November 29, 2016

“නිවාරණ ඖෂධයක් ලෙස විද්‍යාත්මක සාක්‍ෂි නොමැත.” යයි ලේබලයක්

සුපිරි අලෙවිසල්වල අලෙවිකරණ බොහෝ භාණ්ඩ විශේෂයෙන් ආහාර සදහා එහි නිෂ්පාදිත දිනය, කළ ඉකුත්වන දිනය, ප්‍රමාණාත්මක බව, මිල යනාදිය පමණක් නොව සමහර භාණ්ඩවල අන්තර්ගත ද්‍රව්‍යවල රසායනික ප්‍රමාණයන්ද සදහන් ලේබලයක් තිබීම අප රටේද අනිවාර්ය වේ. එලෙසම වට්ටෝරු ගත නොවන ඖෂධ ලෙස අලෙවි කරන හොමියෝපති ඖෂධ අලෙවිකරණයේදී  “රෝග නිවාරණ ඖෂධයක් ලෙස විද්‍යාත්මක සාක්ෂි නොමැත” යන ලේබලය ඇතුලත් කල යුතු බවට ප්‍රතිපත්ති ප්‍රකාශයක් අමෙරිකානු FTC (Federal Trade Commission) ආයතනය විසින් නිකුත් කර තිබෙන බව වාර්තාවේ. එම වාර්තාවේ පහත සඳහන් තොරතුරුද  ඇතුලත් වේ.

යම් රෝගාබාධයකට ප්‍රතිකාර ලෙස එම රෝගයට හේතුවූ රෝගකාරක බීජයේ ඉතාමත් ස්වල්ප වූ කොටසක් යොදාගැනීම 18 වන ශතවර්ෂයේ ප්‍රසිද්ධියට පත්වූ විද්‍යාත්මක නොවන ප්‍රතිකාර ක්‍රමයක් ලෙස හෝමියෝපති ක්‍රමය පිලිගෙන ඇත. ජල අණු බිලියන බිලියන බිලියන 1000 ක් වැනි ප්‍රමාණයකට මෙම රෝගකාරක බීජ අණු 1 ක් සංයෝග කිරීමෙන් විශාල ලෙස තණුක වූ  දියර බෙහෙත් ලෙස හෝ සීනී සමඟ මිශ්‍රණය කර බෙහෙත් පෙති ලෙස මෙම ඖෂධ නිෂ්පාදනය කෙරේ.

හෝමියෝපති ප්‍රතිකාර පිලිබඳ කුමන විශ්වාස තිබුණ ද රෝගාබාධ සුවකිරීම සඳහා එම ප්‍රතිකාරවලට රෝග නිවාරණය කිරීමේ හැකියාව ඇති බවට කිසිදු විද්‍යාත්මක සාක්ෂියක් නොමැත. මෑතකදී කරන පරීක්ෂණවලදී ඒ බව වඩාත් තහවුරු වී තිබේ. එහෙත් බොහෝ අවස්ථාවලදී එම ප්‍රතිකාරවලට වැඩි සැලකිල්ලක් දක්වන අතර සමහර අවස්ථාවලදී විද්‍යාත්මක  ප්‍රතිකාරක ඖෂධ සහිත රෝග සඳහා ද හොමියෝපති ප්‍රතිකාර යොදා ගැනේ.

මෙහි ප්‍රතිපලයක් ලෙස වට්ටෝරුගත  නොවන හෝමියෝපති ඖෂධ අලෙවියේදී හා ප්‍රචාරණයේදී එම ඹෟෂධයට ඇති රෝග නිවාරණ හැකියාව පිලිබඳ විද්‍යාත්මක සාක්ෂියක් නොමැති බවත් වසර 1700 කට පමණ පෙර සිට භාවිතා  වූ හෝමියෝපති න්‍යාය මත පදනම්ව ඒවා නිපදවා ඇති බවත් සඳහන් කිරීමට නියමවී තිබේ. 

කෙසේවෙතත් එමඟින් හොමියෝපති ඖෂධ අලෙවිය හෝ ප්‍රචාරණය තහනම් කර නොමැති නමුත් ඒවා භාවිතය රෝගියා දැනුවත්ව සිදුකිරීම එහි අරමුණ බවද IFL Science අන්තර්ජාල වෙබ් පිටුවේ පළකර ඇති  එම වාර්තාවේ සඳහන් කර තිබේ.

උපුටාගැනීම
iflscience.com

0 comments:

Post a Comment