October 3, 2017

ස්වයංක්‍රීය තිර ඇඟිලි සලකුණු හඳුනාගැනීම

ඔබගේ ඇඟිලි තුඩු සහ ස්පර්ශ තිර එකිනෙකා සම්පූර්ණයෙන් සම්බන්ධවීමට ඉතා කුඩා කාලයක් ගතවේ. වීදුරු තිරය මත ඇඟිලි තැබූ විට එය හඳුනාගැනීම සඳහා සමහර අවස්ථාවලදී තත්පර 30 ක් හෝ ඊට වඩා වැඩි කාලයක් වුවද ගතවේ. එම කාලය තුලදී ඇඟිල්ලේ සම සකස් වෙමින් පවතින බව හඳුනාගෙන තිබේ. මෙය බොහෝ අවස්ථාවලදී ගැටලුකාරී වේ. උදාහරණයක් ලෙස දුරකථන පරිශීලනය ආරම්භයට පිවිසීමේදී වැඩි කාලයක් ගතවීම මෙන්ම තිරයේ දිස්වන තොරතුරු සඳහා ස්පර්ශ ප්‍රතිචාර දැක්වීමේ අපහසුතා සදහන් කළ හැකිය.

 එක්සත් රාජධානියේ Birmingham විශ්ව විද්‍යාලයේ Michael Adams  හා Brygida Dzidek විසින් ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වෙන්නන් සහභාගි කරගනිමින් මේ සම්බන්ධ පර්යේෂණ ක්‍රියාත්මක කර තිබේ. එක් පර්යේෂණයකදී පුද්ගලයන් දෙදෙනෙකුගේ හොඳින් සෝදා වියලා ගත් ඇඟිලි තිරය මත තදකර තබා එහි පීඩනය තවදුරටත් ක්‍රමයෙන් වැඩිකරන ලදී. ඇඟිල්ල තබා තත්පර 2 කට පසු තිරය හා සෘජුව සම්බන්ධ වූ  ඇගිලි සලකුණු ප්‍රමාණය ඉතා සුළුය. ඇගිලි සලකුණු සියල්ල වීදුරු මත දිස්වීමට තත්පර 30 ක පමණ කාලයක් ගතවිය. කාර්යාල වෙලා සටහන් කිරීමකදී එක් ඇගිලි සලකුණක් සදහා තත්පර 30 ක් යනු විශාල කාලයකි. එවිට දිගු පෝලිම්, සාවද්‍ය ලෙස ප්‍රමාද වීම් මගින් ඇගිලි සලකුණු භාවිතය නවතා දැමීමට අනිවාර්යයෙන් සිදුවනු ඇත. 

වියළි අවස්ථාවලදී සමෙහි බාහිර ස්ථරයේ පවතින keratin (කෙරටින්) අනම්‍ය (දැඩි) වේ. එනම් ඇඟිලි තුඩ ස්මාට් ෆෝනයේ තිරය මත තද කිරීමේදී මුල්වරට තිරය සමග සම්බන්ධ වනුයේ ඉහලට ඇති ඇගිලි තුඩු සලකුණු පමණි. තෙතමනය උරා ගැනීම නිසා ඉක්මනින් සමෙහි කෙරටීන වඩා නම්‍යශීලී වී සම්පූර්ණ ඇඟිලි තුඩුව තිරය හා සම්බන්ධ වේ. " පර්යේෂණවල බොහෝ අවස්ථාවලදී ඇඟිලි සළකුණු හඳුනාගැනීමට ගතවන කාලයේ බලපෑම නොසළකා හරිනවා" යැයි. Hull විශ්ව විද්‍යාලයේ Roland Enno පවසයි.

කෙසේවෙතත් මෘදු තිර විදුරුවෙහි ස්වභාවයට ගැලපෙන මායාවන් ලබාදෙන අතිධ්වනික කම්පන භාවිතා කිරීමට නව පරම්පරාවේ දුරකථනවල සැලසුම් දැනටමත් නිම කර තිබේ. එනම් තිරයේ යම් කොටසක් ස්පර්ශ කළ විට ඇතිවන සියුම් කම්පනයේ සංඛ්‍යාත අඩු වැඩි කර දැනගැනීමට හැකි නව ස්මාට් තිර නිපදවා තිබේ.

අන්තර්ජාලයේ පිළිගත් විද්‍යාත්මක ප්‍රභව ඇසුරෙන් සකස් කළේ : හර්ෂ ලංකේශ්වර

https://youtu.be/04DtsCCipGU?t=13

1 comments:

Post a Comment