July 20, 2016

පෘථිවිය උණුසුම්වීම පාලනයට විසදුමක්


බලගතු හරිතාගාර වායුවක් වන කාබන්ඩයොක්සයිඩ් (CO2) පෘථිවිය උණුසුම්වීම වර්ධනයට ප්‍රධාන හේතුවක් වේ.පොසිල් ඉන්ධන දහනයෙන්ද  විශාල ප්‍රමාණයක් CO2 නිපද වේ.එනිසා පෘථිවිය උණුසුම්වීම මගින් සිදුවිය හැකි මහා විනාශය වැලැක්වීමට කාබන්ඩයොක්සයිඩ් (CO2)  නිෂ්පාදනය පාලනය කිරීම සදහා ලෝකය ඉමහත් පරිශ්‍රමයක් දරයි.

CO2 නිෂ්පාදනය පාලනය කිරීම සදහා වූ විවිධාකාර ව්‍යාපෘති අතරට බලාපොරෝත්තු තැබිය  හැකි නව පිලියමක් කලමනාකරණය කර ගැනීමට විද්‍යා පර්යේෂක පිරිසක් සමත් වූ බව පසුගියදා සගරාවක සදහන් විය. එමගින් කාබන්ඩයොක්සයිඩ් වායුව වේගවත්ව ඝනීභවනය කිරීමට හැකි භූගත එන්නත් ක්‍රමයක් සොයා ගත් බව එම පර්යේෂණ කණ්ඩායම් ප්‍රධානි Juerg Matter පවසයි. “පුදුම සහගත ලෙස වසර දෙකකට අඩු කෙටි කාලයකදී එන්නත් කළ CO2 වලින්  95%-98% අතර ප්‍රමාණයක් ඝනී භවනය කිරීමට හැකි බව අපේ ප්‍රතිපල පෙන්වා දෙනවා “යයිද ඔහු පැවසුවේය.

දීර්ඝ කාලින ව්‍යාපෘතියක් වූ මෙම CarbFix නම් ව්‍යාපෘතියේ  කොටසක් ලෙස අයිස්ලන්තයේ බලශක්ති උත්පාදකය මගින් විමෝචණය කරන  CO2 පර්යේෂකයන් විසින් භුමි සන්ස්තානයක (නිර්මාණයක) ට ඉතා ගැඹුරින් එන්නත් කරන ලදී.එවිට ගිනි කදුවල සාමාන්‍යයෙන් දක්නට ලැබෙන බැසොලට් (basalt) නමැති පාෂාණ සමග එම විමෝචක CO2 ප්‍රතික්‍රියාකොට කාබොනේට් (Carbonate) පාෂාණය නිර්මාණය කරන ලදී.  Carbonate යනු හුණුගල් වැනි පාෂාණයකි.මෙලෙස Carbonate සැදුනු පසු CO2 වායුව නැවත පරිසරයට කාන්දුවීමක් සිදු නොවේ.

එපමණක් නොව පර්යේෂකයෝ කිසිසේත් බලාපොරොත්තු නොවූ ලෙස CO2 වායුව  Carbonate පාෂාණ බවට පරිවර්තනය වුයේ ඉතා වේගයෙනි.මෙම පරීක්ෂණයේදී ඔවුන්ගේ සර්ව සුබවාදී බලාපොරොත්තුව වුයේ  CO2 වායුව  Carbonate පාෂාණ බවට පරිවර්තනය වීමට වසර 8 – 12 අතර කාලයක් ගත විය හැකි  බවයි.එහෙත් භූ උෂ්ණත්ව උත්පාදකයක් මගින් ජනිත කළ ටොන් 250 කාබන් සම්පූර්ණයෙන්ම කාබෝනෙට් පාෂාණ බවට පත්වීමට ගත වුයේ වසර දෙකක් පමණී.

මෙම ක්‍රමවේදය මගින් අපට CO2 විශාල ප්‍රමාණයක් පරිසරයට නිදහස් නොකර ආරක්ෂාව සහිතව කුඩා කාලයක් තුලදී කාබෝනෙට් ලෙස ගබඩා කළ හැකි බවත් අනාගතයේදී විශාල ලෙස බැසෝල්ට් ඇති ප්‍රදේශවල බලශක්ති උත්පාදක ස්ථාපනය කළ හැකි බවත් අධ්‍යයනයේ  සම කතෘ Martin Stute පවසයි.කෙසේවෙතත් මෙහිදී CO2 වායුව පමණක් වෙන්කර බැසොල්ට්ටික් පාෂාණ රක්ෂිතවලට නිදහස් කලයුතු අතර මෙම තාක්ෂණ ක්‍රියාවලිය සදහා විශාල වියදමක් දැරිය යුතුය.

සැම වසරකම මිනිසා විසින් ටොන් බිලියන 40 ක කාබන්ඩයොක්සයිඩ් වායුගෝලයට නිදහස් කරයි. එයට සාපේක්ෂකව අධ්‍යයනයේ දී ලබාගත් ප්‍රතිපල කුඩා වුවත් ඊළග අධියරය ලෙස මහා පරිමාණයෙන් CarbFix නම් මෙම ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීම මගින් CO2 මගින් සිදුවන හානිය හා මහා විනාශය වැලැක්වීමට වඩාත් ඵලදායී විසදුමක් ළගා කර ගත හැකිවේ. එවැනි ව්‍යාපෘතියක් ලෙස දැනටමත් ක්‍රියාත්මක Reykjavik Energy’s Hellisheidi භූඋෂ්ණත්ව බලශක්ති උත්පාදකය පිටකරන CO2 ටොන් 50000 ක් පරිසරයට නිදහස්වීම වළක්වා වසරක් තුලදී බැසොල්ට්ටික් පාෂාණ රක්ෂිත තුළ කාබන්ඩයොක්සයිඩ්  ඝනීභවනය කොට Carbonate ලෙස ගබඩා කෙරේ.

උපුටාගැනීම:
Geo-injection system can turn carbon dioxide into stone much faster than anyone thought possible by Mary Beth Griggs

https://www.youtube.com/watch?v=0FUarhDrimw

0 comments:

Post a Comment