මෙම හයිඩ්‍රජන් දහන එන්ජින් ඔබ අප
දන්නා ඩීසල්,පෙට්‍රල් දහන එන්ජින් හෝ දෙමුහුන් වාහන වල ඇති හයිඩ්‍රජන් ඉන්ධන කෝෂ එන්ජින් වලට
වඩා වෙනස් වේ.(හයිඩ්‍රජන් ඉන්ධන කෝෂ එන්ජින් තුල සිදු වන්නේ දහනයට එහා ගිය විද්‍යුත්
රසායනික අපවර්තනයකි)
ඉතිහාසය...
Francois
Isaac de Rivas විසින් 1806 දී හයිඩ්‍රජන් හා ඔක්සිජන් මිශ්‍රණයකින්
ක්‍රියාත්මක වන ප්‍රථම හයිඩ්‍රජන් අභ්‍යන්තර දහන එන්ජිමක් නිර්මාණය කරන ලදී.පෝල්
ඩයිජස් නැමැත්තා විසින් 1970 දී වැඩිදියුණු කල හයිඩ්‍රජන් අභ්‍යන්තර දහන එන්ජිමක්
සදහා පේටන්ට් බලපත්‍රය ලබා ගන්නා ලදී.මෙය සාමාන්‍ය ගැසොලින් එන්ජිමක් නවීකරණය කොට
සාදන ලද්දකි.
1970 දි පටන් ටෝකියෝ විශ්වවිද්‍යාලය මෙම එන්ජින්
සංවර්ධනය කිරීමෙහි නියුක්තව සිටී.වර්තමානය වන විට හයිඩ්‍රජන් මගින් ධාවනය වන ට්‍රක්රථ
හා බස්රථ නිෂ්පාදනය දක්වා ඔවුන්ගේ ගමන් මග සාර්ථක වී ඇත.මැස්ඩා සමාගම මගින් Wankel නමින් හයිඩ්‍රජන් දහන
එන්ජිමක් නිපදවා ඇත.2005ත් 2007 අතර කාලයේදී බී.එම්.ඩබ්ලිව් සමාගම විසින් BMW Hydrogen 7 නමින්
හැදින්වෙන කාර් රථයක් පරීක්ෂාවට බදුන් කොට ඇත.එහි උපරිම වේගය පැයට කි.මී 301 කි.හයිඩ්‍රජන්
අභ්‍යන්තර දහන එන්ජිමක් සහිත ෆෝක් ලිෆ්ට් යන්ත්‍ර ද මේ වන විට සාර්ථකව අත්හදා බලා
ඇත.ඒ සෘජු ඉන්ධන විදුම් පද්ධතියක් සහිත ඩීසල් එන්ජිමක් පරිවර්තන කටයුතු වලට ලක්
කිරීමෙන් අනතුරුවයි.
අඩු විමෝචන තත්වය.....
හයිඩ්‍රජන් ඔක්සිජන් සමග දහනයේ එකම ඵලය
වන්නේ ජලය පමණි.
නමුත් ඉහළ උෂ්ණත්වයකදී
ඉන්ධන දහනය වීමේදී (භූමිතෙල්,පෙට්‍රල් හෝ ස්වභාවික වායු වැනි ඉන්ධන) නයිට්‍රජන්
ඔක්සයිඩ ද ඇති විය හැක. (NOX-).
මෙම හයිඩ්‍රජන් දහන එන්ජින් වල
විශේෂතා.......
සමාන්‍ය අභ්‍යන්තර දහන එන්ජිමකට වඩා මෙවායේ
පහත විශේෂතා ඇත.
1.වැරගැන්වූ
වෑල්ව ඇත.
2.ශක්තිමත්
පිස්ටන් අත් ඇත.
3.ප්ලැට්නම්
තුඩු නොයෙදූ පුලුගු පේනු.
4.ඉහළ
වෝල්ටීයතාවයකින් යුතු ජ්වලන දගරය
5.ගෑස් සදහා
විශේෂිත ඉන්ධන විදුම් නොසල
6.ඉහල තාපාංකයකින් යුතු ලිහිසි තෙල් මේ සදහා
භාවිතා වේ.
අන්තර්ජාලය ඇසුරිනි.
කේ.ජේ.ඒ.වී
පෙරේරා,
විද්‍යා හා
තාක්ෂණ නිළධාරි,
මීගමුව.
0 comments:
Post a Comment