October 30, 2017

වසර මිලියන ගණනක් ආරක්ෂා වූ සලමන්දරාගේ ආහාරය

 
අදටද සුවිශේෂි ලෙස ආරක්ෂිතව පවතින වසර මිලියන 35 - 40 කට  පෙර විසු සලමන්දරා (කටුසු වර්ගයක්) සත්වයකු උගේ අන්තිම ආහාරවේලද සමග වූ පොසිලයක් ලෙස සොයාගැනීමට විද්‍යාඥයින් සමත් වී තිබේ. Phosphotriton sigei නම් එම වර්ගයේ එකම සත්වයකුට අයත් මෙම පොසිල 1870 වසරේදී ප්‍රථම වරට සොයා ගන්නා ලද නමුත් විස්තරාත්මක අධ්‍යනයකට එය පාත්‍රවුයේ මෑතකදීය. ඒ සදහා මුලිකව කටයුතු කර ඇත්තේ ප්‍රංශයේ සහ ස්විට්සර්ලන්තයේ පාෂාණධාතු පිළිබද විද්‍යාඥයින් (paleontologist) කණ්ඩායමක් බව Peer j සගරාව වාර්තා කර තිබේ.

ප්‍රංශයේ Grenoble හි සින්ක්‍රෝට්‍රෝන කිරණ ස්පුර්ණ (ESRF) පහසුකම භාවිතා කර පොසිලය පිළිබද දීර්ඝ අධ්‍යනයක් මගින් පුදුම සහගත විස්තර අනාවරණය කරගෙන තිබේ. වර්තමානයේ ජිවත්වන fire salamander පරම්පරාවට මෙම පොසිල අයත් වේ. Phosphotriton sigei පොසිල කටුස්සාගේ අමාශයේ මැඩියෙකුගේ අස්ථි තවමත් පවතින බව හඳුනාගෙන ඇත. එහෙත් සලමන්දරා සතුන් බොහෝ විට මැඩියන් ආහාරයට නොගන්නා නිසා මෙම වර්ගයාට පමණක් සීමාවූ ආහාර වේලක්ද එසේනැතිනම්  ආහාර සදහා පැවතී අවසාන සම්පතද යන්න පැහැදිලි නැත.
 
මෙම සත්වයා මියගොස් වසර මිලියන 35 කට පසු සහ පොසිල සොයාගෙන තවත් අවරුදු 140 කට පසුත්  එම පොසිලය පිළිබද පරීක්ෂණ කිරීමට නවීන විද්‍යාව හා තාක්ෂණය සමත් වූ බව පැරිසියේ ස්වභාවික ඉතිහාස කෞතුකාගාරයේ Michel Laurin පවසයි. පෙනහළු, ස්නායු සහ බඩවැල් ඇතුළු මෘදු අභ්‍යන්තර ඉන්ද්‍රියන් උගේ සම සහ අස්ථි තුල හොදින් ආරාක්ෂා වී ඇති බව අධ්‍යනයේදී පැහැදිලි වී තිබේ. බාහිර ශරීරයේ කොටස් වලින් කඳ,තුනටිය හා පස්සගාත පමණක් ආරක්ෂා වී ඇති අතර synchrotron තාක්ෂණය භාවිතය නිසා කැපීම මගින් සිදු කරන විවෘත කිරීම්වලින් තොරව පොසිලයේ අභ්‍යන්තරය අධ්‍යයනය කළ බව පරීක්ෂණ කණ්ඩායම තවදුරටත් ප්‍රකාශ කර තිබේ.

අන්තර්ජාලයේ පිළිගත් විද්‍යාත්මක ප්‍රභව ඇසුරෙන් සකස්කළේ: හර්ෂ ලංකේශ්වර

https://youtu.be/TIkHS6cpRZk?t=99

0 comments:

Post a Comment