May 4, 2016

රොබෝ සාත්තු සේවය

පැනසොනික් ආයතනය විසින් රෝහල් සාත්තු සේවයේ යෙදවීම  සදහා රොබෝ යන්ත්‍රයක් නිපදවා තිබේ. Dalek-Nurse වර්ගයේ මෙම හුරුබුහුටි රොබෝ ආරෝග්‍යශාලාවේ රෝගීන් සිටින ඇදන් අසලින් සිනාමුසුව ගමන් කරමින් රෝගීන්ට සුවය ලබා දීමට උත්සහ කරයි.සිනහව, සුහද සරල ආමන්ත්‍රණය,පෙනුම යනාදිය මගින් රෝගීන්ට මානසික සුවයක් අඛණ්ඩව ලබාදීමට මෙම සුවිශේෂී වෙහෙසට පත්නොවන රොබෝවට හැකියාව තිබේ. අධික වෙහෙස නිසා බොහෝ මිනිසුන්ගේ ප්‍රතික්‍රියා අසාමාන්‍ය වේ.මිට අමතරව රෝගීන් වෙත ඖෂධ සහ ආහාර ඉතා සුහදව පිරිනැමීමෙන් ඔවුන්ගේ කායික සුවය ලගාකර දීමටද එය උපකාරී වේ.රෝහල්වල ඉතා අපහසු මෙහෙකාර වන් සේවා සදහා Hospi-R නම් WiFi-කැමරා-සංවේදක වලින් ක්‍රියාත්මකවන ආරෝග්‍යශාලා රොබෝ යන්ත්‍ර යොදාගැනීමට ජපානය ඇතුළු බොහෝ රටවල් අවසර දී තිබේ.

පැය කිහිපයකට වැඩි කාලයක් වුව රෝහලේ ගත කිරීමට සිදුවූ රෝගීන් හට තමා වෙනුවෙන් එවැනි සුහදශීලි ,දැනුමැති ,සිත්ගන්නා සේවකයකු රැදී සිටීම ඉතා අත්‍යාවශ්‍ය සහනදායි තත්වයක් වේ. එහෙත් රෝස පැහැති Hospi-R  සම්පුර්ණ නැත.එයට අත්,දත්,ඈදු කටු වර්ග හෝ දොඩවීමේ හැකියාව නොමැති වීම වාසනාවකි. එසේ විනම් රාත්‍රී කාලයේ රෝගී අසලින් සීරුවෙන් ගමන් ගන්නා  Hospi-R  කෙරෙහි අමතර භියක් වුව රෝගීන් තුල ඇතිවීමටද ඉඩ තිබිණි.


උපුටාගැනීම:
Look at this disturbing happy hospital robot by G. Clay Whittaker
http://www.popsci.com/look-at-this-disturbingly-happy-hospital-robot
https://www.youtube.com/watch?v=g63WUCUuCD0

0 comments:

Post a Comment