April 4, 2018

කෘත්‍රිම බුද්ධිය නව වයිරස් වර්ග 6000 ක් හඳුනාගනී.


සම්ප්‍රදායික ක්‍රම වලට වඩා වේගවත් හා සිත්ගන්නා සුළු ලෙස වයිරස් වර්ගීකරණයට හැකියාව ඇති ප්‍රභල යාන්ත්‍රික ඉගෙනුම් අල්ගොරිතමයක් (මෘදුකාංගයක් ) සකස් කිරීමට පර්යේෂකයින් සමත්වී තිබේ. එම ඇල්ගොරිතමයෙන් නිමවූ කෘත්‍රිම බුද්ධිය මගින් නව වයිරස් වර්ග විශාල ප්‍රමාණයක් හඳුනාගැනීමට හැකියාව ලැබී තිබේ. මානව සෞඛ්‍ය සහ කාර්මික යෙදුම් සඳහා මෙම ප්‍රවේශය ඉතා වැදගත් ප්‍රතිපල ලබාදෙන බව Energy’s Joint Genome ආයතනයේ එක්සත් ජනපද දෙපාර්තමේන්තුවේ Simon Roux,  ඔහුගේ කණ්ඩායම විසින් inoviruses පිළිබඳ කරන ලද පර්යේෂණවල වාර්තාව ඉදිරිපත් කරමින් දන්වා සිටි බව “Nature” සගරාව වාර්තා කර ඇත.

inoviruses යනු බැක්ටීරියාවන් ආසාදනය කරන ඉතා ප්‍රයෝජනවත් වයිරස් පවුලක් (virus family) වේ. inoviruses මිනිසාට සෘජුව හානිකර නොවන නමුත් සමහර අවස්ථාවලදී සෞඛ්‍යට තර්ජනයක් වේ. උදාහරණයක් ලෙස කොළරා බැක්ටීරියාව (Vibrio cholera) වඩා විෂ සහිත කිරීමට inoviruses ට හැකියාව තිබේ.

දත්ත තුල ඇති රටාවන් නිරීක්ෂණය කර ඉගෙනීමට හැකිවන පරිදි ක්‍රියාකිරීමට හැකියාව ලබාදෙන ඇල්ගොරිතමයක් යනු යාන්ත්‍රික ඉගෙනුමකි. එවිට යන්ත්‍රය කෘත්‍රිම බුද්ධියක් ලෙස ක්‍රියා කරයි. එනම් මෙම ක්‍රියාවලියේදී ජානමය ද්‍රව්‍යවල විශේෂ රටාවන් හඳුනාගැනීමට යන්ත්‍රය පුහුණු කර පසුව යන්ත්‍රයට (කෘත්‍රිම බුද්ධියට) විභවයක් සහිත inoviruses ස්වායත්තව වර්ගීකරණය කර ඉදිරිපත් කිරීමට හැකි වේ.

Raux ගේ පුහුණු කිරීමේ ප්‍රවේශය දෙයාකාර විය. පළමුව දැනට විද්‍යාව හදුනාගෙන ඇති inoviruses ට අයත් ජාන අනුපිලිවෙල/පරම්පරා 805 ක්  ඇල්ගොරිතමයට ඇතුළු කරන ලදී. ඉන්පසුව මෙම මෘදුකාංගයට වෙනත් වයිරස් හෝ බැක්ටීරියාවලට අයත්  ජාන අනුපිලිවෙල/පරම්පරා 2000 ක තොරතුරුද  සපයන ලදී. මෙහිදී නිවැරිදි ලෙස inoviruses පමණක් තෝරාගැනීමට මෘදුකාංගය සමත් විය.

මෙලෙස පුහුණු කළ මෘදුකාංගය පසුව සුවිශාල ජාන දත්ත ප්‍රමාණයක් විශ්ලේෂණය කිරීමට භාවිතා කරන ලදී. මෘදුකාංගය inoviruses 10,000 කට වඩා සොයා ගෙන ඇත. ඉන්පසුව සොයාගත් inoviruses අදාල විශේෂ සදහා වෙන් කරන ලදී.

මෙම අධ්‍යනයට පෙර Raux විසින් සොයාගන්නා ලද inoviruses විශේෂ 100 කට වඩා අඩුවූ නමුත් නව මෘදුකාංගය (කෘතීම බුද්ධිය) නිසා virus විශේෂ 6000 කට වඩා හඳුනාගැනීමට හැකි වි තිබේ. මෙතරම් විශාල ප්‍රමාණයක විශේෂ තිබීමට නම් inoviridae පවුල සත්‍යවශයෙන්ම බහුවිධි පවුල් විය යුතු බව Raux  පවසයි. තවද මෙම ප්‍රතිපල මානව සෞඛ්‍ය සහ කාර්මික යෙදුම් සඳහා බොහෝ ප්‍රයෝජනවත් වනු ඇත.

අන්තර්ජාලයේ පිළිගත් විද්‍යාත්මක ප්‍රභව ඇසුරෙන් සකස්කළේ : හර්ෂ ලංකේශ්වර

0 comments:

Post a Comment