May 6, 2016

අක්මාවේ තෙල් තැන්පත්වීම

 

මෙය තුන් ආකරයකට වේ.

Non Alcholic Fatty Liver
මධ්‍යසාර නොගත්තත් අක්මාවේ සෛල වල මේදය තැන්පත්වීම ආරම්භවී ක්‍රමයෙන් තව තවත් මේද තැන්පත් වීම වන අවස්ථාව
Non Alcholic Fatty Liver Disease
මධ්‍යසාර නොගත්තත් අක්මාවේ සෛල වල මේදය තැන්පත් වීම ආරම්භ අක්මාවේ බරින් 5%කට වඩා අක්මා සෛල තුල මේද තැන්පත් වී ඇති අවස්ථාවයි.මෙම තත්වයේදී තවත් රෝග වලට සම්බන්ධ වේ යැයි සැලකෙන බැවින් මෙය රෝග තත්වයක් ලෙස නම් කෙරේ.
Non Alcholic Steatohepatitis
මධ්‍යසාර නොගත්තත් තව දුරටත් මේදය තැන්පත් වී අක්මාව තුල ප්‍රදාහයක් ඇති වූ අවස්ථාවයි.
අද ශ්‍රී ලංකාවේ මෙන්ම වෙනත් රටවලද අක්මාවේ තෙල් තැන්පත් වීම බහුල රෝගී තත්වයක් වී ඇත.
මෙම රෝගයට හේතු වී ඇත්තේ විස සහිත ආහාර සහ වැරදි පෝෂණ රටාව නිසා අක්මාව රෝගී වීමයි.

මෙම රෝගයට හේතු

විස සහිත ආහාර
කෘෂිරසායන යොදා සැකසූ සහල් එළවළු සහ පලතුරැ කෘතීම රසායනික යොදා සැකසූ ආහාර
විස අඩංගු කිවුල් ජලය
ආසනික් කැඩ්මියම් වැනි බැර ලෝහ වර්ග,පලිබෝධනාශක අවශේෂ කොටස් ,කෘතීම රසකාරක සහ වර්ණකාරක
ඌන පෝෂණය -ප්‍රතිඹක්සිකාර ,ක්ෂුද්‍ර පෝෂක,තන්තු හිතකර ක්ෂුද්‍ර ජීවීන්

මෙම හේතු නිසා අක්මාවේ විෂ නැසීමට නොහැකි විම නිසා රැධිරයට විස  එකතු වීම සිදුවේ.
ශරිරයේ හෝමෝන පද්ධතිය ,ස්නායු පද්ධතිය ,ප්‍රතිශක්තිකරණ පද්ධතිය වෙනස්වේ.
ශරීරයේ ප්‍රතිශක්තිය අඩු වී ඉතා පහසුවෙන් ආසාදන වලට ගොදුරැ විම සහ සංකූලතා ඇති වීම
බෝ වන රෝග වලට ගොදුරැ වීම
උදා ඩෙංගු ,නියුමෝනියාව,මී උණ,මොලේ උණ

බෝ නොවන රෝග වලට ගොදුරැ වීම
දියවැඩියාව
අධික රැධිර පීඩනය   ,කොලෙස්ටරෝල්,හෘද රෝගඅංශභාගය, ගැස්ට්‍රයිටීස් ,අසාත්මිකතා,ඇදුම,හන්දි රෝග,උපත් අබාධ,ගබ්සා වීම ,මද සරැ බව ,පිලිකා ,වකුගඩු දුර්වලතා,සිරෝසිස්,ආහාර ජීර්ණ යාන්ත්‍රණයේ රෝග

කෝපි පානය කිරීම අක්මාවේ තෙල් තැන්පත් වීම අවම කර ගත හැකි බව නවතම පර්යේෂණ වලින් පෙන්වා දීඇත.
සෝයා ප්‍රෝටීන් ආහාරයට එක් කිරීමෙන් අක්මාවේ තෙල් තැන්පත් වීම අවම කර ගත හැකි බව නවතම පර්යේෂණ වලින් පෙන්වා දීඇත.

ශරීරයෙන් විෂ ඉවත් කරන ආහාර වර්ග අහාර වලට එකතු කර ගත යුතුය.
තණ හාල් මෙනේරි හාල් වලින් සෑදු කැද වර්ග
කුරක්කන් පිටි කැද
පාරම්පරික සහල් වලින් සෑදු කැද වර්ග -උදා කළුහීනැටි,කහවනු ,මඩතවාළු,කුරැළුතුඩ,සුවදැල්
මෙවැනි පාරම්පරික සහල් වල ප්‍රතිඹක්සිකාරක ගුණ සහ රෝග පාලන ගුණ ඖෂධීය ගූණ බොහෝ ප්‍රමාණ වලින් වැඩි බව පර්යේෂණ වලින් පෙන්වා දී ඇත.


උපුටා ගැනීම  Science daily news  සහ වෛද්‍ය කුමුදු දහනායකගේ දේශණය ඇසුරෙනි

2 comments:

වැදගත් ලිපියක්.

This comment has been removed by the author.

Post a Comment