March 24, 2016

වානේ පමණක් නොව ප්ලාස්ටික් භාණ්ඩද වෑල්ඩින් කළ හැකිය.

ප්ලාස්ටික් නිෂ්පාදන බිදුණු විට ඒවා එක් කිරීම (ඇලවීම ) සඳහා ගම් වර්ග යොදා ගැනීමට සිදුවේ. එනම් පිරිමුදනය සඳහා යොදාගත හැකි එකම ද්‍රව්‍ය ගම් වේ. මෙලෙස සමහර ප්ලාස්ටික් භාණ්ඩ ගම් මගින් අළුත්වැඩියා කළ හැකි නමුත් උණුසුමට සහ ආතතිය (බර) සඳහා ගම් ඔරොත්තු නොදේ. එනිසා පලුදු වූ බොහෝ ප්ලාස්වික් භාණ්ඩ විසිකර දැමීමට සිදුවේ. නවතම සොයා ගැනීමක් වන Bondic Pro මෙම ගැටළුවට බලාපොරොත්තු සහගත විසදුමක් ලබාදී තිබේ. ඉලෙක්ට්‍රොනික භාණ්ඩ වල ඊයම් මගින් කරන පෑස්සුම් ආකාරයට බවුතයක් වැනි Bondic Pro ආධාරයෙන් පෑස්සිම සිදුකෙරේ. Bondic Pro මඟින් ප්ලාස්ටික් දියර ස්ථරයක් බිඳුණු ස්ථාන සේ තවරනු ලැබේ.උණුසුම් දියරමය ප්ලාස්ටික් ස්ථරය ක්ෂණිකව ඝනීභවනය වේ. මෙනිසා Bondic Pro මගින්  ඉතා තද ඇලවීමක් කල හැකිය. දියර ප්ලාසිටික් මඟින් ඇලවිම නිසා බන්ධනය ඉහළ උෂ්ණත්වයට  සහ ආතතියට ඔරොත්තු දේ. ජලය සඳහා කාන්දු වීමකින් තොරව ඔරොත්තු දිමේ හැකියාවද ලැබේ. මෙලෙස ප්ලාස්ටික් පෑස්සීමට හැකි Bondic Pro උපකරණය දැන් Pop Science Shop මඟින් විකිණීම සිදු කරයි.

Bondic Pro සඳහා අවශ්‍ය දියර ප්ලාස්ටික් කාට්‍රිජයක් තුල ඇති අතර මි.මි. 1 - 1.5 ඝනකම ස්ථර යොදා ඇතිරීම සිදු කරයි. භාණ්ඩය මුල් තත්වයට පත්වන ලෙසට ඇලවූ බවට සහතික වූ පසු Bondic Pro හි පාරජම්බුල කිරණ සහිත ලෙඩ් බල්බය මඟින් වියළීම සිදුකළ හැක. එනම් තප්පර 4 ක් වැනි කාලයකදී ඇලවූ දියර ප්ලාස්ටික් ඝණීභවනය වේ. ඉන්පසු අළුත්වැඩියා කළ ප්ලාස්ටික් භාණඩය බිදීයාමට පෙර තිබූ ලෙසම නැවත පෙනුමෙන් හා  ක්‍රියාවෙන්  භාවිතයට ගත හැකි වේ. අවශ්‍ය නම් පෑස්සු ප්ලාස්ටික් කොටස් මැදීම සහ ඔප්නංවාලීම වුවද කළ හැකිය.
 
  උෂ්ණත්වයට සහ ජලයට ඔරොත්තු දිය හැකි  බන්ධන නිසා Bondic Pro. විදුලි රැහැන් සිට සාමාන්‍ය කෝප්පය දක්වා සියලු බිදුනු ප්ලාස්ටික් භාණ්ඩ අළුත්වැඩියාවට යොදගත හැකිවීම සුවිශේෂි වේ. ප්‍රමාණයෙන් කුඩා වූ Bondic Pro ස්වයං බලශක්තියෙන් ක්‍රියාකරයි.

උපුටාගැනීම:-
Bondic Pro is the world’s first liquid plastic welder by Stark Commerce

https://www.youtube.com/watch?v=xTsfwL61CR8

1 comments:

2015 නෙලුම්යය බ්ලොග් සම්මාන උළෙලේ ගෘහස්ත කාරනා අංශය යටතේ ඔබේ බ්ලොග් අඩවිය නිර්දේශ වී ඇත. නිර්දේශිත නම් තුනක් පමණක් ඇති අතර ස්ථාන 3ක් සඳහා ජයග්‍රාහකයින් තොරණ හෙයින් ඔබ නියත ජයග්‍රහයෙකු වනු ඇත, සම්මාන ලබා ගැනීම සඳහා එම අවස්ථාවට ඔබ හෝ ඔබේ නියෝජිතයෙකු සහභාගී වන්නේදැයි සනාථ කරන්න වැඩි විස්තර පහත ලිපියෙන්
http://kalahitha.blogspot.com/2016/03/2015-you-are-named.html

Post a Comment