November 2, 2016

කාමරංගා වල ගුණ

එක්සත් ඡනපදයේ‚ දකුනු ආසියාවේ‚ කැරබියන්හි වැනි රටවල  සෑදෙන මෙම පළතුර‚ ඝර්ම කලාපීය පළතුරක් ලෙස හැදින්වේ.මෙම පළතුර කහ පාටින් හා සීනි රසැති මෙන්ම තිත්ත රසැතිය. ලංකාවේ වියළි දේශගුණය පවතින පහතරට තෙත් කලාපයේ කාමරංගා හොදින් වැඩී ඵල දරයි.ඈත අතීතයේ පටන් කාමරංගා ආහාරයට ගත් බව පත පොත මගින් අපට පැහැදිලි වේ.(එදා හෙල දිව)

හිතකර වාසී

රැධිර පීඩනය යාමනය කරයි.පොටෑසියම් වලින් පොහොසත් මෙම පළතුර කොලෙස්ටරෝල් මට්ටම අඩු කිරීමට දායක වෙයි.වැඩි තන්තු ප්‍රමාණයක් පැවතීම නිසා හෘද රෝග ඇති කරවන කොලෙස්ටරෝල් මට්ටම අඩු කිරීමට දායක වෙයි.විටමින්  සි වලින් පොහොසත් නිසා සිරුරේ ආරක්ෂක පද්ධතිය ශක්තිමත් කරයි.

එසේම මැග්නිසියම් හා වැදගත් ඛනිඡ ලවණ මගින් ඡීර්ණ පද්ධති‍යේ ඡීර්ණය ක්‍රමවත් කිරීමට මෙහි ඇති තන්තු විශාල ලෙස සහය ලබා දෙයි.මළ බද්ධය සදහාද හොද ප්‍රතිකාරකයකි.

ගර්භනී කාන්තාවන්ටද සුදුසුය.මෙහි ඇති ෆෝලික් අම්ලය නිසා කුසේ සිටින දරුවාගේ නිරෝගි තත්වයටද බල පායි.එසේම මව් කිරි නිෂ්පාදනයටද දායක වේ.මෙහි ඇති සීනි ප්‍රමානය අඩු අතර සීනි අවශෝෂණය පාලනය කරයි.සෙම් රෝගයටද මෙම පලතුර ගුණ දායකය.

හෝර්මෝන පද්ධතියේ සමතුලිත බාවයට වැදගත් මෙහෙයක් ඉටු කරන කාමරංගා තයිරොයිඩ් පද්ධතියේ ක්‍රීයාකාරීත්වයට අවශ්‍ය පොස්පෙරස්  සින්ක් සහ  විටමින් සී ලබා දේ.


කෙතරම් හිතකර වාසි තිබුනද මෙම පලතුර අධික ලෙස ආහාරයට ගැනීම අගුණය.විශේෂයෙන් වකුගඩු රෝගීන් සදහා සුදුසු නැත.

බී.ආර් ටි.එම් බස්නායක
රඹුක්කන

0 comments:

Post a Comment