August 28, 2016

සූර්ය පැනල සවි කල මාර්ගයක ඇවිද යන්නට හැකි වේවිද?

ප්‍රධානතම පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයක් වන සූර්ය ශක්තිය කෙරෙහි වර්තමානයේ කාර්මික හා පර්යේෂණ අංශවල වැඩි අවධානයක් යොමු වී ඇත. ලොව පුරා විවිධ නිෂ්පාදන සහ සොයාගැනීම් මේ ඔස්සේ සිදුවන්නේ තිරසාර ගෝලීය සංවර්ධනයක් උදෙසා එමගින් මහගු පිටුවහලක් සැපයෙන නිසයි.

ලොව පුරා මෙන්ම අපේ රටෙත් දැන්  සුර්ය බලශක්තිය බොහෝසෙයින් භාවිතාවට ගැනෙනවා. බොහෝ විට මෙම solar panel සවිකිරීම සිදුවන්නේ නිවාස වල වහල මතයි. ඒ සුර්යාලෝකය හොදින් පතිත වීම මගින් වැඩි කාර්යක්ෂමතාවයකින් යුක්තව විදුලිය නිපදවීමටයි. නමුත් ප්‍රංශය ඊට වඩා වෙනස්  ස්ථානයක solar panel සවිකිරීමට කටයුතු කෙරේ. ඒ solar panel සවිකරන ලද මාර්ගයක් සැදීමටයි. ඒ අනුව මීළඟ වසර 5 ඇතුලත කිලෝමීටර 1000 දිගින් යුතු මාර්ගයක් සැදීමට බලාපොරොත්තු වෙයි.
මෙම විශේෂිත solar panel සහිත මාර්ගය හදුන්වන්නේ Wattaway ලෙසයි. මෙම සම්පුර්ණ ව්‍යාපෘතිය අවසානයේ මිලියන 5ක ජනයාට විදුලිය ලබාදීමට හැකි බව පැවසේ. එමගින් දැනට විදුලිය නිපදවීමට යොදාගන්නා ගල්අඟුරු, තාපබලාගාර වැනි පරිසරය හිතකාමී නොවන තාක්ෂණයක් බැහැරකිරිමට සැරසෙන අතර  ප්‍රංශ බලධාරීන් පවසන අන්දමට මාර්ගයක රථ වාහන මාගින් ආවරණය වන ප්‍රමාණය 10% පමණ වන නිසා (ඔවුන්ගේ රථවාහන තදබදය අනුව.) මෙය සාර්ථක වනු ඇති බව  විස්වාසය යි.
 මිලිමීටර් 7ක  (7mm)  උසින් යුතු මෙම සුර්ය පැනල රළු මතුපිටකින් යුක්තයි. ඒ රථවාහන ගමන් කිරීමට ඝර්ෂණය ඇතිකිරීම සඳහායි. තවද මෙය වසර 20ක් කාලයක් පුරා මාර්ගයේ සවිකර තැබිය හැකි බව ඔවුන් පවසනවා. මෙම  මාර්ගයේ එක් කිලෝමීටරයක් මගින් නිවාස 5000ක් සඳහා විදුලිය සැපයිය හැකියි. නමුත් මෙය නිවාස වල සවිකරන solar panel තරම් කාර්යක්ෂම නොවනු ඇතිබව බොහෝ දෙනාගේ මතය වුවත් මෙම තාක්ෂණය යොදාගන්නේ සුළු පරිමාණයෙන් නොව මහා පරිමාණයෙන් වන නිසා කාර්යක්ෂමතාව සමස්තයක් ලෙස ඉහල අගයක් ගනු ඇති බව මෙහි සැලසුම් ශිල්පීන් පවසයි.

TECHPEDIA ඇසුරිනි

සැකසුම: ප්‍රිමල්ෂි ධර්මතිලක
             විදාතා සම්පත් මධ්‍යස්ථානය ( කුණ්ඩසාලේ)

0 comments:

Post a Comment