April 6, 2018

FB භාවිතය හා Cortisol


නව අධ්‍යයන වාර්තාවකට අනුව Facebook භාවිතයෙන් වැළකීම  ශරීරයේ cortisol මට්ටම පහත වැටීමට හේතු වේ යැයි දැක්වේ. Cortisol හෝමෝනය හා ආතතිය අතර සම්බන්ධතාවයක් පවතියි. Cortisol  මට්ටම ඉහළ අගයක් ගැනීම දීර්ඝකාලීන වශයෙන් සෞඛ්‍ය ගැටළු මතු කරන බව සැළකු විට මෙය ප්‍රයෝජනවත් අධ්‍යනයක් ලෙස සැලකිය හැකිය.

එහෙත් නව අධ්‍යනය මෙහෙය වූ Queensland විශ්ව විද්‍යාලයිය කණ්ඩායම පවසන්නේ එය ඊට වඩා මදක් සංකීර්ණ බවයි. සාමාන්‍යයෙන් දින කිහිපයක් Facebook භාවිතා කිරීමෙන් වැළකීම මගින් cortisol මට්ටම පහත වැටෙන නමුත් භාවිතා කරන්නන්ගේ හැගීම් සැළකු විට ඔවුන්ගේ තෘප්තිමත් බව හීන වි ඇති බව හඳුනාගෙන තිබේ. එහෙත් නැවත FB භාවිතය ආරම්භ කළ විට ඔවුන් නැවත සතුටට පත්වන බව අධ්‍යනයේ කතෘන් විසින් සඳහන් කර ඇත.

කණ්ඩායම් දෙකක FB භාවිතා  කිරීමේ අධ්‍යනයක වාර්තාවක් පර්යේෂක කණ්ඩායම විසින් Social Psychology සගරාවේ පළ කර තිබේ. පිරිමි 51 ක් හා කාන්තාවන් 87 ක් සමන්විත 138 ක කණ්ඩායමක් කාණ්ඩ දෙකකට වෙන් කර පරික්ෂා කර තිබේ. පළමු කණ්ඩායම FB භාවිතය දින 5 කට අත්හැර දැමු අතර අනෙක් කණ්ඩායම සාමාන්‍ය පරිදි FB භාවිතා කරන ලදී. කණ්ඩායමේ සියලු සාමාජිකයන් වයස අවු. 18 – 40 අතර අය විය.

පර්යේෂණ ආරම්භයට පෙර මෙන්ම පර්යේෂණයෙන් පසුව Salvia පරීක්ෂණය ක්‍රියාත්මක කර ශරීරයේ cortisol මට්ටමේ වෙනස් වීම නිරීක්ෂණය කර ඇත. එම අවස්තාවලදීම ඔවුන් තුල ගොඩ නැගුනු ආතතිය සහ ශරීර සුවතාව මිනුම් ගත කර තිබේ.

FB පරිහරණය තාවකාලික නැවතූ අය තුල අඩු cortisol මට්ටමක් මෙන්ම අඩු ජිවිත තෘප්තියක් අත්දකින බව නිරීක්ෂණය වි තිබේ. සාමාන්‍ය පරිදි FB පරිහරණය කාල අය තුල ඔවුන්ගේ සතුට අඩු නොවූ බවද වාර්තා වි ඇත.

අධ්‍යනයේ ප්‍රතිපල අනුව දර්ශ්‍රිය FB පරිශීලකයන් සමාජ දත්ත විශාල ප්‍රමාණයක් කලාතුරකින් ලබා ගන්නා බවත් FB විවේකය ( අඩු වශයෙන් කෙටි කාලයකට හෝ) මගින් මෙම ආතතිය වෙනස් කළ හැකි බවත් පර්යේෂකයෝ පවසති.

අන්තර්ජාලයේ පිලිගත් විද්‍යාත්මක විභව ඇසුරෙන් සකස්කළේ: හර්ෂ ලංකේශ්වර       
http://www.iflscience.com

0 comments:

Post a Comment