May 27, 2015

ඔබේ මොලයේ සංඥාවෙන් අන් අයකුගේ අත පාලනය කළ හැකිද?

මිනිස් ශරීරයේ ඉතාම සංකීර්ණ සහ පුදුම සහගත ඉන්ද්‍රිය මොලයයි. නම කිවූ සැනින් එහි සංකීර්ණත්වය සිහි වූව ද මොලය පිළිබඳ මිනිසා ලබා ගෙන ඇත්තේ ස්වල්ප දැනුමකි.

සියළුම අධ්‍යාපන මට්ටම්වල සෑම සිසුවෙකුටම ස්නායු විද්‍යාව පිළිබඳ දැනුමක් වැටහීමක් ලබා දීමේ කාර්යයට උරදී ඇති පුද්ගලයෙකි ග්‍රේග් ගේජ්. “මොලයේ ක්‍රියාකාරීත්වය ගැන අපි තවම දන්නේ සුළු ප්‍රමාණයකී” 2012 වසරේ පැවති TED කථාවලදී ග්‍රේග් පැවසීය. ඒ නිසා කුඩා කාලයේ සිටම ඒ පිළිබඳ දැනුම හා උනන්දුව ඇති කළ යුතු බව ද ඔහු සඳහන් කළේය.

ස්නායු  විද්‍යාඥයකු සහ ඉංජිනේරුවකු වූ ග්‍රේග් ගේජ් මෑතකදී වැන්කුවර්හී පැවති TED කථාවේදී දියුණු කරන ලද Speaker Box නම්  උපකරණය ප්‍රදර්ශනය කරන ලදී. Speaker Box යනු ආක්‍රමණශීලී නොවන සරල උපකරණයක් වන අතර ද්විතියික හා ප්‍රාථමික සිසුන්ට එමගින් ස්නායු පද්ධතියේ විදුලි ආවේගයන් පිළිබඳ ඉගෙන ගැනීමට හැකියාව ලැබේ. ඔහු විසින් නිෂ්පාදනය කරන ලද බොහෝ DIY උපකරණ අතර මොලයේ පිටුපස කොටස් සම්බන්ධ උපකරණය Speaker Box වේ. මොලයේ ධාරිතාව පිළිබඳ ඉගෙන ගැනීමට කුඩා දරුවන් උනන්දුවෙන් හා ආශාවෙන් යොමු කිරීම සඳහා පමණක් නොව ස්නායු විද්‍යාව පිළිබඳ උනන්දුව උද්දීපනයට මෙය යොදා ගැනීම මෙහි අරමුණයි.

මොලය ඉතා සුවිශේෂි ඉන්ද්‍රියක් ලෙස ප්‍රකාශ කළ ද එහි ක්‍රියාකාරීත්වය සහ ගති ලක්ෂණ පිළිබඳ වැඩියමක් කිසිවෙකුට පැවසිය නොහැකි වී ඇත්තේ අපි පාසලේදී ස්නායු විද්‍යාව දරුවන්ට උගන්වන්නේ නැති නිසා බව ඔහු TED සාකච්ඡාවේ ප්‍රේක්ෂකයින්ට ප්‍රකාශ කරන ලදී.
ඉලෙක්ට්‍රෝඩ සහ පරිගණක පද්ධතියක් හා සම්බන්ධ වීමට කැමති ස්වේච්ඡා පුද්ගලයින් දෙදෙනෙක් මෙම Speaker Box උපකරණයේ ක්‍රියාකාරීත්වය දැක්වීමට අවශ්‍යය වේ. මෙමගින් චලනයේදී ඇතිවන විදුලි සංඥා හදුනාගෙන එමගින් මිනිසා -මිනිසා අතර සම්බන්ධතාවයේ අතුරු මුහුණත නිර්මාණය කළ හැකිය. එක් ස්වේච්ඡා පුද්ගලයෙකුගේ මොලයේ සංඥා මගින් අනෙක් ස්වේච්ඡා පුද්ගලයාගේ බාහුව පාලනය කිරීමට හැකිවේ.
ස්නායු සමට ආසන්නව පවතින නිසා සම්පූර්ණ ක්‍රියාවලියම ආක්‍රමණශීලී නොවේ. ඒ නිසා විශේෂයෙන් කුඩා දරුවන්ට සම්පූර්ණයෙන් ආරක්ෂාකාරී වන මෙම උපකරණය භාවිතයට අවශ්‍ය වන්නේ ස්නායුගත සහ ඇලෙන සුළු ආවරණ බාහුව සම්බන්ධ කිරීම පමණි. මේ සමග ඇති වීඩියෝව නරඹන්න.

උපුටා ගැනීම -
 How To Control Someone Else’s Arm Using Your Brain – by Morenike Adebayo

https://www.youtube.com/watch?v=rSQNi5sAwuc

0 comments:

Post a Comment