ඊයම් මිශ්ර දුවිලි නිසා ළමුන්
සැලකිය යුතු පිරිසක් රෝගවලට ගොදුරු වීමේ අවධානමක් ඇති බව පර්යේෂණවලින් තහවුරු වී ඇත. වර්ණ ගැන්වීම සඳහා භාවිතා කරන තීන්ත ඊට හේතු වන බව කියයි. මෙමගින්
මොලයේ සෛලවලට හානි සිදුකර බුද්ධි වර්ධනය ද හීන කරයි. මේවායේ ඇති ඊයම් ශ්වසනය මගින්
ද, ආහාර මගින් ද, ශරීරයට ඇතුළු වේ. ඊයම් මගින් ස්නායු පද්ධතියට බොහෝ හානි සිදු කරයි.
ආහාර ජීර්ණ පද්ධතිය හරහා අවශෝෂණය කර ගන්නා ඊයම් මගින් ජාන වෙනස් වීම් සිදුවන බව තහවුරු
කර ඇත. එනමල් තීන්තවල වැඩිපුර ඊයම් අන්තර්ගත වේ.
මේ සඳහා ගත හැකි විසදුම්:-
v සියලුම තීන්ත
සඳහා අවම අගය වන ලීටරයට මිලි ග්රෑම් 90 දක්වා ඊයම් ප්රමාණය අඩු කිරීම.
v ඒවා සම්මත
අගයන්වල පවතින බවට නිතර පරික්ෂා කිරීම.
v ඊයම් රහිත බව
හෝ ඊයම්වල විෂ සහිත බව දැක්වෙන සටහන් තීන්ත බඳුනේ ලේබලයේ දැක්වීම අනිවාර්ය කිරීම.
v තීන්ත මිලදී
ගැනීමේ දී ඊයම් රහිත ඒවා මිලදී ගැනීම.
v ඊයම් ශරීරගත විය
හැකි කර්මාන්තවල නියැලෙන්නන් සඳහා ආරක්ෂිත ආවරණ අනිවාර්ය කිරීම.
v බිත්තිවලින්
ගැලවෙන තීන්ත නිසි ලෙස ඉවත් කිරීම හා
දූවිලි රැඳෙන ස්ථාන වතුර
දමා පිරිසිදු කිරීම
v කුඩා දරුවන්ගේ
අත්, සෙල්ලම් බඩු පිරිසිදුව තබා ගැනීම.
v මේදය අඩු
කැල්සියම්, යකඩ හා විටමින් C අධීක ආහාර මගින් ඊයම් අවශෝෂණය අඩු කරන බැවින්
සමබල ආහාර වේලක් ගැනීම කල හැකිය.
0 comments:
Post a Comment