August 10, 2016

වෙළද පොළෙන් ඔබ වෙත එන පොලිතීන් ප්ලාස්ටික් මාරයා

අතීතයේදී අපේ මුතුන්මිත්තන් විසින් කඩෙන් වෙළද පොළෙන් භාණ්ඩ නිවසට රැගෙන ඒම සදහා පන් මල්ල, වේවැල් කූඩය, වැටකේ මළු වැනි දෑ භාවිතා කළහ. නමුත් වර්තමානයේ වෙළද පොළෙන් භාණ්ඩ මිළදී ගැනීමට යාමේදී අතීතයේදී අප වෙළද පොළට රැගෙන ගිය පන් මල්ල අපෙන් ගිලිහි ගොසිනි. ඒ වෙනුවට විවිධ වර්ණ හා හැඩරුවෙන් යුත් පොලිතීන් ප්ලාස්ටීක් ඇසුරැම් අප කරා ලගා වී ඇත. එහි ප්‍ර‍තිඵලයක් වශයෙන්  අප නිවස කරා විවිධ පොලිතීන් ප්ලාස්ටික් ඇසුරැම් ලෙස විශාල ප්‍ර‍මාණයක් රැගෙන එනු ලබයි. මෙලෙස දිනපතා නිවසට රැගෙන එන පොලිතීන් ප්ලාස්ටික්  එකතු කර අනෙකුත් කැලි කසල සමග  ගිනි තැබීම හෝ කැලි කසල රැගෙන යන වාහනයට භාර දීමට පුරුදුව ඇත. එලෙස රැගෙන යන කසල, කුණු බැහැර කරන භූමියකට දමනු ලබයි. මෙලෙස ක්‍ර‍ම දෙකෙන්ම පරිසරයට මුදා හරිනු ලබන කසල ගිනි තැබීම සිදු වේ. මෙම දහනයෙන් ඉතා විෂ සහිත ඩයොක්සීන් වායුව පරිසරයට මුදා හැරේ.
මෙම ඩයොක්සීන් වායුව මේදය ඇති ස්ථාන වලින් ශරීරගත විය හැක. මීට අමතරව පරිසරයට නිකුත්වන ඩයොක්සීන් පොළොව මත තැන්පත් වී ජලයට එකතුවීමක්ද  සිදු වේ.  ඊට අමතරව පොළවේ ඇති  තණකොළ මතද ඩයොක්සීන් තැන්පත් විය හැක. මෙලෙස පරිසරයට මුක්ත වන ඩයොක්සීන් අංශු මිනිසාට ශරීරගත වුවද ඩයොක්සීන් ජලයේ හා මේදයේ  දියවන බැවින් ශරීරයෙන් බැහැර වීමක් සිදු නොවේ.  එම නිසා පිළිකා ඇතුළු විවිධ රෝගාබාධ සෑදීමේ දැඩි අවදානමක් මිනිසාට ඇති වේ.

එබැවින් ඔබ භාවිතා කරන පොළිතීන් ප්ලාස්ටික් හැකි තරම් අවම කිරීමට කටයුතු කරන්න. මෙලෙස භාවිතා කරනු ලබන පොළිතීන් ප්ලාස්ටික් වැඩි වාර ගණනක් භාවිතා කිරීමෙන් පසු ප්‍ර‍තිචක්‍රීකරණයට යොමු කරන්න. අතීතයේදී අපේ මුතුන්මිත්තන් භාවිතා කළ පන් මල්ල, වේවැල් කූඩය, වැටකේ මළු වැනි දෑ ඔබ භාවිතා කිරිමට පුරුදු වන්න. එමෙන්ම මේ පිළිබදව අන්‍යයන්ද දැනුවත් කර මෙම  උවදුරෙන් අන් අයද මුදවා ගැනීමට කටයුතු කරන්න.

(ආර්.වයි.කේ. ගුරුසිංහ ආරච්චි)
විද්‍යා හා තාක්ෂණ නිලධාරී
නාගොඩ.

0 comments:

Post a Comment