March 15, 2016

ලුණු මගින් නිව‍සේදි අපට ලබාගතහැකි විවිධ වු ප්‍රයෝජන පිළිබදව ඔබ දැනුවත්ද?

සෑම නිවසකම මුළුතැන්ගෙයෙහි අනිවාර්යය අංගයක් වන ලුණු වල විද්‍යාත්මක නාමය වනුයේ සෝඩියමි ක්ලෝරයිඩිය.මෙමගින් අපහට ලබාගතහැකි විවිධවු ප්‍රයෝජන අතුරින්කිහිපයක් නමි.
 * කෝප්පවල හා බදුන්වල පවතින ‍තේ ‍හෝ ‍කෝපි පැල්ලමි මත ලුණු ඇතිල්ලී‍මෙන් ඒවා ඉවත්කර ගත හැකිය.

* සීතල මදක් ලුණු සහිත ජලයට ඇපල්, ‍පෙයාර්ස් සහ අල කපාදැමුවිට එම කැබලි දුඹුරු පැහැගැන්වීම වලකි.

* ‍ඉස්ත්‍රික්කයක පතු‍ලේ බැදී ඇති පැල්ලමි ඉවත්කිරීම සදහා කඩදාසියක් මතට ලුණු ස්වල්පයක් ඉස , ඒ මතින් මද උණුසුම්  ඉස්ත්‍රික්කය ‍සෙමින් ‍ගෙන යා‍මෙන් එම පැල්ලම් ඉවත්කර ගැනී‍මේ හැකියාව ඇත.

* නිවිති ලුණු සහිත ජල‍යේ ‍සේදී‍මෙන් නැවත නැවත ‍සේදීම අවශ්‍ය වන් නේ නැත.

*කෝපි පානය කරනවිට ලුණු ස්වල්පයක් එකතුකිරී‍මෙන් එහි රසය වැඩිවන අතර තිත්ත රසයද දුරුවි      යයි. 

*බිත්තර තමිබන වතුරට ලුණු ස්වල්පයක් එකතුකිරී‍මෙන් බිත්තර කටුව පහසු‍වෙන් ඉවත් කළ හැකිය.

* තවද වතුර ‍කෝප්පයකට ලුණු ‍තේ හැදි ‍දෙකක් දමා දියකර බිත්තරයක් එහි ගිල්වු ව්ට අළුත් බිත්තරයක් නමි එහි ගි‍ලෙන අතර පරණ බිත්තරයක් නම් දිය මත පා‍වේ.

*තෙල් සහිත සාස්පානක් මත ලුණු ස්වල්පයක් දමා කඩදාසියකින්  පිසදැමී‍මෙන් ඉක්මනින් පිරිසිදු කරගත හැක.

*එළවළු ‍මෙන්ම පළතුරු කැපීම සදහා භාවිතාකරන ලෑල්ල සබන් සහ ජලය ‍යොදා පිරිසිදු කල පසු ‍තෙත ‍රෙද්දක් ලුණු වතු‍රේ ‍පොඟවා එම ලැල්ල නැවත පිසදැමු ව්ට එම ලැල්ලට දීප්තිමත් බවක් ‍ගෙන ‍දේ.

*ලුණු දැමු කඩදාසි බෑගයකට කෘත්‍රිම මල් දමා ‍හොදින් ‍සොලවන්න.එව්ට මල්වල ති‍බෙන දුව්ලි ආදිය ඉවත්වී මල්වලට අළුත් බවක් ලැ‍බේ.

* සමාණ ප්‍ර‍මාණවලින් ලුණු, පිටි, හා විනාකිරි එකතුකර සාදාගත් මිශ්‍ර‍ණය , කළුපැහැ ගැන්වී ඇති පිත්තල සහ තඹ භාජන වල ගල්වා සිනිදු රෙදි කැබැල්ලක් ආධාරයෙන් හොදින් පිස දමා සබන් මිශ්‍ර‍උණු ජලයෙන් සේදීමෙන් දීප්තිමත්බව නැවත ලබාගත හැකිය.  


උපුටාගැනීම -www.saltworks.us/salt-info/salt-uses
                       http://www.rd.com/home/cleaning-organizing/over-60-ways-to-use-salt/
කේ.එච්.එම්.එම්.එම්.ඡයවර්ධන
විද්‍යා හා තාක්ෂණ නිලධාරි

0 comments:

Post a Comment