සුමුදු ලෝම සහිත බිළාලයකුගේ පහුරු ගෑමකින් මරණය පවා ඇතිවිය හැකි බව ඔබට සිතුණිද? එය එසේමයි.නොරිස්සුම් සහගතව ලෙඩගානේ සිටින බළලෙකුගේ පහුරුගෑමකට ලක්වු අයෙකු වූයේ නම් ඒ අය බළලුන් පහුරු ගෑමේ රෝගය නැමැති තත්ත්වයට ගොදුරු විය හැකි යයිද එයින් බැක්ටීරියා ආසාදනය වී බලවත් ලෙස එකී රෝගයට ගොදුරු වී ඇතැම්විට රෝහල්ගත විම් පවා ද සිදුවිය හැකිය.
Text Box: බළලුන් විසින්
පහුරු ගෑමෙන් ඇමෙරිකානුවන් වසරකට ආසන්න වශයෙන් 12,000 දෙනෙකුට පමණ අසාධ්‍ය වන බවත් රෝහල්ගත කෙරෙන
බවත් ඇමෙරිකාවේ රෝගපාලන වැලැක්විම සදහා වන U.S(එක්සත් ජනපද) මාධ්‍යස්ථානය කියයි.
ආසාදනය වු මැක්කන් මගින්, මේ රෝගය පැතිර යයි. මේ මැක්කන්ගේ වසුරු වල තිබෙන Bortonella henselae නම් බැක්ටීරියාව නිසා බළලුන්ගේ ලෝම අපවිත්‍රව පවතී. ඇතැම්විට මේ බැක්ටීරියාව නිසා බිළාල වර්ගයේ සතුන්ටද රෝගය වැළදී ඇති නිසා එකී සතුන්ගේ සිරුරුද කැසීම් ආදිය සිදුකරන හෙයින් උන්ගේ නියවල ද රෝග කාරක විෂබීජ ගහනව පවතී. බිළාලයන්ගේ පහුරු ගෑමෙන් එම විෂබීජ,පහුරුගෑමට ලක් වු පුද්ගලයෙකු වෙත ද හුවමාරුවෙයි යනුවෙන් C.D.C (Centers for disease Control) ආයතනයේ ප්‍රධාන පර්යේෂිකා වෛද්‍ය ක්‍රිස්ටිනා නෙල්සන් මැතිනිය ප්‍රකාශ කරයි. ඇයගේ ප්‍රකාශය අනුව බිළාලයන්ගේ සපාකෑම නිසා හෝ මිනිස් සමෙහි ඉරායාමක් හෝ සීරීමක් ඇති වීමෙන්, රෝගවලට ගොදුරු වියහැකි බව පෙනෙයි.
රෝග ව්‍යාප්තියේ වපසරිය හා අධි අවධානමක සිටින්නේ
කවුරුන්ද යන වග තක්සේරු කිරිමට පර්යේෂකයෝ ද
රක්ෂණ හිමිකම් දත්ත විභාග කෙරෙති. ඒ අනුව එක්සත් ජනපදයේ දකුණු දිග වෙසෙන
ජනතාවගෙන් වයස අවුරුදු 5-9 දරුවන් උක්ත රෝගයට අධිකව ගොදුරු වන බව පර්යේෂකයෝ
සොයාගෙන ඇත.
සම තුලට බැක්ටීරියා ආසාදනය වු ස්ථානය අසල වසා ග්‍රන්ථි
වල ඉදිමුමක්(bump) හෝ
රෝගයට ගොදුරු වූ අය බලවත් තෙහෙට්ටු ස්වාභාවයකින් හා උණ රෝගයෙන් පෙළෙන බවත්,
නෙල්සන් මැතිණිය ප්‍රකාශ කරන්නීය.
රෝගයට හේතුවු බැක්ටිරියා ඇතුල් වූ ස්ථානයේ සම මතුපිට වසා
ග්‍රන්ථි ඉදිමුමක් දැකිය හැකි වීම මෙහි ප්‍රධාන ලක්ෂණයක් බවද සදහන් කර ඇත.
බිළාලයන්ගෙන් බෝ වන මෙම රෝගයට එය හොද සලකුණක් බව ඇය පවසයි.
මිනිස් සිරුරට ඇතුල් වූ බැක්ටීරියා නසා දෑමිමට(Course of anti-biotios) ප්‍රතිජීවක
ඖෂධ පංතියක් ගතයුතු බව නෙල්සන මැතිණියගේ මතයයි.
ඒ අනුව රෝහල්ගත වන අයගේ (පිරිමින්ගේ) සංඛ්‍යාවේ වයස්
පරතරය 50-64 වන බව එකී පර්යේෂකයෝ සොයාගෙන ඇත.
