Bringing you the latest information in the field of Technology and Research

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

September 30, 2016

එකිනෙකාට හිංසා කිරීමට මනුෂ්‍යයා පරිණාමනය වුයේ කෙසේද?

එකිනෙකාට හිංසා කරගැනීමට හැකි ලෙස මිනිසා පරිණාමනය වී තිබේ.එහෙත් අපි සාදාකල් එසේ නොවුනෙමු. එලෙසම අපට එසේ වීමට අවශ්‍ය වන්නේද නැත. අනෙක් ක්ෂීරපායි සත්වයන් හා සංසන්දනාත්මකව සහ අපගේ ඉතිහාසයට අනුව අනෙකාගේ ලේ සෙලවීමට අප යොමු වුයේ කෙසේදැයි ග්‍රනාඩා විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ජෝස් මරියා ගෝමස් ඇතුළු කණ්ඩායමක් පර්යේෂණාත්මක අධ්‍යනයක යෙදුනේය. මියගිය මිනිසුන් මිලියන 04 ක දත්ත සහ වංශ...

Drones (ඩරෝණ) වලින් අහස පිරේද?

මේ දිනවල Drone (ඩරෝණ) නියමු බලපත්‍රය ලබා ගැනීම හා Drone (ඩෝණ) ලියාපදිංචිය සදහා විශාල අයදුම් පත්‍ර සංඛ්‍යාවක් ඉදිරිපත් වී තිබේ. මේනිසා නුදුරු අනාගතයේදීම අහස මිනිසුන් රහිත ගුවන් යානා මිලියන ගණනකින් පිරී යනු ඇතැයි ඇමෙරිකානු ෆෙඩරල් ගුවන්සේවා ආයතනය (FAA) සැක පහල කරති. ෆෙඩරල් ගුවන්සේවා පරිපාලනය මගින් Drone ලියාපදිංචි කිරීමේ වැඩ පිළිවෙල ආරම්භ කර මාස 9 ක් වැනි කාලයක් තුලදී 550,000...

September 29, 2016

අධික වායු දුෂණය නිසා මිනිසුන් 92% කට බලපෑම් සිදුවේ.(ලෝ.ස.සං)

අධික වායු දුෂණය නිසා ලොව සෑම පුද්ගලයින් 10 කින් 9ක්ම හදවත් රෝග, ආඝාත, පෙනහළු පිළිකා ඇතුළු විවිධ ගැටලුවලට මුහුණපාන බව ලෝක සෞඛ්‍ය සංවිධානය(WHO) වාර්තා කරයි. අග්නිදිග ආසියාව, නැගෙනහිර මධ්‍යධරණිය සහ බටහිර පැසිපික් ප්‍රදේශවල වායුවේ ගුණාත්මක බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ සිමා පසු කරමින් පිරිහී තිබෙන බවත් එම රටවල ජනගහනයෙන් 92% කට මෙම තත්වය දරුණු ලෙස බලපා ඇති බවත් එක්සත් ජාතීන්ගේ සෞඛ්‍ය...

පෘථිවියේ CO2 තීරණාත්මක සීමාවක!!!

පෘථිවියේ කාබන්ඩයොක්සයිඩ් (CO2) මට්ටම සෑම වසරකම සැප්තැම්බර් මාසයේදී අඩුවීමක් දක්නට ලැබුනද මෙම 2016 වසරේදී එය සීමාකාරී මට්ටම ඉක්මවා ගොස් ඇත. ගිම්හාන කාලයෙන් පසු සාමාන්‍යයෙන් ශාක වර්ධනය පටන්ගන්නා නිසා කාබන්ඩයොක්සයිඩ්, ශාකවලට ලබාගැනීම සාපේක්ෂව ඉහළ යයි. එම නිසා  උතුරු අර්ධගෝලයේ කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණය සැප්තැම්බර් මාසයේදී, සාපේක්ෂව පහළ අගයක් ගනී.  කොළ...

Google නව පික්සල් දුරකථන Android ක්‍රියා පද්ධති හදුන්වාදෙයිද?

Google ආයතනයේ 18 වෙනි උපන්දිනය සමරණ මේ දිනවල ඔක්තෝබර් 04 දා පවත්වන ඔවුන්ගේ මාධ්‍ය උත්සවය පිළිබදවද මාධ්‍ය අවධානය යොමු වී තිබේ. නව smartphone යක්, නව ක්‍රියාකාරී පද්ධතියක් සහ නව ලැප්ටොප් පරිගණකයක් එහිදී එළිදැක්වෙනු ඇතැයි කටකතා පැතිරේ. කිසිවක් තවමත් තහවුරු කර නැතත් Google සමාගම වැඩිවියට පත්වීම ප්‍රකාශ කරනු ඇතැයි අපේක්ෂා කෙරෙන නිවේදන මගින් පික්සල් (pixel) හා Andromeda වචන දෙක...

