August 15, 2017

මෙන්න SMS ඇහැටම ගෙන්න ගන්න ක්‍රමයක්



කෙටි පණිවුඩ යැවීම ආරම්භ කර හරියටම වසර විසි පහකට පසු,  කෙටි පණිවුඩ කෙළින්ම ඔබේ ඇහැටම ලබා ගත හැකි තාක්ෂණයක් දැන් සොයාගෙන. මේක විද්‍යා ප්‍රබන්ධ කතාවක් නෙවෙයි. ‘එසැණ පණිවුඩ’ (instant messaging)  යන අරුතින් විද්‍යාඥයන් සංවර්ධනය කර ඇති මේ නව තාක්ෂණයෙන් කෙටි පණිවුඩ ඔබේ ජංගම දුරකතනයෙන් කෙළින් ම ඔබේ ඇසේ රඳවන සිවි කාචයකට යැවිය හැකියි.
මේ නව නිපැයුමට අයත් සිවි කාචය. ඒ මතට ඩොලර් සංකේතය ප්‍රක්ෂේපණය කර ඇති අයුරු. මේ ක්‍රමයට කෙටි පණිවුඩ හා රූප එහි පතිත කළ හැකියි.
 මෙම ක‍්‍රමයෙන් වක‍්‍ර හැඩයට සැකසූ ද්‍රව ස්ඵටික දියෝඩයක් මගින් රූප පෙනෙන්ට සලස්වන මෙහි තාක්ෂණික නිර්මාණයේ ගෞරවය හිමි වන්නේ බෙල්ජියානු පර්යේෂකයන් පිරිසකටයි. ඔවුන් බෙල්ජියමේ ඝෙන්ට් (Ghent) විශ්ව විද්‍යාලයට සම්බන්ධ පිරිසක්. මේ රූප සිවි කාචයට ප‍්‍රක්ෂේපණය කරනු ලබන්නේ රෑහැන් රහිත එනම් වයර්ලස් තාක්ෂණය යොදා ගෙනයි.
සිවි කාචය ක්‍රියා කරන ආකාරය දැක්වීමට විද්‍යාඥයන් ඩොලර් සංකේතයක් යොදාගෙන  එහි දුරස්ථව සිවි කාචය මතට රෑහැන් රහිතව ඉලෙක්ට්‍රොනික ක්‍රමයෙන් යවන ලද අතර  මෙය පික්සල් යෙදූ සිවි කාච ක්‍රමයක් ලෙස දැක්විය හැකියි.  අපේ රූපවාහීනී තිරයේ ඇති ක්‍රමයට ටිකක් සමානයි. ටීවී තිරය අපේ සන්නිවේදන ක‍්‍රමය වෙනසකට හේතු වුවාසේ මේ ක්‍රමය තුලිනුත් වෙනසකට මුලපුරයි.
කෙටි පණිවුඩ යැවීමේ දී ඒවා ඉලෙක්ට්‍රොනිකව ‘වයර්ලස්’ ක‍්‍රමයට යවන බව පෙන්වන්නට ඝෙන්ට් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයෙකු ඒ පිළිබිඹුව අතරින් ඇඟිලි එහාට මෙහාට ගෙන ගිය අයුරු.

මේ ගැන ඒ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය හර්බට් ඞී ස්මෙට් විසින් ලන්ඩනයේ ‘ඬේලි ටැලිග‍්‍රාෆ්’ පුවත්පතට, දැන් මූලිකතාක්ෂණය සාර්ථකව නිම කර මෙය කළ හැකි බව තහවුරු කර තිබෙන බවත්  මෙය භාවිත වන මෙවලම්වලට යොදා ගැනීම සඳහා අත්හදා බැලීම් කර ඉදිරි වසරවල දී මෙය වෙළඳ පොළෙන් ඔබටත් ලබා ගත හැකි වන බවත්” ප්‍රකාශ නර ඇත.  මේ නව නිපැයුම් තාක්ෂණයට අනුව ඇසට දමන සිවි කාචය පුරාම තිරයක් ලෙස භාවිත කරමින් රූප හා අකුරු ඒ මත පතිත කළ හැකියි.
ඒ අතර මේ පර්යේෂකයන් මෙම සිවි කාච ඇසට ඇතුළු වන ආලෝකය අඩු වැඩි කළ හැකි ‘අව් කන්නාඩි’ ලෙස යොදා ගැනීමේ හැකියාව ගැනත් අත්හදා බැලීම් කරන අතර මෙම පර්යේෂණ ව්‍යාපෘතියේ ප්‍රධානියා වූ ජෙල් ඞී ස්මෙට් විසින් මේ විද්‍යා ප්‍රබන්ධයක් නොවන බවත් මේ සිවි කාච කවදාවත් සිනමා තිරයේ තැනට පත් නොවන බවත් පවසයි.ඒත් වෙනත් විශේෂ භාවිතයන්ට මේ ක්‍රමය යොදා ගතහැකියි. අපේ ස්මාට් ෆෝන්වලින් කෙළින් ම අපේ ඇසට යන මග පෙන්වා දීමට අවශ්‍ය රූප ලබා දීමටත්, කෙටි පණිවුඩ ලබා දීමට  හැකියි.” ඔහු වැඩිදුරටත් සදහන් කරයි.
සැකසුම : විද්‍යා හා තාක්ෂණ නිලධාරි - ගාල්ල කඩවත් සතර

0 comments:

Post a Comment