ඔබ රෝග බෝවිම පිළිබදව කණස්සලු වෙයි නම් එහි අර්ථය එකී
සතුන්ගේ ලෝම ඉවත් කළයුතු බවද? නැත. ආසාදනය වීම අඩු කිරීමට උපායක් ඕනෑ විය හැකි බව
පර්යේෂකයෝ කියති. බිළාලයන් සපාකෑමෙන් වන රෝගය වැළැක්විය හැකිය. එහි ඇති අවධානම
අඩුකළ හැකියැයි නෙල්සන් මැතිණිය කියන්නීය.
Text Box: නෙල්සන්
මහත්මිය සදහන් කරන ආකාරයට සමහර අයට මෙලෙස බිළාලයන් සපාකෑම නිසා මෙකී බැක්ටීරියා
විෂබීජ ඔවුන්ගේ මොළය හා අක්ෂි වලටද බලපෑම් කරන බවත් ඇතැම්විට කලාතුරකින් මෙකී රෝගි
අය මරණයට පවා පත්වන බවත් ඇයගේ මතයයි.
ඇය එහිදී සරළ පියවර ලෙස අවධාරණය කරන්නේ මෙම
බළලුන්(බිළාලයන්) කෙටි කාලීනව හෝ එළිමහනෙහි තැබිමෙන් මෙම මැක්කන්ගෙන් වන ආසාදන තත්ත්වය අඩු කළ හැකි
බවයි.
ලෝම සහිත බළලුන්ගේ සිරුර මැස්සන්ගෙන් නිදහස්ව තබා ගැනීමට
මැස්සන් පාලනය කරන නිෂ්පාදන වලට මෙකී රෝග හටගැන්ම අසිරිමත් ලෙසින් අවම කළ හැකිය.
එසේම බළලා ස්පර්ශ කළ පසු දෙඅත් සෝදා ගැණිම යහපත් අදහසකි.
එසෙම ඔබගේ බළලා මැක්කන්ගෙන් නිදහස් බළලෙකු
කිරීමට නම් ප්‍රදේශයේ ඔබගේ පශු වෛද්‍යවරයා හමු වී අවශ්‍ය පියවර ගතයුතුය
බළලුන් පහුරු ගෑමෙන් වන රෝගය පිලිබද හදුනා ගැනීම අඩු
හදුනාගැනීමත් සහිත රොගයක් වීම ගැටළුවකි. එම නිසා බළලුන් හා කෙලි දොලෙන් පසුවනවා
නම් ප්‍රෙව්සම් කාරීව එහි නිරත වියයුතු යැයි නිව්යෝර්ක් නගරයේ (සරසවියේ) වෛද්‍ය
මාර්ක් සිගල්(Mark Siegal) මහතා කියයි. එය සාමාන්‍ය මෘදු රෝගයකි. ළමුන් සදහා බොහෝ විට එය
ගැටළුකාරිය. යැයි ඔහු පවසයි. බළලුන්ගේ මෙම බැක්ටිරියා ආසාදන තත්ත්වය බාහිර පරිසරයේ වැඩි කාලයක්
ජීවත්වන බළලුන් තුළ දැකිය හැකි. සාමාන්‍ය තත්ත්වයක් යැයි මාර්ක් සිගල්
මහාචාර්යවරයා කියයි.කැලෑවේ ගොදුරු සොයා යන හෝ කැළෑවල දඩයමින් දිවිගෙවන බළලුන්ට මේ
මැක්කන්ගේ බලපෑම බහුලව ඇති බවද ඔවුන් බැක්ටිරියා වැනි ආසාදන ගෙන ඒමට වැඩි
හැකියාවක් ඇති බව ද ඔහුගේ අදහසයි.
එම නිසා ගොදුරැ සොයා යාම හා ඔබගේ බළලා ඉබගාතේ ඇවිදින්නේ
නම් එම සත්ත්වයන් ස්පර්ශ කිරීමෙන් පසු ඔබත් ඔබගේ දරුවනුත් දෙඅත් සෝදා පිරිසිදු විය
යුතු යැයි Sigal මහාචාර්යවරයාගේ
පවසයි.
බිළාල වර්ගයට අයත් සතුන්ගෙන් විශාල සතුන් ලෙස එනම් ලොකු බළලුන් ලෙස ගැනෙන්නේ, Leopards, Lions, Cheetahs, Jaguars, show leopards , clouded leopards යන
සතුන්ය.
මේ හැර වල් බළලුන් ලෙස ගැනෙන 28 වර්ගයක බිළාලයන් ගණනක්
අපට හමුවෙයි.බිළාල වර්ගයේ සත්ත්වයින්ගේ විශේෂයක් වන්නේ ඔවුන් හුදෙකලා
ජීවිතයක් ගත කිරීමට රුචි වීමයි.
ආශ්‍රිත ලිපි හා පොත්පත්
01. childrens Encyclopelia
(King fishcs publications) -1998
02. Alanbag පුවත්පත(මැදපෙරදිග) -2016-සැප්-25 ඉරිදා
එච්.එම්.අයි.ගැමුණු විජේසිංහ
විද්‍යා හා තාක්ෂණ නිලධාරි
0 comments:
Post a Comment