March 2, 2016

තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ (silicon valley) පස මිතුරු යෝධයන් නීතිය නිසා එක්වේ.

සමාගම් එකිනෙක හා තරඟ කිරීමේදී නිතරම සාධාරණ ක්‍රම අනුගමනය කරන බවට ප්‍රසිද්ධියක් නොඋසුලයි. මෙය තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ යෝධ සමාගම් වලටද පොදු ක්‍රියාවලියකි. පුද්ගල පරිඝණක නිෂ්පාදනය සඳහා Apple සහ Google සමාගම් ප්‍රධාන තරග කරුවන් වේ. මේ දිනවල smartphone නිෂ්පාදනයේදීද එම සමාගම් දෙක සුවිශාල තරඟකය යෙදේ. Google හා Microsoft සමාගම් ව්‍යාපාරික මෘදුකාංග නිෂ්පාදනයේ ප්‍රධාන තරඟ කරුවන් වන අතර Apple හා Amazon සමාගම් උපකරණ හා මාධ්‍ය නිෂ්පාදනයේ ඉදිරියෙන් තරඟ වදින බවද ලිපියේ සදහන් වේ. එහි සඳහන් වන පරිදි වෙනත් වෙළද පොල සමග Cloud hosting හිදී Microsoft හා Amazon තරඟ වැදී සිටින බවත් සමාජ මාධ්‍ය භාවිතා කරුවන්ගේ ක්ෂේත්‍රයේ දී Facebook හා Twitter ද වැඩිපුර ජංගම අන්තර්ජාල පහසුකම් ඇතිකිරීමට Facebook හා Google ද තරගකාරීව උත්සාහ කරන බව වාර්ථා වේ.

මෙවැනි යෝධ සමාගම් 6 ක් එකග විය හැකි අවස්ථාවන් ( පොදු කටයුත්තක් ) ඔවුනොවුන් විසින් හෝ බාහිර පාර්ශවයක් විසින් නිර්මාණය කළ හැකි යැයි සාමාන්‍යයෙන් අපේක්ෂා කළ නොහැකිය. එහෙත් ඇමරිකා එක්සත් ජනපදයේ FBI (Federal bureau of Investigation) ආයතනය නිසා එවැන්නක් සිදුවීම ආරම්භ වී තිබේ. එනම් Apple සමාගමේ ක්‍රියාව (මෝසම) සමගින් එකතු වීමට Microsoft ,Google, Facebook, Amazon සහ  Twitter සමාගම් සියල්ල සූදානම් බව පැහැදිලි වී ඇත.

වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයන් කිරීම සම්බන්ධ සැකකරු වූ San Berdino ට අදාල ඔහු විසින් භාවිතා කළ iPhone  හි ආරක්ෂක ක්‍රියාවලිය සම්බන්ධ නඩු විභාගයේදී මෙය සිදුවිය. එම  iPhone යේ   අඩංගු තොරතුරු ලබා ගැනීමට එහිම ඇති ආරක්ෂක ක්‍රියාවලිය (SECURITY features ) නිසා නොහැකි බව FBI ආයතනය අධිකරණයට පැමිණිලි කර ඇත. මෙම ආරක්ෂක ක්‍රියාවලියේ ( iPhone වල) නිර්මාතෘ හා අයිතිකරු වන Apple සමාගම ඒ සඳහා FBI ආයතනයට සහය විය නොහැකි බව දන්වන ලදුව මෙම නඩුව පැන නැගී තිබේ. 

මෙලෙස එක් පුද්ගලයකුගේ හෝ  ආරක්ෂක ක්‍රියාවලිය ඉවත් කිරීම හෝ හැක් කිරීමට කටයුතු කිරීමෙන් පාරිභෝගිකයන්ගේ පෞද්ගලිකත්වයට හානි පැමිණෙන බැවින් එසේ කළ නොහැකි යැයි Apple ගේ  මතය විය. අවසානයේදී අධිකරණය Apple සමාගමට නියෝග කලේ FBI ඉල්ලීම අනුව අදාල iphone හි ආරක්ෂක ක්‍රියාවලිය ඉවත් කර එහි තොරතුරු ලබාගැනීම සඳහා FBI ආයතනයට සහය වන ලෙසයි. 

මෙම අධිකරණ නියෝගයට එරෙහිව Apple සමාගම විසින් මෝසමක්  ඉදිරිපත්කර තිබේ. Apple සමාගමේ මෝසම සඳහා සහය වීමට Google, Microsoft, Facebook, Amazon සහ  Twitter යන අනෙක් යෝධ සමාගම්ද එකඟවී තිබේ. මේ අනුව මෙතෙක් එකිනෙකා  හා පස මිතුරුව තරඟයේ යෙදුණු මෙම සමාගම් 6 මුල් අධිකරණ නියෝගය නිසා එකතු වි එය වෙනස්කර ගැනීමට ඇමරිකා එක්සත් ජනපදයේ FBI රාජ්‍ය ආයතනය  සමඟ නඩු මගට බැස තිබේ.

උපුටා ගැනීම :-
The FBI has succeeded in uniting Silicon valley

https://www.youtube.com/watch?v=mG10lPMWYgc

0 comments:

Post a Comment