එල්නිනෝ
ඇතිවෙන්නේ නැගෙනහිර පැසිපික් සාගරයේ මතුපිට උෂ්ණත්වය වැඩි වීමෙනුයි. මෙය අවු. 7 –
8 කට වරක් සිදුවන දෙයකි. සාමාන්‍යයෙන් පැසිපික් සාගරයෙන් නැගෙනහිර පැත්ත සීතලයි.
නමුත් එහි උෂ්ණත්වය අස්වාභාවිකව වැඩි වීම නිසා
මෙම එල්නිනෝ තත්වය වැඩි වේ. ඒ හේතු කොට ගෙන වායුගෝලයේ වෙනස්කම් රැසක් සිදු වෙනවා.
එවිට ලෝකයේම කාලගුණය උඩු යටිකුරු වෙනවා. ලොව පුරා සමහර රටවලට අධික ලෙස වැස්සත් තවත්
සමහර රටවලට අධික ජල හිඟයත්, නියඟයත් ඇති වෙනවා. ඒ අනුව මැලේසියාව, සිංගප්පූරුව,
ඇමෙරිකාවේ සමහර ප්‍රදේශවලට තද වැසි ඇති වේ. කවදාවත් නොවහින මුහුදු කාන්තාර ප්‍රදේශවලට
වැසි ලැබේ. එවිට ඉන්දියාව, පාකිස්ථානය, ලංකාව, බංග්ලාදේශය වැනි රටවලට වැස්ස ඉතා
අඩුවීමට පුළුවන. 1997 දී මෙවැනි එල්නිනෝ බලපෑමක් ලංකාවට පැමිණියේය. මෙය සුළු ලෙස,
මධ්‍යම හෝ තද වශයෙන් ඇතිවීමට පුළුවන. මේ නිසා වායුගෝලයේ සුලං, වාර්ෂාව වැනි දේවල්
ලොකු වෙනසකට භාජනය විය හැකිය. 2015 අවසන් කාලයේ එල්නිනෝ තත්වයක් ඇති වී තිබේ. ඒ
නිසා අප රටේ උෂ්ණත්වය වැඩි වී ගෙන ගියේය. මීට මුහුණ දීමට අප විසින් වාරි මාර්ග හා
පානීය ජල සංරක්ෂණයට ක්‍රියා කිරීම, ජල විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවල ජලය
කෘෂිකර්මාන්තයට ගැනීමට සැලසුම් සකස් කිරීම, ඉදිරි කන්න සඳහා නියඟයට ඔරොත්තු දෙන වී
වර්ග වැපිරීම කල යුතුයි.
කාලගුණ
විපර්යාස නැමැති දරුණු පරිසර උවදුර එන විට මුලින්ම එන්නේ මෙම එල්නිනෝ තත්වයයි. පවතින
එල්නිනෝ තත්වයෙන් පසු හෝ ඒ සමගම අප රටටත්, පොදුවේ ලෝකයටත් දරුණු ස්වභාවික විපත්
ඇතිවීමට පුළුවන.
මෙවැනි දේශගුණික
විපර්යාස පිටු දැකීම සඳහා ශ්‍රි ලංකාව ද පරිසර
හිතකාමි තිරසර සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කල යුතුව ඇත. එහිදී පුනර්ජනනීය
බලශක්ති භාවිතය, තිරසාර පාරිසරික සංචාරක ක්‍රම , පාරම්පරික කෘෂී කාර්මික ක්‍රම,
සූර්ය බලය, සුලං බලය හා රල බල විදුලිය මෙන්ම දැව ඉන්ධන පාවිච්චි කර තිරසාර
සංවර්ධනයට කටයුතු කල යුතුය.
0 comments:
Post a Comment