May 27, 2015

ත්‍රිමාණ මුද්‍රිත හක්ක නිසා ජීවත්වන මුහුදු කැස්බෑවා

අතීතයේදී  නැවක හෝ බෝට්ටුවක අවර පෙත්තක් හා ගැටුණු මුහුදු කැස්බෑවෙකුගේ ජීවිතය පිළිබඳව විශ්වාසයක් නොතිබුණි. එහෙත් දැන් ත්‍රිමාණ මුද්‍රිත හක්ක පැළඳවීමෙන් එලෙස  තුවාල ලැබූ මුහුදු කැස්බෑවකුගේ ජීවිතය ගලවා ගෙන තිබේ. එපමණක් නොව මෙම කැස්බෑවාට සාමාන්‍ය ජීවිතයක් ගත කිරීමට අවස්ථාවද උදා වී ඇත.

අවර පෙත්තේ වැදී තුවාල වූ කැස්බෑවාගේ හකුව සම්පූර්ණයන් විනාශ වී මරණාසන්න වූ විට ඌ බේරාගෙන තුර්කියේ ඩෙන්සිලි හී පාමුක්කලේ පිහිටි මුහුදු කැස්බෑවන් පිළිබඳ පර්යේෂණ ආරක්ෂණ සහ පුනුරුත්තාපන මධ්‍යස්ථානයට ගෙන එන ලදී. එම ආයතනය තුර්කියේ Btech නම් නව සොයා ගැනීම් සමාගම හා එක්ව මෙම මුහුදු කැස්බෑවා සඳහා හක්කක් නිර්මාණය කරන ලදි. ඉන්පසු ටයිටේනියම් යොදා එය ත්‍රිමාණ මුද්‍රණයෙන් අච්චු ගසන ලදී.

ත්‍රිමාණ හක්කක් සැලසුම් කිරීම සඳහා මුහුදු කැස්බෑවෙකුගේ සත්‍ය හක්කක් Scan කිරීමෙන්  ත්‍රිමාණ ආදර්ශනයක් සකස් කර තිබේ. ඉන්පසු එම ආදර්ශනය වෛද්‍ය විද්‍යාත්මක වූ ටයිටේනියම් යොදා ගෙන මුද්‍රණය කර ආබාධිත වූ මුහුදු කැස්බෑවාට එය ශල්‍ය කර්මයකින් බද්ධ කිරීම සඳහා මෙම යාන්ත්‍රික හක්ක ආරක්ෂණ මධ්‍යස්ථානයට යැව්වේය. මුහුදු කැස්බෑවා තවමත් වෛද්‍ය නිරීක්ෂණ මත සිටින අතර යාන්ත්‍රික හක්ක ප්‍රතික්ෂේප කිරීමෙන් වළක්වාලීමට විද්‍යාඥයින් විශේෂ අවධානයෙන් කටයුතු කරයි. එහෙත් නවීන තාක්ෂණය නිසා යාන්ත්‍රික හක්ක සහිත මුහුදු කැස්බෑවා ඉක්මනින් මුහුදේ පීනායනු දැකිය හැකිය.

උපුටාගැනීම :
Wounded Sea Turtle gets a 3D printed jaw by Kelsey D Atherton

https://www.youtube.com/watch?v=NKgFSNXb0lQ

0 comments:

Post a Comment