මීතේන් (CH4), කාබන්
ඩයොක්සයිඩ් (CO2) , හයිඩ්‍රජන්
සල්ෆයිඩ් (H2S) වැනි වායු අණු
හා ජල අණු (H2O) වැඩි පීඩනයකදී
හා සාපේක්ෂව අඩු උෂ්ණත්වයක දී මිදීමෙන් ගෑස් හයිඩ්‍රේට් නිපද වේ. මෙහිදී බහුලවම ජල
අණු තුළ මීතේන් වායු අණු සිර වී ස්ථාවර ඝණ දැලිසක් නිර්මාණය වේ. මේ නිසා ඇතැම්විට
ගෑස් හයිඩ්‍රේට්, මීතේන් අයිස් ලෙසද හඳුන්වනු ලබයි.
මීතේන් යනු සරලම හයිඩ්‍රොකාබනයක් වන
අතර, දහනයෙන් ශක්තිය නිපදවා ගත හැකි ස්වභාවික වායූන්ගේ මූලික ප්‍රභවය ද වේ. සාමාන්‍යයෙන්
මිනිස් ක්‍රියාකාරකම් හා රෝමාන්ත සතුන් (Ruminant animals) මගින් විශාල
වශයෙන් වායුගෝලයට මීතේන් නිදහස් වේ. මීට අමතරව සාගර හා තෙත්බිම් මීතේන් නිදහස් වන
අනෙක් ප්‍රභවයන් ය. තවද මීතේන් යනු හරිතාගාර වායුවක් වන අතර, එමගින් වායුගෝලය
උණුසුම් කිරීමේ හැකියාව කාබන්ඩයොක්සයිඩ් (CO2) මෙන් 23
ගුණයකි.
මේනිසා මීතේන්
වායුව ජල අණු තුළ සිරවී නිර්මාණය වන ගෑස් හයිඩ්‍රේට හෙවත් වායු සජලන මගින් පරිසර
පද්ධතියේ ස්ථාවර පැවැත්මට (ගෝලීය කාබන් චක්‍රය කෙරෙහි) මහත් බලපෑමක් ඇති කරයි.
වායු සජලන
වැඩි වශයෙන් සාගර පතුලේ මහද්වීප තීරයේ අවසාදිත බහුල තැන්වල පිහිටා ඇති අතර, මේවා
කෙමෙන් කාන්දු වීමෙන් සාගර පතුල සිසිලනය වීමක් ද සිදු වේ.
රසායනික
සංස්ලේෂක ජීවී කාණ්ඩ විශාල වශයෙන් මෙම සිසිල් පරිසර තුළ ජීවත්වන අතර, ප්‍රමාණයෙන්
මීටර් කිහිපයක් උසට හා කිලෝ මීටර් ගණනක් ඈතට දිවෙන මෙම ක්ෂුද්‍ර ජීවී සංචිත වෙසෙන
ප්‍රදේශ ඉහළ නිෂ්පාදන ධාරිතාවයක් ඇති ස්ථාන වේ. (High
Microbial Productivity) මීට අමතරව ආර්ටික්
කලාපයේ ද වායු සජලන බහුලව පිහිටා ඇත.
සාගර තීරයේ වායු
සජලන ප්‍රමාණය දැනට හදුනාගෙන ඇති ඛනිජ
තෙල් සංචිත ඉක්මවා තැන්පත්ව ඇති බවට ගණනය කෙරේ.
මෙම වායු සජලන,
ගෝලීය කාබන් චක්‍රය කෙරෙහි ඍජුවම බලපෑම් ඇති කරන හෙයින් ගෝලීය දේශගුණික
වෙනස්කම්වලට මෙන්ම වෙරළබඩ අවසාදිත වල ස්ථායිතාවය කෙරෙහි ද වැදගත් වෙයි.
මෙලෙස පිහිටා
ඇති වායු සජලන යම් හෙයකින් එක්වර විනාශ වුව හොත් හරිතාගාර වායූන් විශාල ලෙස නිදහස්
වීමෙන් අනපේක්ෂිත දේශගුණික විපර්යාස ඇති වී භූ ගෝලීය වශයෙන් ඉතා අනර්ථකාරි
තත්වයන් ගොඩ නැගේ.
මෙම වායු සජලන
අනාගත පරිසර හිතකාමී බලශක්ති ප්‍රභවයක් ලෙස භාවිතයට ගත හැකි වනු අතර, දැනට පවතින
ප්‍රායෝගික දුෂ්කරතාවය වනුයේ කැනීම් කටයුතු සඳහා ඉහළ තාක්ෂණයන්
නොමැති වීම හා ආර්ථික දුෂ්කරතාවයන් ය.
0 comments:
Post a Comment