April 20, 2018

ගංගා ධාරා සහ උදම් රළ වලින් බලශක්ති උත්පාදනය


ගංගා සහ උදම් රළ වලින් බලශක්ති උත්පාදනය සදහා නව තාක්ෂණය භාවිතා කිරීමට යොමුවි ඇති බව වාර්තා වේ. සමාගම් ගණනාවක් සුළඟ හා සූර්ය ශක්තිය යොදාගනිමින් බලශක්තිය නිපදවීමට යොමුවී ඇති මෙම වකවානුවේ ගංගා ධාරා සහ සමුදුරු ප්‍රවාහ භාවිතයෙන් බලශක්ති උත්පාදනයටද එක් සමාගමක් යුහුසුළු වි තිබේ.

සාගර පුනර්ජනනීය බලශක්ති සමාගමක් වන Ocean Renewable Power Company (ORPC) ලෙස හැඳින්වෙන මෙම සමාගම පිහිටා ඇත්තේ එක්සත් ජනපදයේ Maine ප්‍රාන්තයේය. වොෂින්ටනය නගරයේ මෑතකදී පැවති බලශක්ති සම්මේලනයේ දී ඒ සම්බන්ධ නව තාක්ෂණය මෙම සමාගම විසින් ඉදිරිපත් කර තිබේ.

බලශක්ති ප්‍රභවයන්ට පහසු ප්‍රවේශයක් නොමැති කුඩා ග්‍රාමීය ජනතාවට මෙම තාක්ෂණය නිර්මාණය කළ බව ORPC සමාගමේ සම නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරියා වූ Christopher Sauer (ක්‍රිස්ටෝපර් සෝර්) පවසයි.

ORPC තාක්ෂණය යනු ජලය යට තැබිය හැකි පියවර ගණනාවකින් ක්‍රියාත්මකවන RivGen නම් බලශක්ති උත්පාදකයකි. පළමුව, ජනකය යකඩ කූඩුවක් තුලට (මැදට) දමනු ලැබේ. කූඩුව pontoon (පොන්ටූන්) නමින් හැඳින්වෙන පැතලි අඩියක් සහිත පුළුල් බෝට්ටුවක් ඉහළින් තබනු ලැබේ. උත්පාදකයේ (ජනකයේ) සෑම එක් පැත්තකටම රෝද, හෝ ටර්බයින (Wheels – or, turbines – ) ඈදා ඇත.

pontoon බෝට්ටුව එක් තැනකට සවි කළ පසු එය ජලයෙන් පුරවනු ලැබේ. කුඩුව, pontoonය සහ ජනකය යන සියල්ල ගංගා පතුලේ ගිල්වනු ලැබේ. එවිට ගංගා ධාරාව නිසා සිදුවන රෝද කරකැවීම මගින් කිලෝවොට් 50 ක බලශක්තියක්  නිර්මාණය වේ.

ප්‍රධාන විධායක ක්‍රිස්ටෝපර් සෝර් පවසන පරිදි මෙම උත්පාදක යන්ත්‍රය එතරම් උස නැත. එනිසා එය ඉතා ගැඹුරු නොවන ජල මුලාශ්‍ර ප්‍රදේශ වලද භාවිතා කළ හැකි අතර ගඟේ ජීවත්වන සතුන් සඳහාද ටර්බයිනය ආරක්ෂා සහිත වේ. උපරිම සැමන් මසුන් (salmon) ජනගහනයක් හෙවත් මසුන් දශලක්ෂ 2ක් පමණ පිහිනා ගිය කාලයේදී පවා මෙම උපකරණය මගින් කිසිදු මත්ස්‍යකුට ආපදාවක් සිදු නොවුණු බවද ඔහු ප්‍රකාශ කළේය. තාක්ෂණයෙහි තවත් අංගයක් වන "හරස් ප්‍රවාහ ටර්බයින් (crossflow turbines)" නිසා ගංගා ධාරාව කුමන දිශාවට ගලා ගියද ටර්බයින එක දිශාවකට පමණක් චලනය වේ.

“ටර්බයිනවල හැඩය නිසා සාගරයේ දිය ඇලි වලින්ද බලශක්තිය උත්පාදනය කළ හැකි අතර එවැනි ජනක TidGen ලෙස හැදින්වේ. TidGen කුඩා ගම්මානයකට අවශ්‍ය කිලෝවොට් 600 ක විදුලි බල ශක්තියක් නිපදවිමට සමත්” යැයිද සෝර් පවසයි.
 
මෙලෙස ORPC මගින් නිපදවන බලශක්තියේ වත්මන් මිල කිලෝවොට් පැයකට ශත 50 ක් පමණ වේ. එහෙත් එම මිල ගණන් ස්වාභාවික වායු මගින් නිපදවන බලශක්තිය සමග තරගකාරී නොවේ. කෙසේ වෙතත්, කුඩා ග්‍රාමීය ප්‍රජාවන් ගේ ඩීසල් බලශක්ති සඳහා පැයකට ඩොලර් 1 කට වඩා වැය විය හැකි බැවින් එවැනි අවස්ථාවන්හිදී, ගලා යන ජලයෙන් ශක්තිය ලබා ගැනීම වඩා ලාභදායී විය හැක.

අන්තර්ජාලය ඇසුරෙන් සකස්කළේ: හර්ෂ ලංකේශ්වර

0 comments:

Post a Comment