ජෛව ස්කන්ධ
ජෛව ස්කන්ධවලට ශාක, සතුන් හා ඔවුන්ගේ අතුරුඵල ඇතුළත් වෙයි. උදාහරණ ලෙස පොහොර, ගෙවතු අපද්‍රව්‍ය හා බෝග අවශේෂ යන සියල්ල ජෛව ස්කන්ධ ප්‍රභව වෙයි. එය පෙට්රෝලියම්, ගල් අඟුරු හා න්‍යෂ්ටික ඉන්ධන වැනි අනෙකුත් ස්වාභාවික සම්පත් මෙන් නොව පුනර්ජනනය කළ හැකි ශක්ති ප්‍රභවයක් වන අතර කාබන් චක්‍රය මත පදනම් වෙයි.
ජෛව ස්කන්ධවලට ශාක, සතුන් හා ඔවුන්ගේ අතුරුඵල ඇතුළත් වෙයි. උදාහරණ ලෙස පොහොර, ගෙවතු අපද්‍රව්‍ය හා බෝග අවශේෂ යන සියල්ල ජෛව ස්කන්ධ ප්‍රභව වෙයි. එය පෙට්රෝලියම්, ගල් අඟුරු හා න්‍යෂ්ටික ඉන්ධන වැනි අනෙකුත් ස්වාභාවික සම්පත් මෙන් නොව පුනර්ජනනය කළ හැකි ශක්ති ප්‍රභවයක් වන අතර කාබන් චක්‍රය මත පදනම් වෙයි.
සත්ත්ව අපද්‍රව්‍ය විනාශ කළ නොහැකි හා වැළැක්විය නොහැකි දූෂකයක් වන අතර එය කර්මාන්ත ප්‍රමාණයේ ගොවිතැන් වල සිටිනා සතුන් මගින් මූලිකව නිෂ්පාදනය වෙයි. විශේෂයෙන්ම ජෛව ඉන්ධන නිෂ්පාදන සදහා වැවුණු කෘෂිකාර්මික නිෂ්පාදන ද ඇත. ඒවාට මූලිකවම එක්සත් ජනපදයේ ඉරිඟු, හා සෝයා බෝංචි ; යුරෝපයේ රේප්සීඩ්, තිරිඟු හා බීට් ; බ්‍රසීලයේ ; ගිනිකොණ දිග ආසියාවේ පාම් තෙල් හා මිස්කැන්තස් ; චීනයේ බඩ ඉරිඟු හා මඤ්ඤෝක්කා හා ඉන්දියාවේ ජැත්රෝෙපා ඇතුළත් වෙයි. කංසා ද ජෛව ඉන්ධනයක් ලෙස කටයුතු කරන බවට තහවුරු වී ඇත. කර්මාන්ත, කෘෂිකර්මය, වනාන්තර හා ගෘහස්ථ කටයුතු වල ජෛව ජීර්ණය විය හැකි අපද්‍රව්‍ය ජෛව ඉන්ධන නිෂ්පාදනය සදහා යොදා ගත හැකිවෙයි. එය ජීව වායු නිපදවීම සදහා නිර්වායු ජීර්ණය භාවිතයෙන් හෝ දියුණු පරම්පරාවේ ජෛව ඉන්ධන භාවිතයෙන් සිදු කළ හැක. උදාහරණ වලට පිදුරු, ලී, පොහොර, සහල් පොතු, මළ ද්‍රව්‍ය හා ආහාර අපද්‍රව්‍ය ඇතුළත් වෙයි. එමනිසා ජෛව ස්කන්ධ ඉන්ධන භාවිතය අපද්‍රව්‍ය කළමනාකරණ භාවිතයට මෙන්ම ඉන්ධන සුරක්ෂිත බවට හා දේශ ගුණික වෙනස්වීම් වැළැක්වීමට සහය ලබාදෙයි.
ද්‍රව ජෛව ඉන්ධන වාහන කර්මාන්තයේ මුල් දිනවල සිටම භාවිතයට ගෙන ඇත. අභ්‍යන්තර දහන එන්ජිමෙහි නිර්මාතෘ වූ ජර්මානු ජාතික නිකොලස් ඕගස්ට් ඔටෝ ඔහුගේ හඳුන්වාදීම ධාවනය කළේ එතනෝල් වලිනි. ඩීසල් එන්ජිමෙහි නිර්මාතෘ වූ ජර්මානු ජාතික රුඩොල්ෆ් ඩීසල් එය රටකජු තෙල් මත ධාවනය වීමට නිර්මාණය කළ අතර හෙන්රි ෆෝඩ් විසින් 1903- 1926 දක්වා නිෂ්පාදිත කාරයක් වූ Ford Model T කාරය නිර්මාණය කළේ සම්පූර්ණයෙන්ම කංසාවලින් නිපදවන ලද ජෛව ඉන්ධන මඟින් ධාවනය වන ලෙසය. කෙසේ නමුත් පෙන්සිල්වේනියා හා ටෙක්සාස්වල බොරතෙල් විශාල සැපයුම් සොයා ගැනිමත් සමඟ පෙට්රෝලියම් ඉන්ධන මිළෙන් අඩු වූ අතර ඉක්මනින් බහුලව භාවිතා කිරීම ආරම්භ විය. මෝටර් රථ හා අනිකුත් මෝටර් වාහන සදහා ඛනිජ තෙල් , පෙට්රෝ ලියම් ,ගැසොලයින්, පෙට්‍රල් හෝ ඩීසල් මඟින් නිෂ්පාදිත ඉන්ධන යොදා ගැනීම ආරම්භ කරන ලදී.
