Bringing you the latest information in the field of Technology and Research

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

April 27, 2018

මුහුණු හඳුනාගැනීමේ නියමු නියැදියක් මගින් අතුරුදහන් වූ දහස් සංඛ්‍යාත ළමයින් සොයා ගැනේ.

දිල්ලි නගර පොලිස් දෙපාර්තමේන්තුව විසින් අත්හදා බැලීමේ ක්‍රමයක් ලෙස මුහුණු හඳුනාගැනීමේ නියමු නියැදියක් හෙවත් FRS නම් පරිගණක මෘදුකාංගයක් භාවිතා කර දින හතරක් තුලදී අතරමං හෝ අතුරුදහන් වූ ළමයින් 3000 ක් පමණ දිල්ලි නගරයෙන් සොයා ගත් බව ඉන්දියානු NDTV ප්‍රවෘත්ති සේවය වාර්තා කරයි. එය නව ප්‍රවේශය නිසා ලද අගය කළ යුතු සේවයකි. බිලියනය 1.3 ක ජනගහනයක් සිටින රටක සෑම වසරකම පාහේ අතුරුදහන්...

April 26, 2018

ත්‍රිමාණ මුද්‍රණ යන්ත්‍රයක් එක් දිනකින් සම්පූර්ණ නිවසක් ඉදිකරයි

සංවර්ධනය වෙමින් පවතින රටවල් සදහා විශේෂයෙන් නිර්මාණය කරන ලද පළමු අනුදත් (බලපත්‍රලාභී) 3D (ත්‍රිමාණ) මුද්‍රිත නිවහනක්  ICON සමාගම සහ New Story නම් ලාභ නොලබන සමාගම විසින් ඉදිකර ඇති බව වාර්තා වේ. එක්සත් ජනපදයේදී  පළමු බලපත්‍ර ලත් ත්‍රිමාණ මුද්‍රිත නිවස සම්පූර්ණ කළ බව පවසන ICON ඇමරිකානු සමාගම එම නිවස නිරිතදිග තාක්ෂණ සම්මේලනය සහ ප්‍රසංගය යේදී වාර්තාකරුවන් හා අමුත්තන්...

April 25, 2018

ජපන් ඉංජිනේරුවෙක් නිපදවූ විශාල සිහින රොබෝව.

Mononofu යනු ජනප්‍රිය ජපන් සජිවීකරණ රූපවාහිනී නාට්‍ය වැඩසටහන් මාලාවකි. මිනිසුන් විසින් පාලනය කරනු ලබන විශාල රොබෝ යන්ත්‍රයක සටන් කිරීම් මුලික කොට නිපදවා ඇති Mononofu ජපන් ඉංජිනේරුවරයෙකු වූ  Nagumo (නගුමෝ) ගේ ළමා කාලයේ ප්‍රියතම වැඩ සටහන විය. ළමා කාලයේ සිටම එම විශාල රොබෝ යන්ත්‍රය කෙරෙහි ඔහුට  තිබුණු ආශාව ආදරය නිසා Sakakibara Kikai ආයතනයේ ඉංජිනේරු Nagumo විසින් විශාල...

බොහෝ වේලාවක් දියයට සිටීමේ හැකියාව ඇත්තෝ

දීර්ඝ කාලයක් පුරා දියයට සිටීමේ  හැකියාවක් ඇති මිනිසුන් ලෙස ගිනිකොන දිග ආසියාවේ ගෝත්‍රික විශේෂයක් (ජන කණ්ඩායමක්) පරිණාමනය වී ඇති බවට තොරතුරු වාර්තා වේ. අග්නිදිග ආසියානු දූපත් වල වසර 1000 කට වැඩි ඉතිහාසයක් ඇති මුහුදු දියෙහි දඩයම් එකතු කරන්නන්ගෙන් සමන්විත ගෝත්‍රිකයන් වූ Bajau Laut වරු (බජාව් ලෝට්) ඔවුන්ගේ සුවිශේෂී නිදහස් කිමිදුම් හැකියාව නිසා ප්‍රසිද්ධියට පත්ව තිබේ....

April 23, 2018

දිවා ආලෝකයෙන් විෂබීජ නාශකයක් බවට පත්වන තුනී ප්ලාස්ටික් පටලය

එබෝලා වයිරසයෙන් ආරක්ෂාවීම සදහා Kinshasa හි කොංගෝ ජාතික සෞඛ්‍ය සේවකයන් තම සහෝදර සෞඛ්‍ය සේවකයන්ට විෂබීජ නාශක ඉසීම පුහුණු වන ආකාරය රුපයෙන් දැක්වේ. පූර්ණ ශරීර ආරක්ෂණ ඇඳුමේ මතුපිට විෂබීජ සහිත නම් එම ඇඳුම ඉවත් කිරීමේ ක්‍රියාවලිය සෞඛ්‍ය සේවකයන්ට රෝග විෂබීජ ආසාදනයවීමේ හැකියාව ඇති ප්‍රධානතම අවස්ථාව වේ. ඒඅනුව ඉබෝලා වෛරස් රෝගයේ වැනි මාරාන්තික ක්ෂුද්‍ර ජීවීන්ගෙන් සෞඛ්‍ය සේවකයන්ව...

April 20, 2018

පුවත් පිළිබඳ තොරතුරු සැපයීමට ෆේස්බුක් මගින් නව මෙවලමක්

ෆේස්බුක් විසින් නව මෙවලමක් නිකුත් කර ඇති අතර එමගින් ෆේස්බුක් පරිශීලකයින්ට පුවත්පත් වාර්තාවන් සහ ප්‍රකාශකයින් ඇගයීමට ලක් කිරීම පහසු වනු ඇත. ෆේස්බුක් හි මෙම නවතම තොරතුරු වාර්තා වෙනස්කම් එක්සත් ජනපදයේ සියලුම පරිශීලකයන් සඳහා පසුගිය අඟහරුවාදා සිට භාවිතා කිරීමේ පහසුකම ලබාදී තිබේ. සමාජයීය ජනමාධ්‍ය සේවාවක් ලෙස ෆේස්බුක් පවසන්නේ මෙම මෙවලමේ අරමුණු කර ඇත්තේ "කියවීමට, විශ්වාස කිරීමට...

දියවැඩියාවට Reflexology

විවිධ රෝග සුව කිරීමට ආදි කාලයේ සිට පැවත එන ස්වභාවික ප්‍රතිකර්ම ක්‍රමයකි.මෙය ඉතා කාර්යක්ෂම ක්‍රමයක් වන අතරreflex points අතේ සහ පාදයේ හදුනා ගත හැකිය. දියවැඩියාව සදහා reflex points ඉතා වැදගත්ය....

ගංගා ධාරා සහ උදම් රළ වලින් බලශක්ති උත්පාදනය

ගංගා සහ උදම් රළ වලින් බලශක්ති උත්පාදනය සදහා නව තාක්ෂණය භාවිතා කිරීමට යොමුවි ඇති බව වාර්තා වේ. සමාගම් ගණනාවක් සුළඟ හා සූර්ය ශක්තිය යොදාගනිමින් බලශක්තිය නිපදවීමට යොමුවී ඇති මෙම වකවානුවේ ගංගා ධාරා සහ සමුදුරු ප්‍රවාහ භාවිතයෙන් බලශක්ති උත්පාදනයටද එක් සමාගමක් යුහුසුළු වි තිබේ. සාගර පුනර්ජනනීය බලශක්ති සමාගමක් වන Ocean Renewable Power Company (ORPC) ලෙස හැඳින්වෙන මෙම සමාගම...