද වේ. සුදුලූණු වලින් අප සෞඛ්‍යට ප්‍රතිලාභ නම් රැසකි.
සිරුරේ පැහැපත් බව ගෙන දෙයි.
සුදුලූණු රසවත් මෙන්ම සිරුර වර්ණවත් කරයි. දීප්තිය වඩවයි. මතක ශක්තිය වර්ධනය කරයි. අස්ථි රෝගවලට ගුණ දෙයි. සම මතුපිට ඇතිවන ආසාත්මිකතා නැති කරයි. සම පැහැපත් කරයි. ප්‍රති ඔක්සිකාරකයක් ද වේ.
සීතලට ඔරොත්තු දීමේ හැකියාව
සුදුලූණු කෑමෙන් සීතලට ඔරොත්තු දීමේ හැකියාව ලැබෙන අතර සම ආරක්ෂා කරේ. ශරීරය ප්‍රානවත්ව තබා ගැනීමට හැකිය.
කොලොස්ටරෝල් අඩු කරයි.
කොලොස්ටරෝල් වලට හිතකර සුදුලූණු විසබීජ නාශකයකි. වෛරස් රෝග නැති කරයි. ලේ කැටි දියකිරීමේ හැකියාව ඇත. හෘද රෝග දුරු කරයි.
ඖෂධීය ගුණ
ආහාර රුචිය වැඩිකරන අතර දහඩිය හොදින් පිටකරයි. පිරිමින්ගේ සරුබව වැඩිකරයි. පක්ෂාගාත රෝගවලට ගුණ දෙයි. සන්ධි ඉදිමුමට ගුණ දෙයි.  ශරීරය බලවත් කරයි. ඇස් පෙනීම වැඩි කරයි. කෙස් අග පැලීම් නැති කරයි. පිළිකා‍ නාශකයකි. රුධිර නාල ඇතුලේ රුධිරය කැටි ගැසීම දුරු කරයි.
පණු රෝග වලින් ආරක්ෂා කරයි. වාතය සමනය කරයි. කර්ණ රෝගවලට  ගුණ දෙයි. ඇටමිදුනු සවිමත් කරයි. සෙම්ප්‍රතිශ්‍යාව, කැස්ස රෝග දුරු කරයි.
රෝග රැසකට පිලියමක් ඇත. බෝ වන රෝගවලට ගුණ දෙයි. කටහඩ මිහිරි කරයි. අපහසුවෙන් මුත්‍රා පිටකරන රෝගීන්ට සුදුසුයි. කුෂ්ට රෝග වලකයි.
ස්ත්‍රීන්ගේ ඔසප් රෝග සදහා යෝග්‍ය වේ. වාත වේදනා කැක්කුම් දුරු කරයි. ගර්භණි අවස්ථාවලදී සුදුලූණු සමග බැබිල මුල් තම්බා බොන්නට දෙයි. එය ඔවුන්ගේ විවිධ වේදානාවලට ගුණදෙයි. හෘදරෝග වලට ගුණ දෙන අතර ධමණි රෝග වලට ද සුදුසුයි. ඖෂධ නිෂ්පාදන සදහා මෙය බෙහෙවින් ප්‍රයෝජන වේ.

හොදින් සෙම පිට කරයි. විෂගෝර සර්පයින්ගේ ආරක්ෂා‍ වීමට සුදුලූණු හොද ඖෂධයකි. දරුවන් ප්‍රසූතකල මවුවරුන්ට අපවිත්‍ර රුධිරය ඉක්මනින් පිට වීමට මෙම සුදුලූණු අගනා ඖෂධයකි.

0 comments:

Post a Comment