May 11, 2015

බෙහෙත් බොනකොට කන කෑම ගැනත් හිතන්න

 
ඖෂධ හා ආහාර අතර අන්තර් ක්‍රියාවක් යනු කුමක්ද?
මෙහිදී සිදුවන්නේ අප ගන්නා ආහාර, ඖෂධ වල අඩංගු සංඝටකයන් සමග ක්‍රියා කිරීමෙන් ඖෂධය නිසි ලෙස ක්‍රියාත්මක නොවීමයි. මෙය විටමින්, ඛනිජ වර්ග හා ප්‍රති අම්ලකාරක ඖෂධ (antacids) සඳහාද අදාල වේ.

ඖෂධ සඳහා ආහාර වල බලපෑම
සෑම ඖෂධයක් සඳහාම ආහාර වල බලපෑමක් නොමැත. නමුත් බොහෝමයක් ඖෂධ සඳහා අප ගන්නා ආහාර වර්ග හා ආහාර ගන්නා වේලාව මගින් බලපෑමක් ඇති කරනු ලැබේ.
උදාහරණයක් ලෙස සමහර ඖෂධ වර්ග හා ආහාර එකම වේලාවට ගැනීම මගින් ආහාර මාර්ගයේ ඖෂධ අවශෝෂණය වීමට බාධා ඇති කරනු ලබයි.
ආහාර මගින් ඖෂධ සිරුරට අවශෝෂණය කිරීම ප්‍රමාද කිරීම හෝ අඩු කිරීම සිදු කරනු ලබයි.
එබැවින් සමහර ඖෂධ වර්ග ආහාර ගැනීමට පෙර (empty stomach) ගත යුතුවේ.
උදා - ආහාර ගැනීමට පෙර - Omeprazole
          ආහාරයට පසු      - Diclofenac
අනිත් අතට සමහර ඖෂධ වර්ග ආහාර සමග ගැනීම හිතකර වේ. (උදා - Metformin මේ පිළිබඳ උපදෙස් අදාල වෛද්‍යවරයාගෙන් හෝ ඖෂධවේදියාගෙන් ලබා ගැනීම සුදුසු වේ.)

ඖෂධ - ආහාර අන්තර්ක්‍රියා පිළිබඳ දැනගත යුතු කරුණු
ඖෂධ ඇසුරුමේ ලේබලයේ ඇති උපදෙස් (Warning & Interaction precautions) හොඳින් කියවා ඔබට නොතේරෙන යමක් ඇත්නම් වෛද්‍යවරයාගේ්‍ හෝ ඖෂධවේදියාගේ උපදෙස් ලබා ගන්න.
වෛද්‍යවරයා විශේෂ උපදෙස් දුන් අවස්ථාවක හැර,
  •  සෑම විටම ඖෂධ සම්පූර්ණ වතුර වීදුරුවක් සමග ගත යුතුවේ. කිසිවිටකත් ඖෂධ ආහාර සමග මිශ්‍ර කර නොගත යුතුයි.
  •  කැප්සියුලය නොගලවා භාවිතා කළ යුතුය.
  •  සමහර ඖෂධ කෙරෙහි විටමින් හා ඛනිජ වර්ග බලපෑම් ඇති කරන බැවින් ඒවා එකම වේලාවකදී භාවිතා නොකළ යුතුයි.
  •  තාපය මගින් බලපෑම් ඇති කරන බැවින් උණුසුම් පාන වර්ග සමග මිශ්‍ර කර ඖෂධ භාවිතා නොකළ යුතුය.
  •  කිසිවිට මධ්‍යසාරමය පාන සමග ඖෂධ භාවිතා නොකළ යුතුය.


 උපුටාගැනීම- 
http://familydoctor.org/familydoctor/en/drugs-procedures-devices/prescription-medicines/drug-food-interactions.html

0 comments:

Post a Comment