October 11, 2017

භාෂා පරිවර්තක Earbuds

තථ්‍ය කාලීනව භාෂා 40 කට පරිවර්තනය කළ හැකි මෙන්ම ඔබ කැමති භාෂාවෙන් කථා කිරීමට හෝ ඇසීමට හැකි Earbuds (කණට සම්බන්ධ කරන උපකරණයක්) නිපදවීමට Google සමාගම සමත් වී තිබේ. ඔබ නොදන්නා භාෂාවක් ඉගෙනගැනීමකින්  තොරව එම භාෂාවෙන් කතාකිරීමට හා ඇහුම්කන්දීමට හැකිවීම ඔබට විශ්වාෂ කළ හැකිද?

පසුගියදා සැන් ෆ්‍රැන්සිස්කෝ නගරයේදී පැවත් වූ උත්සවයකින් Google සමාගම මෙම Pixel Buds නම් කණට සම්බන්ධ කළ හැකි කුඩා උපකරණය හදුන්වා දෙන ලදී. Pixel Buds ට භාෂා 40 ක් තත්කාලීනව (ඒක්ෂණයෙන්) පරිවර්තනය කළ හැකි අතර ඒ සදහා දැනට ක්‍රියාත්මක වන Google පරිවර්තන තාක්ෂණය යොදා ගැනේ. දකුණු කණට සම්බන්ධ ඉයබඩ් ( මත අත තබා “Help me speak French” යැයි පැවසීමෙන් පසුව ඔබට ප්‍රංශ භාෂාවෙන් අදහස් හුවමාරු කර ගත හැකි වේ. එනම් ඔබ ඉංග්‍රීසි (හෝ අදාල වෙනත් භාෂාවක්) භාෂාවෙන් පවසන දේ ප්‍රංශ භාෂාවෙන් ඔබ හා සංවාදයේ යෙදෙන්නාට එක්ෂණයෙන් ඇසෙන්සේ Pixel Buds මගින් ශබ්ද නගා ප්‍රකාශ වේ. යමෙක් ප්‍රංශ භාෂාවෙන් ප්‍රකාශ කරන කරුණු ඉංග්‍රීසියට පරිවර්තනය වී ඔබ දෙසවනට ඉංග්‍රීසියෙන් ඇසේ. එහෙයින් ඔබ ප්‍රංශ භාෂාව නොදන්නා වුවද ප්‍රංශ භාෂාවෙන් සංවාදයේ දීමට හැකි වේ.

තමා සමග පෞද්ගලික භාෂා පරිවර්තකයකු නිතරම සිටින බව ප්‍රත්‍යක්ෂ කරන Pixel Buds තාක්ෂණය හා අනුරුප තාක්ෂණයක් ලෙස Skype මගින් ආරම්භ කළ Pilot both ද සදහන් කළ හැකිය. එහෙත් Pixel Buds ඉතා වේගවත් මෙන්ම මිලදී ගත හැකි තාක්ෂණයක් ලෙස ඉදිරියෙන් සිටින බව වාර්තාව තවදුරටත් පවසයි.

අන්තර්ජාලයේ පිළිගත් විද්‍යාත්මක ප්‍රභව ඇසුරෙන් සකස්කළේ :හර්ෂ ලංකේශ්වර 

0 comments:

Post a Comment