May 18, 2015

රක්ත වාතයට Methotrexate (මෙතොට්‍රික්සේට්) ගන්නවාද?

Methotrexate යනු කුමක්ද?
ප්‍රතිශක්තීකරණ පද්ධතියේ ක්‍රියාකාරීත්වය අඩුකරන ‍‍ඖෂධයකි. එය සමහර පිළිකා තත්වයන් සඳහා ප්‍රතිකාර කිරීමටද ගනු ලැබේ. තවද උත්සන්න වූ  රුමැටොයිඩ් ආතරයිටිස් (Rheumatoid arthritis) හා පොතුකබර (Psoriasis) රෝගය සඳහා විකල්පයක් නොමැති විට Methotrexate ඒ සඳහා යොදා ගනී. රුමැටොයිඩ් ආතරයිටිස් හා පොතුකබර යනු ස්වප්‍රතිශක්තීකරණ (Autoimmune disease) රෝග වන අතර ඒවා ඉතා ක්‍රියාකාරී ප්‍රතිශක්තීකරණ පද්ධති හා සම්බන්ධය. 


Methotrexate ඖෂධය මගින් ප්‍රතිශක්තීකරණ පද්ධතියේ මෙම සංකූලතා අඩුකරයි. නමුත් මෙම ‍‍ඖෂධය භාවිතයෙන් අතුරු ආබාධ ඇතිවන බැවින් ප්‍රවේශමෙන් භාවිතාකල යුතුය. 

Methotrexate භාවිතා කරන්නේ කෙසේද?
Methotrexate ගිලින පෙත්තකි. සමහරවිට එය එන්නතක් ලෙසද ලබා දේ. එය ඉතා ප්‍රබල ඖෂධයකි. එම නිසා එය වෛද්‍ය උපදෙස් පරිදි පමණක්‌ ගැනීම අත්‍යවශ්‍ය වේ. එහි මාත්‍රාව වෙනස් නොකළ යුතු අතර දවසේ එකම වේලාවකදී ගැනීම කළ යුතුය. ඔබ හට එම ඖෂධ මාත්‍රාව ගැනීමට අමතක වූ විට තවත් මාත්‍රාවක් නොගෙන වෛද්‍ය උපදෙස් පැතිය යුතුය. ඔබ අධික මාත්‍රාවක් ගත හොත් දරුණු අතුරු ආබාධ ඇති වේ.

Methotrexate වල සුලභ අතුරු ආබාධ...........
ඉතා සුලභ අතුරු ආබාධ නම් කෑම අරුචිය, හිසේ අමාරුව සහ සමහරවිට වමනය ඇතිවීම වේ‍. හිසකෙස් තුනී බවට පත් වේ. මුඛයේ තුවාල ඇති වේ. මෙම ‍‍ඖෂධය ගැනීමෙන් ඇතිවූ අතුරු ආබාධ වේනම් ඒ බව වෛද්‍යවරයාට පැවසිය යුතුය. පහත දැක්වෙන අතුරු ආබාධ ඇති වූ විට වහාම වෛද්‍ය උපදෙස් ලබා ගැනීමට කටයුතු කල යුතුය.
1.      උණ සෑදුන විට හා ශරීරයට උණගතිය දැනුනු විට.
2.      පාචනය ඇති වූ විට‍.
3.      කරදරකාරී ලෙස කැස්ස ඇති වූ විට.
4.      හුස්ම ගැනීම ඉක්මන් වූ විට.
5.      අසාමාන්‍ය ලෙස රත්පැහැවීම හා ලේ ගැලීම. (මළපහ කළු පාට වීම)

Methotrexate භාවිතයේදි මතක තබා ගත යුතු කරුණු
1.      සෑම විටම වෛද්‍යවරයා හමුවී වෛද්‍ය උපදෙස් මත පමණක් ඖෂධය ලබා ගැනීම.
2.       වෛද්‍යවරයා ඖෂධයෙන් ඔබට ඇතිවූ බලපෑම ගැන අවධානය යොමු කරනු ඇත.
3.      වකුගඩු ,අක්මාව, ලේ නිෂ්පාදනය පිළිබඳව වෛද්‍යරයා විසින් නිර්දේශ කරන ලද වෛද්‍ය වාර්තා වෛද්‍ය වරයාගේ අවධානයට ඉදිරිපත් කළ යුතු වේ.
4.      ඖෂධය බොන අතර තුර මධ්‍යසාර, බියර් සහ වයින් භාවිතයෙන් වැලකිය යුතුය. එමඟින් අක්මාවට අහිතකර බලපෑම් ඇති වේ.
5.       වේදනා නාශක හා ඉදිමුම වැලැක්වීමට භාවිතා කරන බෙහෙත් මෙම ඖෂධය සමඟ නොගතයුතු අතර වෛද්‍යවරයා නිර්දේශ කලවිට පමණක් ගත හැකිය. එමඟින් Methotrexate ඖෂධයේ බලපෑම වැඩි වී අහිතකර තත්ව ඇති වේ.
6.       මෙම ඖෂධය ගන්නා විට එන්නත් ලබා ගැනීමෙන් වැලකිය යුතුය. ඖෂධය  නතර කිරීමෙන් පසු වෛද්‍යවරයා අනුමත කල විට පමණක් එන්නත් ලබා ගැනීම කල යුතුය.
7.       මෙම ඖෂධය භාවිතා කිරීමේදී වෙනත් ආසාදන ඇති වීමට පහසු බැවින් රෝගීන්ගෙන් වෙන් වී සිටීමට වගබලා ගත යුතුය.

ගැබිනි මව්වරුන්ට හා කිරිදෙන මව්වරුන්ට Methotrexate භාවිතා කළ හැකිද?
ගැබිනි සමයේදී හෝ කිරිදෙන සමයේදී හෝ දරුවෙකු පිළිසිඳ ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින විටදී මෙම ඖෂධය ගැනීමෙන් වලකින්න. එය බේ දරුවාට අයහපත් බලපෑම් ඇති කරයි.  තවද මෙම ඖෂධය ලබාගන්නා කාලය අතරතුර පිළිසිද ගැනීමෙන් වැලකීමට හෝ උපත් පාලනය කිරීමට හෝ ලිංගිකව හැසිරීමෙන් වැලකීමට වග බලා ගන්න.

Methotrexate ගැනීමෙන් අනතුරුව දරුවෙකු අපේක්ෂා කරන්නේ නම් අන්තිම බෙහෙත් මාත්‍රාව ගැනීමෙන් පසු එක් සප් චක්‍රයක් නිම වන තෙක් සිටිය යුතුය.
තවද බගේ සහකරුවා Methotrexate ඖෂධය ලබා ගන්නේ නම් අවසාන මාත්‍රාව ගෙන මාස 03 ක් ගත වන තුරු දරුවෙකු පිළිසිද ගැනීම පමා කිරීම කල යුතුය‍.

උපුටා ගැනීම
http://familydoctor.org/familydoctor/en/drugs-procedures-devices/prescription-medicines/methotrexate.html

0 comments:

Post a Comment