July 5, 2016

21 වැනි සියවසයේ ද්‍රව්‍යය - ග්‍රැෆීන් (Graphene)


Figure 1: structural view of Graphene sheet
ග්‍රැෆීන් (Graphene) යනු මිනිරන් ඛනිජයේ එක් සුවිශේෂී  වර්ගයකි. මෙහි ඇති විශේෂ  ගති ලක්ෂණ හේතුවෙන් විශේෂඥයින් මෙය  21 වැනි සියවසයේ ද්‍රව්‍යය’ලෙස නම් කර තිබේ. මෙහි ඇති සුවිශේෂී ගුණාංග ප්‍රමුඛ කොට ගනිමින් විවිධ නව තාක්ෂණික නිෂ්පාදන රැසකට යොදාගන්නා අතරම, එය ඉලෙක්ට්‍රොනික තාක්ෂණයේ සිට  සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නව සොයාගැනීම් දක්වා සියලු අංශ ඔස්සේ  පර්යේෂණ රැසක් ලොව පුරා සිදුකෙරෙමින් පවතී.

නැනෝ තාක්ෂණයේ පෙරළිකාර ද්‍රව්‍යයක් ලෙස දේශීය මෙන්ම විදේශීය පර්යේෂකයන්ගේ අවධානය දිනාගෙන ඇත්තේ පහත සදහන් සුවිශේෂිතා හේතුවෙනි.
  •  කාබන් එක් පරමාණුවක ඝනකමින් යුත් ස්ථර ලෙස පැවතිය හැකි වීම.
  •  එය එකම ඝණකමින් යුත් වානේ පතුරක් හා සංසන්දනය කිරීමේදී  එයට වඩා සිය (100) ගුණයක් ශක්තිමත්ය.
  • ඉතා හොඳින් තාපය හා විදුලිය සන්නයනය  කරයි.
  • සැහැල්ලු බැවින් යුක්තය
  • පෘෂ්ඨික වර්ගඵලය වැඩිය    
ග්‍රැෆීන් (Graphene) යොදාගන්නා නිෂ්පාදනයන් කිහිපයක්...
  • මුද්‍රණ යන්ත්‍ර තීන්ත නිෂ්පාදනයේදී  මිශ්‍ර කළ හැක.
  • ගුවන්විදුලි සංඛ්යාත හඳුනාගැනීමේ පරිපථ සඳහා නම්‍යශීලී  කොටස්වලින් යුත් ඇන්ටනා නිෂ්පාදනය.
  • ඉතා සංවේදී මයික්රෆෝන කිරීමට භාවිතා කළ හැක.
  • නැනෝ තාක්ෂණය යොදා ගනිමින් ඉතා කුඩා විද්‍යුත් පරිපථ නිෂ්පාදනය සදහා
  • මෝටර් රථ, ගුවන් යානා කොටස් සෑදීම සදහා
  • figure 2: Fullerene (Buckyball)
  • නම්‍යශීලී, විනිවිද පෙනෙන ස්මාර්ට් ජංගම දුරකථන ආදී උපාංග සදහා


දේශීය වශයෙන් අපට ග්‍රැෆීන් (Graphene) වැදගත් වන්නේ ඇයි ?

ලෝකයේ ඉහල වටිනාකමකින් යුත් මිනිරන් විශේෂයක් වන vein graphite ශ්‍රී ලංකාවේ මිනිරන් අතර තිබෙන අතර එමගින් ඉහල පිරිසිදු තත්වයෙන් යුත් graphene නිෂ්පාදනය කරගත හැකිය. ඇතැම් එක්සත් ජනපද සමාගම්, යුරෝපා රටවල්, චීනය ජපානය වැනි ඉහල ආර්ථිකයන් හිමි රටවල්  මේ වන විටත් නව තාක්ෂණය නිෂ්පාදන සඳහා graphene භාවිතා කරන අතර, අඩු මුදලකට අපනයනය කරන මිනිරන්වලට අගය එකතු කිරීමෙන් අප රට තුලම නිෂ්පාදනයන් සදහා යොදාගැනීමටත්, අපනයනය සදහාත් අවස්ථාවන්  පවතී.
Figure 3: Graphite











අන්තර්ජාල තොරතුරු හා පර්යේෂණ වාර්තා ඇසුරිනි

සැකසුම: ප්‍රිමල්ෂි ධර්මතිලක
             විදාතා සම්පත් මධ්‍යස්ථානය -  කුණ්ඩසාලේ

0 comments:

Post a Comment