July 12, 2016

විශ්වයේ අදුරු කුහර (Black Holes)

අදුරු කුහර යනු ගුරුත්වාකර්ෂණ බලය හේතුවෙන් ආලෝකය ඉවතට නොයන විශ්වයේ යම් යම් ස්ථානයන්ය. බොහෝවිට තාරකා මියයන විට ගුරුත්වාකර්ෂණය යම් කුඩා අවකාශයකට ගොනු වන නිසා අදරු කුහර ඇතිවේ.
ආලෝකය ඉවතට නොයන බැවින් පියවි ඇසින් අදුරු කුහර නිරීක්ෂණය කළ නොහැක. ඒ සදහා විශේෂිත උපකරණ වලින් සමන්විත දුරේක්ෂ යොදාගනී. ඒ මගින් අදුරු කුහර වලට වඩා ආසන්නව පිහිටා ඇති තාරකා ‍වල විශේෂිත වු හැසිරීම නිරීක්ෂණය කලහැක.

අදුරු කුහර විවිධ ප්‍රමාණයන්ගෙන් වියහැක. කුඩා අදුරු කුහර පරමාණුවක් තරම් වියහැකියයි විද්‍යාඥයෝ විශ්වාස කරති. නමුත් මෙහි ගොනුවීඇති බලය අතිවිශාලය. “ස්ටෙලර්” (Stellar) නම්වු අදුරු කුහර විශේෂය සූර්ය්‍යා මෙන් 20 ගුණයක් පමන වේයයි කියති. එවැනි අදුරු කුහර විශාල ප්‍රමාණයක් පෘතුවිය පිහිටාඇති ක්ෂීර පථය තුලද වෙතැයි විද්‍යාඥයෝ විශ්වාස කරති.

විශාලතම අදුරු කුහර “සුපර්මැසිව්” (Super massive Black Holes) ලෙස හැදින්වේ. ඒවා තාරකා මිලියනයක තරම් විශාලත්වයකින් යුතුය. විද්‍යාඥයින්ගේ නිගමනය අනුව සෑම මන්දාකිණියකම මධ්‍යයේ මෙවැනි අදුරු කුහර පවතී.ක්ෂීර පථය තුල ඇති අදුරු කුහරය “Sagittarius A” ලෙස හැදින්වේ. එය තාරකා මිලියන 4 ක තරම් විශාලත්වයකින් යුක්තය.

විද්‍යාඥයින්ගේ විශ්වාසය අනුව කුඩා අදුරු කුහර විශ්වයේ ආරම්භයත් සමග හට‍ගෙන තිබේ. “ස්ටෙලර්” නම් අදුරු කුහර තාරකා මධ්‍යය බිදවැටීමත් සමග ඇතිවේ. එවිට හට ගන්නා පිපුරුම සුපර්නෝවා තත්වයක් ලෙස සැලකේ.

අදුරු කුහර පියවි ඇසින් නිරීක්ෂණය කළ නොහැකිවුවත් තාරකා වලට හා ඒ ආශ්‍රිත වු වායුන්ට අධික ගුරුත්වය නිසා ඇතිකරන බලපෑම නවීන තාක්ෂණය උපයෝගීකරගෙන නිරීක්ෂණය කළ හැක. අදුරු කුහර ආසන්නයෙන් තාරකා ගමන්කරන විට පියවි ඇසට හසු නොවන අධිබල ආලෝකයක් නිකුත්  කරන අතර අභ්‍යාවකාශයේ ඇති දුරේක්ෂ මගින් ඒවායේ වු විශේෂිත හැසිරීම නිරීක්ෂණය කරයි.

අදුරු කුහර මගින් පෘතුවියේ විනාශය සිදුවේදයන්න බොහෝ දෙනා තුල පවතින ගැටළුවයි.අදුරු කුහර තාරකා හා ග්‍රහවස්තු විනාශ කරමින් විශ්වයේ ගමන් නොකරයි. පෘතුවිය සහිත අපගේ සෞරග්‍රහ මණ්ඩලය ආසන්නයේ කිසිදු අදුරු කුහරයක් පිහිටා නොමැති බැවින් කිසිදිනක අදුරු කුහර මගින් පෘතුවියේ විනාශය සිදුනොවේ. සුර්ය්‍යා හා සමාන ප්‍රමාණයකින් යුතු අදුරු කුහරයක් සුර්ය්‍යා සිටින ස්ථානයේ ඇතිවුවත් පෘතුවිය ඒ තුලට ඇදී නොයයි. එහි සුර්ය්‍යා හා සමාන ගුරුත්වයක් පවතින බැවින් සෞරග්‍රහ මණ්ඩලයේ සූර්ය්‍යා කේන්ද්‍ර කරගත් සියළු ග්‍රහ වස්තු අදුරු කුහරය කක්ෂ ගත කරනු ඇත. එමෙන්ම සූර්ය්‍යා එතරම් විශාල නොවන තාරකාවක් බැවින් කිසිදිනක එහි අදුරු කුහරයක් හට නොනගී.

නාසා ආයතනය මගින් අභ්‍යාවකාශගත දුරේක්ෂ හා චන්ද්‍රිකා මගින් නිරන්තරයෙන් අදුරු කුහර නිරීක්ෂණය කරයි. මෙමගින් විශ්වයේ උපත පිළිබද බොහෝ ප්‍රශ්ණ වලට විසදුම් සොයාගතහැකිවනු ඇත.

අමිලා ගලප්පත්ති
අක්මීමන

0 comments:

Post a Comment