April 25, 2018

ජපන් ඉංජිනේරුවෙක් නිපදවූ විශාල සිහින රොබෝව.


Mononofu යනු ජනප්‍රිය ජපන් සජිවීකරණ රූපවාහිනී නාට්‍ය වැඩසටහන් මාලාවකි. මිනිසුන් විසින් පාලනය කරනු ලබන විශාල රොබෝ යන්ත්‍රයක සටන් කිරීම් මුලික කොට නිපදවා ඇති Mononofu ජපන් ඉංජිනේරුවරයෙකු වූ  Nagumo (නගුමෝ) ගේ ළමා කාලයේ ප්‍රියතම වැඩ සටහන විය. ළමා කාලයේ සිටම එම විශාල රොබෝ යන්ත්‍රය කෙරෙහි ඔහුට  තිබුණු ආශාව ආදරය නිසා Sakakibara Kikai ආයතනයේ ඉංජිනේරු Nagumo විසින් විශාල දෙපා රොබෝ යන්ත්‍රයක්  නිපදවූ බව වාර්තා වේ.

කෘෂි යන්ත්‍රෝපකරණ නිෂ්පාදනය කරන සමාගමක් වූ Sakakibara Kikai (සකකිබාරා කිකායි) විසින් ගොඩනගන ලද මෙම විශාල දෙපා රොබෝ යන්ත්‍රය LW-Mononofu වේ. එය මීටර 8.5 ක් උස වන අතර පාද දෙකක් සහ මෙට්‍රික් ටොන් 7 කට වඩා බරක් සහිත වේ. රොබෝගේ අත් පා පාලනය කිරීම සදහා මොනිටරයක් සහ අදාල උපකරණ සහිත කුඩා කාමරයක් වැනි නියමු කුටියක් රොබෝ ශරීරය අභ්‍යන්තරයේ සකස් කර තිබේ.
සකකිබරා කිකායි ආයතනයේ ඉංජිනේරුවා වන මසායිකි නාගුමෝ Mononofu යන්ත්‍රය එහි නියමු කුටියේ සිට පාලනය කරයි. 44 හැවිරිදි නාගුමෝ, " Mobile Suit Gundam " වැඩසටහන් මාලාවේ ජනප්‍රියතාවය පිළිබඳව රොයිටර් පුවත් සේවයට අදහස් දක්වමින් ප්‍රකාශ කළේ එහි චිත්‍රපටි, මැන්ගා, වීඩියෝ ක්‍රිඩා සහ තවත් බොහෝ දේ ජනප්‍රිය වූ බවයි. එනිසා තමා නිපදවූ රොබෝවරයාද  ජනප්‍රිය වන බව ඔහු කියා සිටියේය. මෙය හොද ව්‍යාපාරික අවස්ථාවක් බවද ඔහු සදහන් කළේය.

ප්‍රධාන කෘෂිකාර්මික උපකරණ ව්‍යාපාරයට අමතරව සකකිබරා කිකායි ආයතනය රොබෝ යන්ත්‍ර සහ විනෝදාස්වාද උපකරණ නිෂ්පාදනය කරයි. ළමයින්ගේ උපන් දින උත්සව හා අනෙකුත් ක්‍රියාකාරකම් සඳහා පැයකට ඩොලර් 950 ක් බැගින් ගෙවා යන්ත්‍රය ලබා ගත හැකි බව නාගුමෝ පැවසීය. සමාගම විසින් විවිධ ප්‍රමාණයේ රොබෝවරුන් නිෂ්පාදනය කරන අතර ඒවා සමහරක් නම් කුඩා දරුවන්ගේ වෝකර් සයිකල්, MechBoxer නම් බොක්සිං ක්‍රීඩාවේ යෙදෙන යන්ත්‍ර සහ මීටර 3.5ක් උස Landwalker යන්ත්‍ර වේ.

නමුත් Mononofu (මොනෝනිෆු) ඒවා සියල්ලටම වඩා ඉහලින් සිටිමින් වඩාත් සංකීර්ණ චලනයන් සිදු කරයි. එහි ඇඟිලි චලනය කිරීමට මෙන්ම ශරීරයේ ඉහළ කොටස කරකැවිය හැකිය. ශරීරයේ ඉහළ කොටස  හැරවීමට හැකිය. පැයට කිලෝ මීටර් එකකට වඩා අඩු වේගයකින් ගමන් කළද ඉදිරියට හා පසුපසට යෑමට රොබෝ යන්ත්‍රය සමත්ය.තවද එය ඉතා ශක්‌තිමත් වන අතර එහි දකුණු හස්තයේ ඇති bazooka වැනි වායු තුවක්කුව පැයට කිලෝමීටර 140 ක වේගයකින් සැහැල්ලු ද්‍රව්‍ය වලින් නිපදවා ඇති බෝල වැනි උණ්ඩ විදිමටද සමතෙකි.

යමෙකුට ධාවනය කළ හැකි ක්‍රියාකාරී රොබෝ කෙනෙක් ලෙස ලොව ලොකුම රොබෝ යන්ත්‍රය මෙය වේ. නිෂ්පාදනාගාරයේ දොරටුවටද වඩා විශාල බැවින් කර්මාන්තශාලාවෙන් පිටතට රැගෙන යාම සදහා එය කොටස් වලට වෙන් කිරීමට අවශ්‍ය වේ.

අන්තර්ජාලය ඇසුරෙන් සකස්කළේ :හර්ෂ ලංකේශ්වර
https://youtu.be/ZcKdkcZxzHs?t=4

0 comments:

Post a Comment