May 8, 2015

ඉලෙක්ට්‍රෝනික කණ්ණාඩිය නිසා අන්ධ මව තම දරුවා මුල්වරට දකී.

කැතී බිලිට්ස් වයස අවු. 11 සිට නෛතිකව අන්ධ කාන්තාවකි. ඇයට තිබූ පෙනීම ඉතාමත් කුඩා විය. මධ්‍යම දැක්ම ඉතා අඩු එහෙත් පර්යන්ත දැකීම සාමාන්‍ය තත්ත්වයේ පවතින Stargardt රෝගයෙන් ඇය පෙළුණාය. වයස අවුරුදු 10-20 කාලයේදී මෙම රෝගය පටන් ගන්නා අතර එය ප්‍රවේණිගතව පිරිහෙන රෝගයකි. මැකයුලා ලෙස හදුන්වන දෘෂ්ඨි විතානයේ මධ්‍යම කොටසේ ආලෝක සංවේදී ප්‍රභාග්‍රාහක සෛල මිය යාම නිසා මෙම රෝගී තත්ත්වය ඇතිවේ.

බිලිට්ස් සම්පූර්ණයෙන්ම අන්ධ නොවුනද ඇයගේ දර්ශන මධ්‍යය අන්ධ වීම නිසා වස්තු සහ මුහුණවල් නොපැහැදිලි හා හදුනාගත නොහැකි ලෙස ඇයට දර්ශනය විය. මෙවැනි රෝගීන්ට සම්පූර්ණ පෙනීම ලබා දීමට අවශ්‍ය ප්‍රතිකාර දැනට නොමැත. කෙසේ වෙතත් සොයා ගෙන ඇති නව තාක්ෂණයේ ආධාරයෙන් එවැනි රෝගීන්ට ලොව එළිය බැලීමේ අවස්ථාව උදාවී  තිබේ.

මෙම ඉලෙක්ට්‍රෝනික කණ්ණාඩිය "eSight "නමින් හදුන්වන අතර භාවිතා කරන්නන්ට නිවැරදි පැහැදිලි දසුනක් ලැබෙන තෙක් සීරුමාරු කළ හැකි විවිධාකාර උපාංග, බහුවිධි ආකාරයෙන් එක් කළ හැකි කණ්ණාඩියක් වේ. කණ්ණාඩි රාමුවේ සවිකර ඇති headset හි ඇති  අධි සංවේදී කැමරා මගින් වීඩියෝ රූප ලබා ගනී. භාවිතාකරන්නන්ගේ ඇස් ඉදිරියේ පිහිටි ඓන්ද්‍රීය ආලෝක විමෝචන ඩයෝඩ වෙත මෙම වීඩියෝ රූප ලබාදේ. බාහිරව  පාලනය කළ හැකි උපකරණයක් මගින් ඡායාව වඩාත්ම නිවැරදි රූපයක් බවට පරිවර්තනය කිරීමට අවශ්‍ය විශාලනය වැනි ක්‍රියා සඳහා පහසුකම් ලැබේ. එමගින් අවට ලෝකයේ වඩාත් නිවැරදි රූපය දැකීමට රෝගීන්ට හැකියාව ලැබේ.
සිත්ගන්නා සුළු ලෙස eSight ,14 වරක් විශාලනය කිරිම, ඡායාවේ ආලෝක වැඩි කිරීම, වර්ණාවලි දර්ශනය ප්‍රතිරාවය කිරීම වැනි ගුණාංග වලින් සමන්විතය. ඒ නිසා සාමාන්‍ය පෙනීමක් ඇති පුද්ගලයන් නොදකින බොහෝදේ මෙවැනි රෝගීන්ට දැකීමට අවස්ථාව සැලසේ යැයි මෙම සොයාගැනීමේ නියුතු සාමාජිකයෝ තම වෙබ් පිටුවල සඳහන් කර තිබේ.
 
eSight ආරම්භයේදී මිල අධික වුවද රෝගීන් ශල්‍යකර්ම සඳහා වියදම් කළ යුතු මුදල සහ eSight හි කාලයත් සමග සිදුවන සංවර්ධනය නිසා ඉක්මනින් මිල අඩුවීම සැළකිය යුතුය. එලෙසම  රක්ෂණ සමාගම් හා කටයුතු කිරීමෙන් මෙම කණ්ණාඩිය සාමාන්‍ය ජනතාවට ලබා දීමේ හැකියාවක් නිර්මාණකරුවන්ට ලැබේ.

උපුටා ගැනිම -
Electronic Glasses Allow Legally Blind Woman to See Her Baby for The First Time by Justine Alford
https://www.youtube.com/watch?v=e9crPvfcEy4

0 comments:

Post a Comment