July 12, 2016

EGS8p7 චක්‍රාවාටය

අපගේ විශ්වය තරම්ම පැරණි වු නවතම චක්‍රාවාටයක් විද්‍යාඥයින් විසින් සොයාගෙන ඇත. එය දැනට අපට වඩාත්ම දුරකින් පිහිටා ඇති චක්‍රාවාටයද වේ. දැනට පවතින තාරකා විද්‍යා න්‍යායන්ට අනුව එය හදුනා ගැනීමට නොහැකිව තිබුනත් මෙම නව සොයාගැනීමත් සමග විශ්වය පිළිබද ගවේෂණ නව මගකට යොමුව ඇත.

EGS8p7 ලෙස නම් කර ඇති මෙම නව චක්‍රාවාටය වසර බිලියන 13.2 ක් තරම් පැරණි වේ. අපගේ විශ්වයටද වන්නේ වසර බිලියන 13.8 කි.

සාමාන්‍යයෙන් පැරණි චක්‍රාවාට වලට ඇති දුර මනිනු ලබන්නේ Red Shift නම් ක්‍රමය අනුවය. ආලෝකය ඈතට ගමන්කරන විට ආලෝකය තුනීවීමත් සමග රතු පැහැයට හැරෙයි. එම ක්‍රමවේදය අනුව දුර මැනීම Red Shift නම් වේ. නමුත් මෙම ක්‍රමවේදය පැරණිතම චක්‍රාවාට සදහා යොදාගත නොහැක. පැරණි චක්‍රාවාට වලින් නිකුත්වන ආලෝකය විශ්වයේ විකිරණ බලපෑම මත ඉන් ඉවතට ගමන් නොකරයි.

මෙම අළුතින් සොයාගත් චක්‍රාවාටය අසාමාන්‍යය වු දීප්තියකින් යුක්තය. අයනීකරනය වු හයිඩ්‍රජන් නිර්මාණය වී තිබීමත් උණුසුම් තාරකා විශාල සංඛ්‍යාවකින් ගහන වීමත් මෙම අසාමාන්‍යය දීප්තියට හේතුවේයයි පර්යේෂකයින් විශ්වාස කෙරේ. මෙම චක්‍රාවාටය සොයාගැනීමත් සමග අයණීකරණය සම්බන්ධ මෙතෙක් වු පිළිගැනීම් නැවත සලකාබැලීමට සිදුව ඇති අතර නාසා විද්‍යාඥ ඇඩි සිට්‍රින්ට අනුව මෙම පර්යේෂණ විශ්වයේ පරිනාමය සම්බන්ධ බොහෝ කාරණා වලට විසදුම් සපයනු ඇත.

අමිලා ගලප්පත්ති
අක්මීමන

0 comments:

Post a Comment