August 8, 2017

ඉතා කුඩා පියාපත් වලින් බිඟුන් වාසරවීමේ ගණිතමය රහස

1930 වසරේ සිට මේ දක්වා දිගු කාලයක් බිඟුන් විසින් ගණිතමය මූලධර්ම සමච්චලයට  ලක්කර තිබේ. ගණිතමය  නීති රීතිවලින් කරන ලද ගණනය  කිරීම් අනුව මීමැස්සන්ගේ පියාපත් උන්ගේ ශරීරය පොළවෙන් ඉහළ තබා ගැනීමට තරම් ප්‍රමාණවත් එසවීමක් කිරීමට සමත් නොවේ. එසේ වුවද මීමැස්සන් ගුවනේ පියාඹයි. මේ නිසා "මිනිසුන් කළ නොහැකි යැයි පැවසුවද මිනිසුන්ගේ කථා ගැන තැකීමක් නොකරන නිසා බිඟුන් පියාඹයි"  යයි ප්‍රසිද්ධ ප්‍රකාශයක් පවා තිබේ.

බිඟුන් පමණක් නොව වෙනත් කෘමීන් සහ කුඩා කුරුල්ලන් සත්‍ය ලෙස පියාඹීමට හැකිවීම පිළිබඳ සම්පූර්ණ චිත්‍රයක් සැපයීමට නව ගණිතමය විශ්ලේෂණය දැන් සමත්ය.

මී මැස්සෝ තම පියාපත් වලට ඉහළින් අඛන්ඩව වායු ප්‍රමාණයක් ජනනය කරමින් එය උන්ගේ පියාඹීම සඳහා උපයෝගී කර ගන්නා බව 1990 දශකය දක්වා උපකල්පනය කරන ලදි. එය වාණිජ අහස් යානා පියාසර කිරීම හා සමාන නමුත් 1996 දී මී මැස්සන්ගේ පියාපත්වල නියමු අග්‍ර වලින් පිට කරන වායු ප්‍රවාහයක් ලෙස වූ කුඩා ටොනාඩෝ  මී මැස්සන් සතු බව සොයා ගන්නා ලදී. එය නියමූ අග්‍ර භ්‍රමණ (Leading Edge Vortices/LEV) ලෙස නම් කර තිබේ.

කෙසේ වෙතත් තම විශ්ලේෂණ ඉදිරිපත් කළ මැන්චෙස්ටර් විශ්ව විද්‍යාලයේ Mostafa Nabawy සහ කණ්ඩායම කරන ලද විවිධ වර්ග පර්යේෂණ වර්ග 8 කින් පසුව මෙම LEV මගින් බිඟුන්ට පියාසර කිරීමට හෝ ඉහළට එසවීමට (ඉපිලීමට) ප්‍රමාණවත් අමතර බලයක් ලබා නොදෙන බව හඳුනාගත්තේ යැයි ඔව්හු පවසති. ඒ අනුව ඉපිලීම ඇතිකිරීමට හැකි විවිධාකාර යාන්ත්‍රණසහිත ගණිතමය මාදිලි (ආදර්ශ) 3 ක් ඔව්හු නිර්මාණය කළෝය. ඉන්පසු නව ගණිතමය ආදර්ශ පෙර පර්යේෂණ සඳහා ප්‍රායෝගිකව ආදේශ කර සංසන්දනය කිරීම මඟින් මීමැස්සන්ට ගුවන් රැඳී සිටීමට හැකියාව ලැබීම පිළිබඳව හඳුනාගැනීඹට ඔවුහු සමත් වී වුහ.

"ඉපිලීමට සෘජුව  LEV සම්බන්ධවනවා නොව LEV මගින් පියාපත් වඩා ඉහළ කෝණයකින් නොනවතින  වායු ප්‍රහාරයක් එල්ල කරයි." යැයි Nabawy පවසයි. පියාපත් කෙළවර වාසුළි මගින් සත්වයාට පියාපත් වඩාත් තිව්‍රව අහස දෙසට යොමු කළ හැකිවේ. ඒ නිසා පියාපත්වලට ඉහළින් වායු ප්‍රවාහය වැඩිකෙරේ. එනම් මෙම ඉහළ කෝණයකින් පියාපත් යොමු කිරීම මී මැස්සන්, පළතුරු මැස්සන් පමණක් නොව කුඩා කුරුල්ලන් පියාඹීම සඳහාද ප්‍රමාණවත් එසවීමක් ලබාදේ.

මී මැස්සන්ගේ පියාඹීම පිළිබඳ තේරුම් ගැනීමට අපහසු වූ ගැටළුව මෙයින් විසඳුනා  පමණක් නොව නව ගණිතමය විශ්ලේෂණය සුළං පෙත්ත (Fans) , ටර්බයින මෙන්ම ප්‍රවාහනය, ආවේක්ෂණය හෝ විපරම් හා ආරක්ෂා කටයුතු සඳහා යොදා ගන්නා සියුම් ගුවන්යානා තාක්ෂණයන් දියුණු කිරීමට ඉවහල් වනු ඇතැයි රාජකීය පශු වෛද්‍ය විද්‍යාලයේ Richard Bomphrey  පවසයි.

අන්තර්ජාලයේ  පිළිගත් විද්‍යාත්මක ප්‍රභව ඇසුරෙන් සකස්කළේ: හර්ෂ ලංකේශ්වර  

0 comments:

Post a Comment