ඉක්වදෝරයේ ස්පර්ශ නොවූ ජෛව විවිධත්ව සුරපුරයෙන් ඛනිජතෙල්

ඉක්වදෝරයේ මෙතෙක් කිසිවකු අත නොතැබූ ඇමසන් වනාන්තරයේ මුළු ගැන්වුණු ප්‍රදේශ වලින් පළමු ඛනිජතෙල් බිංදුව මෑතකදී ඉක්වදෝර් රජය විසින් ලබා ගත් බව වාර්තා වේ. මෙම ග්‍රහ ලෝකයේ වඩාත්ම ජෛව විවිධත්වය සහිත ප්‍රදේශය ලෙස නැගෙනහිර ඉක්වදෝරයේ යසුනි (Yasuni) ජාතික වනෝද්‍යානය සැලකේ. එලෙසම එම ප්‍රදේශය යට 40% ක හෙවත් බැරල් බිලියන 1.67 ක ප්‍රමාණයක තෙල් සම්පතක් ඇති බවද සනාථ වී තිබේ. ඉස්පින්ගෝ,...

September 27, 2016

සජීවී පරිනාමකය (Transformer)

විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට වල මෝටර් වාහන මනුෂ්‍ය ස්වරුපයේ (මනුෂ්‍යාභය) රොබෝවන් බවට පත්වීම Transformer (ට්‍රාන්ස්ෆෝමර්) ලෙස ප්‍රසිද්ධියට පත්වී තිබේ.පසුගියදා තුර්කියේදී 2013 BMW මෝටර් රථයක් මනුෂ්‍යාභ (humanoid) රෝබෝවක් ලෙසට ස්වරුපය සජීවීව වෙනස් කරමින්  Transformer චිත්‍රපට කථාවන්ට යම් සජීවී බවක් ලබා දෙන ලදී. කුඩා දරුවන් ලෙස අප සියලුදෙනාම පාහේ රුපවාහිනියේ හා චිත්‍රපටි...

සොරා ගත් හෝ අස්ථාන ගත වූ භාණ්ඩ සොයා දීමේ තාක්ෂණය

සෑම වසරකම මෝටර් රථ විශාල ප්‍රමාණයක් සොරකම් කරන බව වාර්තා වේ.ඔබගේ හෝ ඔබේ මිතුරාගේ මෝටර් රථය සොරකම් කර ඇති බව දැනගත් විට ඔබ කොතරම් දුකට පත්වෙනවාද? මෝටර් රථ සොරුන්ගෙන් ආරක්ෂා කර ගැනීම සදහා කොතරම් නවීන ක්‍රම තිබුනද ඒ හා සමානව සොරකම් කිරීමේ ක්‍රමද දියුණුවී තිබේ. මෝටර් රථ අනතුරු ඇගවීමේ සංඥා විසන්ධි කළ හැකිය, දොරවල් යතුර නොමැතිව පමණක් නොව සමහර විට පරිගණක මගින් දොරට අත හෝ නොතබා...

September 24, 2016

සොබාදහමේ නැනෝ තාක්ෂණය

දිනෙන් දින කරලියට පැමිණෙන නැනෝ තාක්ෂනය හා බැදුණු නිෂ්පාදන හා පර්යේෂණ  බොහොමයක්ම පාදක වී ඇත්තේ  අප අවට පරිසරයේම ඇති විවිධාකාර සංසිද්ධීන් සියුම්ව අධ්‍යනය කිරීමෙන් ය. ලෝටස් ආචරණය (lotus leaf effect), සලබයාගේ ඇස (moth eye), මකුළු දැල්, හූනාගේ පාද, විචිත්‍රවත් සමනල පියාපත්, මොනර පිල්  ආදී  සොබාදහමේ අපුර්ව නිමැවුම් මේ සදහා නිදසුන් කිහිපයකි. කෙතරම් කුණු දුහුවිලි...

September 23, 2016

ග්‍රහ රාශි වෙනස් නොවේ.

කලබැගෑනියකට  මුලපිරු  මවාගත් සිද්ධියක් පිලිබදව පසුගියදා වාර්තා විය. නාසා ආයතනය විසින් ග්‍රහ රාශි වෙනස් කරනු ඇතැයි සති අන්තයේ  Cosmopolitan සගරාව වාර්තා කිරීම එයට හේතු පාදක වී තිබේ.ජ්‍යෙතිඥයන් පමණක් නොව ගණනය කිරීමට තරම් අපහසු මිනිසුන් ප්‍රමාණයකට මෙය විශාල ගැටළුවක් විය. වසර 2000 කට පසු පළමුවරට නාසා ආයතනය ජ්‍යෙතිෂ ශාස්ත්‍රයේ සංඥා යාවත්කාලින කිරීමට අදහස් කර...

September 22, 2016

ලොව ප්‍රථම යාන්ත්‍රික ශරීරාංග ඔලිම්පික් තරගාවලිය (Cybathlon)

ලොව පුරා සිටින යාන්ත්‍රික ශරීරාංග භාවිතා කරන්නන්ගේ ඔලිම්පික් තරගාවලිය ලබන මස ස්විට්සර්ලන්තයේ සුරිච් නුවර පැවැත්වීමට නියමිතය. මෙහිදී යාන්ත්‍රික ශරීර සැකිලි, ඉලෙක්ට්‍රොනික අත් පා , බලගැන්වූ රෝද පුටු හා වෙනත් තාක්ෂණික උපකරණ එදිනෙදා ජීවිතය පවත්වාගෙන යෑම සදහා භාවිතා කරන පුද්ගලයන් තරගකරුවන් ලෙස සහභාගී වේ. ලොව ප්‍රථම වතාවට පවත්වන මෙම Cybathlon තරගාවලියට කණ්ඩායම් පනහක් සහභාගී වීමට...