October 27, 2017

ස්‌වයං රැකියා සහ ක්ෂුද්‍ර ණය

ස්‌වයං රැකියා යනු තමා අවට ඇති සම්පත් උපයෝගී කරගනිමින් තමා ඇතුලු පවුලේ අයගේ ශ්‍රම දායකත්වයෙන් යම් නිෂ්පාදනයක් සිදු කිරීමයි.

නිෂ්පාදන වැඩිවීම මගින් රටක නිෂ්පාදනය වැඩිවේ. එම නිසා ජාතික සංවර්ධනයට දායකවේ. රටේ ජනගහනය ගත් විට 70% පමණ ස්‌වයං රැකියා සිදු කරන අය වේ. ග්‍රාමීය පරිසරය සලකුවිට විශාල ප්‍රමාණයක්  රැකියා නොමැති අය වේ. එයිනුත්  විශාල ප්‍රමාණයක්  කාන්තාවන්ය. කාන්තාවන්ගේ ප්‍රධාන කාර්ය භාරය දරු පවුල රැකගැනීම, පෝෂණය කිරීම සහ දරුවන් ආරක්ෂා කර ගැනීමය. රටේ ආර්ථිකයේ විශේෂයෙන්ම භාණ්ඩ මිලේ උච්චාවචවනය නිසා පවුලක පියා පමණක් රැකියාවක නිරතවීම මඟින් උපයන වැටුප් ප්‍රමාණවත් නොවේ. එබැවින් මවද යම් කාර්යක් එනම් පවුලේ ආර්ථිකයට යම් දායකත්වයක් ලබාදිය යුතු වේ. ඒ සඳහා ස්‌වයං රැකියා වල නිරතවීම සාමාන්‍යයෙන් සිදු වේ.

ස්‌වයං රැකියා ආරම්භ කිරීමේදී තාක්ෂණය මෙන්ම ඉතාම වැදගත් වන්නේ ප්‍රාග් ධනයයි. කර්මාන්තයක් ආරම්භ කර ක්‍රියාත්මක කිරීම සදහා අවශ්‍යම මූලික මුදල සොයාගැනීම සදහා මොහොමඩ් යුහුස් යෝජනා කර ඇත්තේ ක්ෂුද්‍ර ණය ක්‍රමයයි. කුඩා කර්මාන්ත කරුවන්ට ණය ලබාගැනීමේදී ප්‍රධාන ගැටළුවක් වී ඇත්තේ ඇප ඉදිරිපත් කිරීමයි. ඇප කරුවන් දිළිදු අයට ඇප අත්සන් කිරීමට මැලි කමක් දක්වයි. එම හේතුව නිසා මොහොමඩ් යුහුස් විසින් ක්ෂුද්‍ර ණය සදහා කණ්ඩායම් ඇප ක්‍රමය හඳුන්වා දී ඇත. ඉන්දියාව වැනි රටවල ග්‍රාමීය බොහෝ දෙනා මෙම ක්‍රමය මගින් දියුණු වී ඇත. අකුරක්වත් ඉගෙනීමට පාසල් නොගිය බොහෝ මව්වරුන්ගේ දරුවන් වෛද්‍යවරු ඉංජිනේරුවන් හා නීතීඥයන් කර ඇත්තේ ඔවුන්ගේ කුඩා කර්මාන්තයෙන් උපයගන්නා මුදලින් බව වටහාගත යුතුවේ. එමෙන්ම කුඩා කර්මාන්ත මගින් රටේ නිෂ්පාදනය වැඩිවන අතර ජාතික සංවර්ධනයට වන දායකත්වය ඇති මහත්ය.

එස්.එම්.ටී.කේ. සමරකෝන්,
විද්‍යා හා තාක්ෂණ නිලධාරී,
ගඟවටකෝරළය.

0 comments:

Post a Comment