May 5, 2015

ස්ට්‍රෝබෙරි

ස්ට්‍රෝබෙරි විවිධ පර්යේෂණ වලට පදනම් වූ ශාකයකි.
ස්ට්‍රෝබෙරි නිස්සාරක සමේ සෛල සමග එක් කිරීමෙන්  පාරජම්බුල කිරණ වලින් සම ආරක්ෂා කිරීමේ හැකියාව පිළිබදව පර්යේෂකයන් විසින් පෙන්වා දි ඇත.

මිනිසාගේ සමෙහි ‍සෛල සහ ස්ට්‍රෝබෙරි නිස්සාරක විවිධ සාන්ද්‍රනයන්ගෙන් මිශ්‍ර කිරීම
මෙම නියැදි පාරජම්බුල කිරණ වලට නිරාවරනය කිරීම
නියැදි වල D N A විශ්ලේෂණය
ස්ට්‍රෝබෙරි නිස්සාරක  වල අඩංගු D N A පාරජම්බුල කිරණ වලින් ආරක්ෂා වී ඇති බව මෙම පර්යේෂණ වලින් පෙන්වා දී ඇත.

ඉතාලි ජාතිකයන් විසින් මෙම යූෂ යොදා ගෙන සමෙහි ගල් වන ක්‍රීම් වර්ගයක් නිර්මාණය කර ඇත.
මෙම හැකියාව ලැබී ඇත්තේ මෙහි ඇති ඇන්තොසයනින් වර්ණකය නිසාය.

ඇන්තොසනින් ස්වභාවික වර්ණකයක් වන අතර පළතුරු එළවළු, ධාන්‍ය හා මල්වල  රතු දම් නිල් වර්ණ ඇති කිරීමට හේතු වන්නේ මෙම වර්ණකයයි.  ශාක වල අඩංගු රසායන ද්‍රව්‍යක් වීම නිසා හා පරාගනයේ දී ආකර්ශනයට  බලපාන  නිසා  දිගු කලක් තිස්සේ උද්භිද විද්‍යාඥයින් හා ශාක කායික විද්‍යාඥයින්ගේ පර්යේෂණයන්ට මෙම වර්ණකය විෂයය වී තිබේ.  එසේම ජීව විද්‍යාවේ වර්ගීකරණ අධ්‍යනයන් සදහා ද බොහෝ වැදගත් වේ.  ස්ට්‍රෝබෙරි , සාන්ද්‍ර පළතුරු යුෂ , වයින් අදියේ වර්ණක බිද වැටීම මෙම අධ්‍යනයන් ට මූලික හේතුව වී ඇත.

ඇන්තොසයනින් වල ස්වභාවිකව වෙන් වෙන්ව පවත්නා ව්‍යූහ 300කට වැඩි ප්‍රමාණයක් හදුනාගෙන ඇත.

ඇන්තොසයනින් ශරීරයට ඉතා හිතකර  වන අතර රෝග ගණනාවක් වැලකීමේ හැකියාවද පවතී. මිදි, නිවිති,  රතු අල, පත්තක්කා, හාතවාරිය,වම්බටු, දංරට මෑ,දෙළුම්  ඇන්තොසයනීන් වර්ණක බහුල ආහාර වේ.

ස්ට්‍රෝබෙරි සහ ඇන්තොසයනින් බහුල ආහාර වල ප්‍රතිඹක්සිකාරක හැකියාව ඇත.බැර ලෝහ සහ විවිධ අහිතකර ශරීරයට එක් මෙන් ඇති වන ‍රෝග මර්ධනය කරයි.
රැධිරයේ කොලෙස්ටරෝල් මට්ටම අඩු කරයි .හෘද රෝග ඇතිවීමේ අවධානම අඩු කරයි.
රැධිරයේ රතු රැධිරාණු ශක්තිමත් කරවයි.
අමාශයේ ආම්ලිකතාවය අඩු කරයි .ඇල්කොහොල් වලට ප්‍රතිරෝධී වේ.
ස්ට්‍රෝබෙරි  ශාක පත්‍ර වලට සිල්වර් නයිට්ට්‍රෙට් එක් කර සිල්වර් නැනෝ රිදි අංශු සාදා ගත හැක.

නැනෝ රිදී අංශුද ප්‍රතික්ෂුද්‍රජීවීකාරකයක්  ලෙස පර්යේෂකයන් විසින් මේ වන විට හදුනා ගෙනඇත.
නැනෝ රිදී අංශු අපගේ කෙස් ගසක විෂ්කම්භයට වඩා 50,000 වාරයකින් කුඩා ය. මෙම රිදී අංශු රෙදි සෝදන යන්ත්‍ර වලද භාවිතා වේ.

මෙහිදී සෝදන රෙදි මත බැක්ටීරියා වර්ධනය වලක්වයි.මෙම යන්ත්‍රය තුල රිදී අංශු විශාල සංඛ්‍යාවක් නිදහස් වේ.
රිදී අංශු ප්ලාස්ටික් ,ලෝහ වටා ප්‍රතික්ෂුද්‍රජීවී පටලයක් ලෙස යොදා ගත හැක.මෙම පටල E. coili, S. aureus වැනි ක්ෂුද්‍රජීවින්ට එරෙහිව ක්‍රියා කරයි.
මෙම පටල  ආහාර ඇසුරැම් ද්‍රව්‍යයක් ලෙස යොදා ගත හැක.මෙම ආහාර ඇසුරැම් මගින් තාපය ,උෂ්ණත්ව වෙනස්වීම් සහ දෙදරීම් වලින් ආහාර ආරක්ෂා කරනු ලැබේ.
   

උපුටා ගැනිම  -  Science daily articles

0 comments:

Post a Comment