කෙසේ නමුත් දෙවන ලෝක යුද්ධයට පෙර හා අතිශය වැදගත් යුධ කාලය තුළ දී ජෛව ඉන්ධන ආනයනික තෙල්වලට විකල්පයක් ලෙස අගයනු ලැබීය. යුධ කාලයේ දී ජර්මනියට අතිශය තෙල් හිඟවලට මුහුණ දීමට සිදු වූ අතර එමනිසා ශක්ති නව නිපැයුම් සිදු විය. මෙයට අර්තාපල්වලින් පැසවූ ඇල්කොහොල් සමඟ ගැසොලයින් මිශ්‍ර කිරීමෙන් සෑදු Reichskraftsprip ලෙස හැඳින්වූ මිශ්‍රනයක් යොදා ගෙන වාහන ධාවනය කිරීම ඇතුළත් විය. බ්‍රිතාන්‍යෙය්දී දී ඩිස්ටිලර්ස් සීමා සහිත සමාගම විසින් discol යන නම යටතේ ධාන්‍ය ඇල්කොහොල පෙට්රල් සමඟ මිශ්‍ර කර ඊසෝගේ අනුබද්ධ ක්ලේව්ලන් හරහා වෙළඳපොළ ගත කිරීම සිදු කරන ලදී.
පසු යුධ කාලයේ දී මැද පෙරදිග මිළෙන් අඩු තෙල් මඟින් ජෛව ඉන්ධනවල ආර්ථික හා භූ දේශපාලනික උනන්දුව අඩු කරන ලදී. ඉන්පසුව 1973 දී හා 1979 දී මැදපෙරදිග භූ දේශපාලනික ගැටුම් නිසා ඔපෙක් සංවිධානය විසින් අපනයනය කිරීම් නැවැත් වූ අතර එමනිසා ඔපෙක් සංවිධානයට අයත් නොවන රටවල් ඔවුන්ගේ තෙල් සැපයුම්වල ඉතා විශාල අඩු වීම්වලට මුහුණ දුනි. මෙම ශක්ති අර්බුදය ප්‍රබල හිඟ වීම්වලට හේතු වූ අතර අධි වැදගත්කමකින් යුත් තෙල් මත පදනම් වූ නිෂ්පාදන ශීඝ්‍රෙයන්
වර්ධනය විය. (විශේෂයෙන් පෙට්රවල්/ ගැසොලින්) ශක්ති අර්බුදය හා ජෛව ඉන්ධන පිළිබඳ ආණ්ඩු හා අධ්‍යාපන අංශ යොමු කරන අවධානය ද ක්‍රියා වැඩි විය. සැපයුමෙහි හා ඉල්ලුමෙහි අඩු වැඩි වීම්, ශක්ති ප්‍රතිපත්ති, යුධ ගැටුම් හා පාරිසරික බලපෑම් යන සියල්ල ශක්තිය හා ඉන්ධන සඳහා වූ අතිශය සංකීර්ණ හා චංචල වෙළඳපොළ සඳහා දායක වී ඇත.
වර්ධනය විය. (විශේෂයෙන් පෙට්රවල්/ ගැසොලින්) ශක්ති අර්බුදය හා ජෛව ඉන්ධන පිළිබඳ ආණ්ඩු හා අධ්‍යාපන අංශ යොමු කරන අවධානය ද ක්‍රියා වැඩි විය. සැපයුමෙහි හා ඉල්ලුමෙහි අඩු වැඩි වීම්, ශක්ති ප්‍රතිපත්ති, යුධ ගැටුම් හා පාරිසරික බලපෑම් යන සියල්ල ශක්තිය හා ඉන්ධන සඳහා වූ අතිශය සංකීර්ණ හා චංචල වෙළඳපොළ සඳහා දායක වී ඇත.
ජෛව ස්කන්ධ ශක්තිය ලබාගන්නා ආකාර 5 කි. දහනයෙන්, ජීව වායු (gasification) මගින්, පයිරොලිසිය (pyrolysis) මගින්, ජීර්ණය (digestion) හා පැසීම (fermentation) මගින් එම ආකාර වේ.
ජෛව ස්කන්ධ ප්‍රතිචක්‍රීයකරණය කෙරෙහි දැන් විශේෂ අවධානයක් යොමු වී ඇත. ඇල්කොහොල් නිපදවීම හා විදුලි ජනනය ඉන් ප්‍රධාන තැනක් ගනී. ජෛව ස්කන්ධ, ප්‍රතිචක්‍රීකරණයහා කඩදාසි, පොහොර වැනි දේ නිෂ්පාදනයට ගත හැකි නිසා කුණු කසල ලෙස ඉවත් කල යුතු ප්‍රමාණය අඩු වී යයි. කුණු කසල බැහැර කිරීමේ ස්ථාන පිළිබඳ ප්‍රශ්න ද මින් අවම වේ. වර්තමානයේ ජෛව ඉන්ධන යොදාගත හැකි නුතන ක්‍රම සොයමින් පවතී. ජෛව ඉන්ධන මගින් එතනෝල් නිෂ්පාදනය කර එමගින් රථවාහන ධාවනය ඉන් එකකි. එලෙසම ජෛව ඉන්ධන යොදා විදුලිබලය නිපදවීම ද ඉතා වැදගත් තැනක් ගනී.
පී.ඩී.පී.ධනසේන
විද්‍යා හා තාක්ෂණ නිලධාරී
අඹන්ගගකෝරළේ
0 comments:
Post a Comment