May 11, 2015

ඩ්‍රෝන යාත්‍රා පැළ මිලියනයක් රෝපණය කර වනාන්තර රකියි.

ලොව පුරා වනාන්තර විනාශය සහ එහි ප්‍රතිඵල ලෙස ජෛව විවිධත්වය අඩුවීම, පාංශු ඛාදනය හා හරිතාගාර වායු විමෝචනය වැනි විනාශකාරී බලපෑම් වලට කාර්මික වනාන්තර විනාශය හේතු වී තිබේ.
ගසක් සිටුවීම හා වැවීම සඳහා ගසක් කැපීමට වඩා දිගු කාලයක් ගතවේ. එලෙසම  එය සාපේක්ෂව මන්දගාමී හා මිල අධික ක්‍රියාවලියකි. එහෙත් වාසනාවකට මෙන් විසඳුමක් කරලියට පැමිණ ඇත.

Biocarbon (ජෛව කාබනික) ඉංජිනේරු ශිල්පයේ මූලාරම්භයෙකු සහ නාසා ආයතනයේ හිටපු ඉංජිනේරුවරයෙකු වූ ලෝරෙන් ෆ්ලෙචෙර් විසින් ඩ්‍රෝන යාත්‍රා (Drone) මගින් නැවත වන වගා  කිරීමට කරන ලද යෝජනාව මෙම නව විසඳුමයි. නැවත වන වගාව එමගින් ඉතා පහසු කරයි.
ඩ්‍රෝන (Drone) යාත්‍රා විසින් වසරකට ගස් බිලියන 01 ක් සිටුවීමට ඇස්තමේන්තු කර තිබේ. එමගින් මිනිස් ශ්‍රමයෙන් එය කිරීමේ අපහසුතාව සම්පූර්ණයෙන් මඟ හැරේ. එපමණක් නොව නැවත  වන වගාව වඩා වේගවත් හා ලාභදායී ක්‍රියාවලියක්‌  වනු ඇත. මිනිස් ශ්‍රමයෙන් වන වගාව තරම්ම ඵලදායී නොවුනද ඩ්‍රෝන යාත්‍රා යොදා ගැනීමෙන් වියදම් 15% දක්වා පහත බසින බව ලෝරෙන් පවසයි.

ඩ්‍රෝන යාත්‍රා අහසේ සිට විසිකිරීමෙන් පැල වගාව අවිචාරවත් ලෙස සිදු නොකරන අතර ඒ වෙනුවට යාත්‍රා පළමුවෙන් අදාල ප්‍රදේශවල භූවිෂමතා දත්ත, ප්‍රාදේශීය සත්ත්ව වර්ග  පිළිබඳ දත්ත  වැනි තොරතුරු ඉදිරිපත් කිරීමෙන් ගස් පුනස්ථාපනය කිරීමේ ඵලාදායීතාව මනිනු ලැබේ.

එලෙස තොරතුරු අධ්‍යනයෙන් පුනස්ථාපනය අනුමත වීම සහ නව බීජ වලට සහය දැක්වීමට ප්‍රදේශයේ සූදානම් වීමෙන් පසු රෝපණය කිරීමේ වැඩ  පිළිවෙල සකස් කරයි. ඒ අනුව කටයුතු කිරීමට ඩ්‍රෝන යාත්‍රාවලට අවසරය ලැබේ. එවිට  ඩ්‍රෝන විනාඩියකට පැල  10 බැගින් රෝපණය කරයි. රෝපණය කිරීමෙන් පමණක් ඩ්‍රෝන වල කටයුතු අවසාන නොවේ. කාලයක් තිස්සේ පරිසර පද්ධතිය අධීක්ෂණය සහ ශක වර්ධනය විගණනය කරනු ඇත. තවද එමගින් ඩ්‍රෝන යාත්‍රා මෙම කාර්යය සඳහා තවදුරටත් සංවර්ධනය කළ යුතු ද යන්න විමසා බැලේ.
 
සමස්ථ ක්‍රියාවලිය “නිරවද්‍ය රෝපණය” ලෙස නම් කර ඇත. එය පරිසර පද්ධතියේ විශාලතම සුභ සිද්ධිය ඇති කිරීම සඳහා එක් එක් ජෛව විවිධත්වයට ගැලපෙන වගාවන් පිළිබඳව දේශීය සංවිධානය සහ එක්ව කටයුතු කිරීමට ද සැලසුම් කර තිබේ.

උපුටාගැනීම:
Former NASA Engineer plans to plant 1 Billion trees a year using Drones

https://www.youtube.com/watch?v=aTBT9DW6Utw

0 comments:

Post a Comment